Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම අනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඇමෙරිකාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අසාර්ථක වීම පිළිබඳව මහේල ජයවර්ධන ද චෝදනා එල්ල විය.
කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවය විසිරවීම සඳහා පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමෙන් රෝගී වූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය . රෝහල් ගතවූ තිදෙනාගෙන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබා මඳ වේලාවකදී පිටවී ගිය අතර අනෙක් අය ඇස් රෝහල කරා යොමු වූ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට එළැඹ තිබේ. ඒ අද (26) ප්‍රංශයේ පැරිස් නුවරදී ය. මෙම අවසන් එකඟතාවයට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එක්වී තිබුණි. නිල ණයහිමි රටවල කමිටුව නියෝජනය කරමින් එහි සම සභාපතිත්වය දරන ඉන්දියාව, ප්‍රංශය සහ ජපානය එම අවස්ථාවට සහභාගී විය. මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වා ගැනීමටත් සංවර්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීමටත් හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන්…
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් විරෝධතාවයේ නිරත ගුරු විදුහල්පතිවරු පොලිස් බැරියර් කඩාගෙන ලෝටර් පාර දෙසට ගමන් කරන බව වාර්තා වේ. මේ හේතුවෙන් පිටකොටුව සහ ඕල්කොට් මාවත සහ අවට මාර්ග වල දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි. විරෝධතාවය හේතුවෙන් ලෝටස් මාර්ගය වසා දැමූ බව පොලිසිය සඳහන් කරයි.
ලංකවේ උපකාරක පංති කාර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. ඔහු පවසන්නේ එම කර්මාන්තය හරහා දෙමාපියටන්ගේ රුපියල් බිලියන 200ක පමණ මුදලක් සංසරණය වන බවය. “අද වෙනකොට පවත්නා තරගකාරී විභාග ක්‍රමය නිසා දෙමාපියන් විශාල මුදලක් වියදම් කරලා, ළමයින්ව උපකාරක පන්තිවලට යොමුකරනවා. විශේෂයෙන් 3,4,5 යන පන්තිවලත් 10,11 යන පන්තිවල හා 12,13 යන පන්තිවල ළමුන් විශාල ප්‍රමාණයක් උපකාරක පන්ති එකකට හෝ කිහිපයකට සහභාගී වෙනවා. මෙහි සමස්ත වෙළෙඳ පොළ වටිනාකම බලද්දි වාර්ෂිකව රුපියල් බිලියන 200ක විතර මුදල් හුවමාරුවක් මේ තුළ සිදුවෙනවා. මේ උපකාරක පන්ති නියාමනයක් මේ වෙද්දි සිද්ධ වෙන්නේ නෑ. උපකාරක පන්ති නියාමනයක්…
මාන්කුලම් පොලිස් වසමේ මහනුවර – යාපනය ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යාපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් ආපදාවකට ලක්ව ඇති අවස්ථාවක රියදුරු සහ එහි සිටි මගීන් කිහිපදෙනෙකු බස් රථයෙන් බැස එය අලුත්වැඩියා සිදුකරමින් සිටිය දී එම දිසාවෙන් ම පැමිණි ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ආපදාවට පත් බස් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය. එම අවස්ථාවේ දී බස් රථයේ රියදුරු සහ මගීන් කිහිපදෙනෙක් අනතුරට ලක්ව තිබේ. බස් රථයේ රියදුරු හා මගීන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලැබීමත් සමග ඊයේ (25) රාත්‍රීයේ ම මානකුලම රෝහලට ඇතුළත් කර ඇති…
බලපිටිය, ආවාස වත්ත මංසන්ධියේ ඊයේ (25) රාත්‍රියේ හර්ස් රථයක් තුළ තිබී කැපුම් තුවාල සහිත මල්ශාලා හිමිකරුවෙකුගේ සිරුරක් හමුව තිබේ. අම්බලන්ගොඩ පොලීසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ, තෙල්වත්ත, මලවැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි ජී.පී. තුසිත කුමාර නැමති සිව්දරු පියෙක් බවය. එම පුද්ගලයාගේ හිසට බරපතළ කැපුම් තුවාල සිදුව ඇතැයි ද පොලීසිය පැවසීය. ඊයේ රාත්‍රී 11ට පමණ බලපිටිය ආවාස වත්ත මංසන්ධියේ හර්ස් රථයක් නතර කර ඇති බවත් එහි රියදුරු තුවාල සහිතව මියගොස් සිටිනු දැක ප්‍රදේශවාසීන් පොලීසිය දැනුවත් කර ඇත. ඝාතනය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සියලුම ගුරු – විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බවය. අද දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කරන බැවින් බොහෝ පාසල්වල දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස ද ගුරුවරුන් පවසා තිබිණි. දරුවන්ගේ දෙවන පාසල් වාරය ආරම්භ සමග මෙලෙස ගුරු – විදුහල්පතිවරු වර්ජනය ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු අඬාල වී තිබේ. මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ සංගමයේ නියෝජතයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති එච්.ඒ.එල්…
අන්තර්ජාලයට හෝ පරිගණක ක්‍රීඩාවලට තදින්ම ඇබ්බැහිවීම ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් මානසික රෝගයක් ලෙස පිළිගෙන ඇතැයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මාධ්‍යට පැවසීය. අන්තර්ජාලයට පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හා සමාන බවද හෙතෙම සඳහන් කළේය. දරුවන් එක දිගට පැය දෙකකට වඩා අන්තර්ජාලයේ සිටින්නේ නම් ඔවුනට මානසික වශයෙන් සිදුවන හානිය ඉතා වැඩි බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා අන්තර්ජාලයට තදින්ම ඇබ්බැහි වුනු දරුවන් සිටින්නේ නම් ඔවුන් සම්පූර්ණයෙන්ම දුරකථනයෙන් ඉවත් කිරීම වැදගත් බවද සඳහන් කළේය. වයස පහට අඩු දරුවන්ට ජංගම දුරකථන පරිගණක නොදිය යුතු බවත් වයස පහළොවට වැඩි අයට ඒවා ලබාදිය යුත්තේ මව්පියන්ගේ දැඩි අධීක්ෂණය යටතේ බවත් රූමි රූබන් මහතා කීවේය.…
කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව කොළඹ නගර සභාවේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේය. කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන 2023 වසර සඳහා රුපියල් කෝටි 20කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර තිබියදී 2024 වසර සඳහාද එම රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට එම ආයතනවලට අවසර දී ඇති බව කොළඹ නගර සභාවේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන…