Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරක බලහත්කාරයෙන් රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු , එයින් බේරා ගෙන කටුනායක ගුවන් තොටුපොළට රැගෙනවිත් තිබුණි . ඔවුන් ඔවුන් එම කදවුරෙන් මුදා ගෙන තායිලන්තය වෙත රැගෙන විත් , එරට බැංකොක් නුවර ගුවන් තොටුපොළේ සිට ඊයේ (16) පස්වරු 04.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . මේ සදහා මුල් වී ක්‍රියා කළ මාළිගාවිළ අස්සජි හිමියන් ද මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
නව කතානායක ධුරය සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය. අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා කළ අතර සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා එම යෝජනාව ස්ථිර කළේය. කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා නොකෙරිණි.
ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ මැඩිසන් නුවර ක්‍රිස්තියානි පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පස්සෙනා අතර පොඩි දරුවන් සිටින බව පැවැසෙයි. තුවාල ලැබූ තවත් දරුවන් පස් දෙනකු රෝහල්ගත කළ බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. වෙඩි තැබීම සිදු කළ තැනැත්තා ද ජීවිතක්ෂයට පත් වුණු බව මෙඩිසන් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වෙඩි තැබීම කළ තැනැත්තා බාලවයස්කාරයකු බවත් ඔහු ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බවත් පොලිසිය පවසයි. වෙඩි තැබීම වාර්තා වී පොලිසිය පාසලට වහා පැමිණෙද්දී, වෙඩි තැබීම කළ තැනැත්තා මියගොස් සිටි බව පොලිස් වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වෙඩි…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද වන විට දිවයිනට නැගෙනහිර දෙසින් පිහිිටා ඇති අතර එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරිප පැය 48 තුළ දී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් තමිල්නාඩ් වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේහවල අහස වළාකුලින් බරව පවතිනු ඇත. උතුරු නැගෙනහිර, උතුරු – මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු , නැගෙනහිර,උතුරු – මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 තරමක තද වැසි ඇති විය හැකියි. සෙස ප්‍රදේශවල සවස්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි. ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කර ගනු ලැබිණ. සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ ගොවිතැන සාර්ථක කර ගැනීම සදහා , කුඩා බිම් ප්‍රමාණයක වගා කර වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි , නවීන තාක්ෂණයෙන් යුතු , ලෝකයේ දියුණු කෘෂිකාර්මික රටවල් භාවිතා කරන , 04 වන පරම්පරාවේ දියර පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සදහා , අවශ්‍ය තාක්ෂණය රැගත් දකුණු කොරියානු ආයෝජකයෝ දෙදෙනෙක් දිවයිනට පැමිණියහ . අන් ජින්සොක් ( An Jinseok) සහ සොන්ග් ජේ හෝ ( Song Jae Ho ) එම ආයෝජකයන් දෙදෙනා වන අතර , ඔවුන්ගේ දකුණු කොරියාවේ පිහිටි මව් සමාගමට අයත් සමාගම් 68 ක් ලොව පුරා පවතින බව ගුවන් තොටුපොළේ දී අනාවරණය කළේය . මෙම පොහොර තුළ බැර ලෝහ මෙන්ම…
ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . මෙම ප්‍රථම මංගල ගුවන් ගමනට ගුවන් මගීන් 150 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු පැමිණ සිටියහ . මෙම ගුවන් යානා මින් පසු සෑම සතියකම දින 04 ක් කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .
අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ කථානායක අශෝක සපුමල් රන්වල මහතා 2024 දෙසැම්බර් 13 දා සිට ක්‍රියාත්මක වන පරිදි කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් නිකුත් කෙරුණු මෙම ගැසට් නිවේදනයේ සඳහන්වේ.
ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ගාස්තු සියයට 11 ත් 23 ත් අතර පරාසයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අදහස වීඇත. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු අඩුකළ නොහැකි බවට වන යෝජනාවට පිළිතුරක් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිය ගාස්තු සියට 11 ත් 23 ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බවට වන ප්‍රතියෝජනාවක් අද (17 ) මහජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය. ඒ අනුව විචාරකයන් පවසන්නේ විදුලි ගාස්තුව සම්බන්ධයෙන් වගකිවයුතු ඉහළම…
නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සීත ගගුල ප්‍රදේශයේ පිහිටි අම්බලම ප්‍රතිසංස්කරණය කර 2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය සදහා එම මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් සදහා පසුගියදා (13) විවෘත කෙරිණ. මාස් බොඩිලයින් පෞද්ගලික සමාගමේ මුල්‍ය අනුග්‍රහය මත ශ්‍රි ලංකා යුධ හමුදාව මගින් එම අම්බලම සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර වන්දනාකරුවන් වෙත විවෘත කර තිබේ. ශ්‍රි ලංකා යුධ හමුවේ මධ්‍යම පළාත් භාර ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් මනත යහම්පත් මහතා සහ මාස් බොඩිලයින් සමාගමේ මානව සම්පත් සහ මෙහෙයුම් නියෝජ්‍ය සමාන්‍යාධිකාරි සුරංග විජේතුංග යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. කාලයක් තිස්සේ එම අම්බලම දැඩි ලෙස අබලන් වි තිබිම නිසා වන්දනාකරුවන්ට එහි ගිමන් හැරිමට නොහැකි තත්ත්වයක පැවතිම නිසා ශ්‍රි…
