Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ රටේ ආර්ථික අර්බුදය අවසන් කර බංකොලොත් බවින් මිඳුණු බවට තහවුරු වූ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමි පාර්ශව එකඟකරවා ගැනීමට හැකියාව ලැබීම රට ලැබූ විශාලතම ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා කීය. ඒ අනුව නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා මෙතෙක් අතරමඟ නතරව තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට මෙන්ම අලුතින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නත් අවස්ථාව ලැබෙන බව ද සඳහන් කළේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ…
සමරිසි පුද්ගලයන්ට තවත් එවැනිම පුද්ගලයන් හඳුන්වාදෙන බව පවසා පාළු නිවෙසකට ගෙන්වා නිරුවත් කර පහරදී එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනින් කප්පම්ගත් තිදෙනෙකු මිරිහාන මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් කලක පටන් සංවිධානාත්මකව මෙම කප්පම්ගැනීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය. නුගේගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු සමරිසි පුද්ගලයන් සම්බන්ධ කරන යෙදුමකට සම්බන්ධ වීමෙන් අනතුරුව පිටකෝට්ටේ, බැද්දගාන වෙහෙරකන්ද ප්‍රදේශයේ පාළු දෙමහල් නිවසකට ඔහුව පුද්ගලයෙකු විසින් ගෙන්වා තිබේ. එලෙස ගෙන්වාගත් පුද්ගලයාට තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පහරදී නිරුවත් කර එම දර්ශන වීඩියෝගත කර අන්තර්ජාලයට මුදහරින බවට තර්ජනය කර ඇති බව පොලීසිය පැවසුවේය. එසේ නොකිරීමට නම්…
පළාත් පාලන ආයතනවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුවය. මෙමඟින් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභාවල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8,435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලැබෙයි. එම පත්වීම් ලිපි කඩිනමින් ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණි. ඒ අනුව ජූලි මාසය තුළ එම සියලු පත්වීම් ලිපි ලබාදීමට තීරණය කරන ලදී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත්තේය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ. රටේ ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ ප්‍රගතිශීලී සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා මහනුවර නගර සැලැස්ම මහනාහිමිවරුන් වෙත පිළිගැන්වූ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරුන් දෙදෙනෙකු ඉවත් වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබූ අදහස්වලින් ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි. මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (26) කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු වශයෙන් කටයුතු කළ…
නුවරඑළිය බස් නැවතුම්පොළේ පොදු වැසිකිළිය තුළ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (26) සවස් කාලයේ දී වැසිකිළිය තුළ පුද්ගලයෙකු වැටී සිටින බවට පොලීසියට ලද දුරකථන ඇමතුමක් මත විමර්ශන ආරම්භ කළ බවය. පසුව 1990 ගිලන්රථ සේවය පැමිණ අදාළ පුද්ගලයා මියගොස් ඇතැයි තහවුරු කර ඇත. එලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි රුවන්එළිය, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ තැන්පත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කීපයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතද්දී එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා පත්තු කළහ. බණ්ඩාරගම, මාලබේ සහ ගාල්ල නගර පුරා රතිඤ්ඤා පත්තු කරමින් ජනතාව සතුට සමරමින් ගිනිකිලි සංදර්ශනය ද පැවැත්වූහ.
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ නිර්දේශයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (26) නැවත වතාවක් ප්‍රතික්ෂේප කළේය. මේ අනුව නීතිපතිවරයාගේ සේවා කාලය ඊයෙන් අවසන් වනු ඇත. නීතිපතිවරයාගේ සේවා කාලය මාස හයකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පිහිටි ඔහුගේ නිල නිවසේදී ඊයේ (26) රාත්‍රී රැස්විය . මේ අනුව ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නිර්දේශය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එම ඡන්ද විමසීමේදී නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද තුනක් පමණි. නීතිපති…
ශ්‍රී ලංකාව නැමැති දරුවා රැක ගැනීමට කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් හුණුවටයේ කතාවේ මෙන් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාති අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26)පැවසීය. ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළ අය අනාගතයේ දිනක රටට ද්‍රෝහි වීමේ හේතුව මත තමන්ගේ දූ දරුවන් ඉදිරියේ ලැජ්ජාවට පත් වනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා ජාතිය අමතමින් වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්‍රතිඵල දැන් අපේ රටට ලැබිලා තිබෙනවා. අද පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා…