Author: LANKA24X7

පක්ෂයට නඩු දාපු කෙනෙකුට නායකත්වය විවේචනය කරන අයකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කරයි. සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන හෝ එවැනි අදහසක් හෝ නොතිබූ අවස්ථාවක ඔහු වෙබ් අඩවියක පළවූ අසත්‍ය ප්‍රවෘත්තියක් පදනම් කරගෙන පක්ෂයට විරුද්ධව නඩු දැමූ බවද සඳහන් කළේය. පක්ෂයේ නායකයා කිසිම දවසක ඔහුට කතා නොදෙන ලෙස නොපැවැසූ බවද පක්ෂයට නඩු දාපු කෙනෙකු විදියට ඔහුට කාලය වෙන් කිරීම සුදුසු නැති බව තමාට අවබෝධ වීම නිසා එවැනි තීරණයක් ගත් බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය. කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත්…

Read More

ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදී රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති ඉදිරියේදීම දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ. ආණ්ඩුවේ අලුත් සන්ධානයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැමිණිය යුතු නමුත් රාජපක්ෂවරුන් පැත්තකින් සිටිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී පවසා ඇතැයි දැනගන්නට ඇත. රාජපක්ෂවරුන් නායකත්වය නොදරන පොහොට්ටු පක්ෂයේ සහභාගිත්වය ඇති පුළුල් සන්ධානයකට ඉඩ දෙන ලෙසට ඉල්ලීමක් සන්ධානය සමග එක්වීමට අපේක්ෂා කරන අනෙකුත් පාර්ශවයන්ගෙන් ඉදිරිපත්ව ඇතැයි ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත. බැසිල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී ආවේගශීලීව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට පිළිතුරු දී ඇතැයි පැවසේ.. රාජපක්ෂවරුන් පාලනය කිරීමට තමා…

Read More

පාස්කු ප්‍රහාරයෙන් පසුව ලැබුණු මුදල් වියදම් වූ ආකාරය පිළිබඳ සියලු සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, අදාළ මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බවය. “සිරිසේන හිටපු ජනාධිපති තුමා කියපු කතාව සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගතයි. වැරදියි. එතුමාට යුතුකමක් තියෙනවා එහෙම දෙයක් කියන්න කලින් අදාළ පාර්ශවයෙන් අහලා බලන්න මොකද්ද වුණේ කියලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ, ජාත්‍යන්තර වශයෙන් සහ ශ්‍රී ලංකාවෙනුත් උදව් ඉල්ලුවා මේ ජනතාවගේ අවශ්‍යතා බලාගන්න. මේ ජනතාවගේ විවිධ අවශ්‍යතා තිබුණා. ඒ අයට වෛද්‍ය ප්‍රතිකාර, විශේෂඥ ප්‍රතිකාර ලබාගැනීම සඳහා පෞද්ගලික ආරෝග්‍යශාලාවලට යවලා ඒවාවල වියදම් දැරීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ…

Read More

කඩුගන්නාව සහ පිළිමතලාව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී ඊයේ (21) පස්වරුවේ දුම්රියක ගැටීමෙන් තරුණයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් මියගොස් ඇත්තේ 19 හැවිරිදි කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇති අතර කඩුගන්නාව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර ඊයේ දහවල් නාඋල ඇලහැර මොරගහකන්ද මාර්ගයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් පැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරු‍වෙකු තුවාල ලබා කෝන්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇති බවය. එහිදී බරපතළ…

Read More

බේරුවල ධීවර වරායේ සිට මුහුදු ගොස් සිටිය දී බහුදින ධීවර යාත්‍රාවක සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර තොරතුරු වාර්තා කර තිබේ. මෙම බහුදින ධීවර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ පසු ගිය 9 වනදා දහවල් කාලයේදීය. එහි සිටි එක් ධීවරයෙකු විසින් තවත් ධීවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සෙසු පිරිසට ද පහර දී ඇති බවට යාත්‍රාවේ ස්කීපර්වරයා කළ දැනුම් දීමක් මත හිමිකරු විසින් පසුගිය 20 වනදා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව බේරුවල පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ යාත්‍රාව ඊයේ (21) බේරුවල වරායට පැමිණ ඇති අතර එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාගොඩ රෝහලේ ප්‍රතිකාර…

Read More

පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රුපියල් ලක්ෂ 780 ක් වටිනා රේන්ජ් රෝවර් මෝටර් රථය සහ කොළඹ වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයෙන් කෝටි 15 කට ආසන්න මුදලකට මිලට ගත් නිවෙස පිළිබදව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍ය ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් එම වත්කම් මිලට ගත් බවටය. ඒ අනුව ඇයගේ රූපලාවන්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. මියුමි හංසමාලි වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයේ 20 වැනි තට්ටුවේ පිහිටි නිවෙසක් මිලදි ගෙන තිබූ අතර පසුව එම නිවස…

Read More

යළිත් වරක් වරදින්නේ නැති පොදු ජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සියලු දෙනා එකමුතු වී කටයුතු කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දෙහිඅත්තකන්ඩියේදී පැවසිය විවිධ පක්ෂ යටතේ ආණ්ඩු සෑදීමට සාමාන්‍ය ජනතාව ඡන්දය භාවිතා කළද බලයට පත් වූවන් තමන්ට ඡන්දය දුන් එම ජනතාව අමතක කළ බව පැවසූ දිසානායක මහතා ඔවුන් කටයුතු කළේ ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කිරීම සඳහා යයිද කිය එම නිසා මෙවර මෙතෙක් කල් කළ දේ නොකර නිවැරදි දේ වල් කිරීම සඳහා ජනතාවට කාලය එළැඹ ඇතැයිද ඔහු පැවසීය ජාතික ජන බලවේගය නායකයා මේ අදහස් පල කළේ දෙහිඅත්තකන්ඩියේ පැවති ගොවි ජනරැළිය අමතමි.

Read More

ඉන්දියාව වැනි අසල්වැසි රටවල කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇතැයි ඩේලි මිරර් පුවත්පතට වාර්තා විය. පක්ෂීන්ට ප්‍රධාන වශයෙන් බලපාන ඉන්ෆ්ලුවෙන්සා වයිරසය හේතුවෙන් කුරුළු උණ බෝවන අතර එම වෛරසය අනෙක් සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය වේ. ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රභේද සහ උප ප්‍රභේද කීපයකි. මෑතකදී ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය ආසාදනය වූ දරුවකු වාර්තා වූ අතර එම දරුවා 2019 වසරෙන් පසුව ඉන්ෆ්ලුවෙන්සා ඒ (එච්.9.එන්.2) වෛරසය අසාදනය දෙවැනි රෝගියා විය. මෙතෙක් වාර්තා වූ සියලුම කුරුළු උණ රෝගීන්ට සතුන් හේතුවෙන් එම රෝගය ආසාදනය වී ඇති අතර මෙතෙක් කුරුළු උණ මිනිසුන්ගෙන්…

Read More

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බව හංවැල්ල පොලිසිය පවසයි මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමු වීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාල දැරිය බලහත්කාරයෙන් යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුලට ගෙන ගොස් ඊයේ (21) සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බව එම දැරිය විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය කියයි. මෙම අතවරයට ලක් වූ දැරිය කොස්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවත් පොසොන්…

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙන් වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් කාදිනල් හිමියන්ට ලැබුණු ආධාර රුපියල් මිලියන 500 ක් පමණ මේ වන විට ඔවුන් වෙනුවෙන් වියදමිකර ඇතැයි කොළඹ අගරද ගුරු පදවි ජන සංවේදන අධ්‍යක්ෂක ජූඩ් කිෂාන්ත පියතුමෝ පැවසූහ උන්වහන්සේ මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය (20) දිනයේ කාදිනල් හිමියන්ට පාස්කු ප්‍රහාරයට අදාළව නැගූ චෝදනාවකට පිළිතුරු වශයෙනි තවදුරටත් අදහස් දැක්වූ ජන සන්නිවේදන අධ්‍යක්ෂක පියතුමා කියා සිටියේ මේ වන විට දේශපාලන වශයෙන් මෛත්‍රී පාල සිරිසේන මහතා ඉතාමත් බංකොලොත් භාවයකට පත්වි ඇති පුද්ගලයෙක් බැවින් ඒ තත්ත්වය වසා ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරන බවය මෙම මාධ්‍ය හමුවේ ඊයේ ( 21) කොළඹ අග රද…

Read More