Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නව ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කොළඹ දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම මුල්වරට නිකුත් කර තිබේ. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශය සඳහා ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. කළුතර දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ සහ පාලින්දනුවර ප්‍රදේශ සඳහා ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ අතර අගලවත්ත සහ බුලත්සිංහල…
කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රියදුරු එළඹෙන 10 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකරුව කොළඹ අංක 07 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ. ඊයේ සවස කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී සිදුවූ එම අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම ජීවිතක්ෂයට පත්විය. අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිටියදී එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියාව යට කරගෙන වටරවුමේ ජල පොකුණට ගොස් නතරවී තිබුණි. සිද්ධියෙන් මියගිය පොලිස් නිලධාරියා 25 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රිය අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ 27 හැවිරිදි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක තාක්ෂණික ඉංජිනේරුවෙකු…
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, නෙදර්ලන්තය හා පාකිස්තානය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කර ගැනීමට සමත් විය. පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් සහ සවුඩ් ශකීල් ලකුණු 68 බැගින් රැස් කළහ. පන්දු යැවීමේ දී ඩි ලීඩ් ලකුණු 62කට කඩුලු 04ක් ලබා ගත්තේය. ඒ අනුව ජයග්‍රහණය සඳහා නෙදර්ලන්තයට පන්දු වාරයක් සඳහා 5.84ක ලකුණු වේගයක් පවත්වාගත යුතු වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 10 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් අඩු වී ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පැවැත්වූ ප්‍රථම මුදල් මණ්ඩල රැස්වීම මෙය විය. ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවී වී තිබෙන සහ සිදුවිය හැකි වර්ධනයන් ඉතාමත් සැලකිල්ලෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම නීත්‍යානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. ප්‍රීති පද්මන් සුරසේන සහ මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේ මෙය විභාග කළේය.
ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිපුරම පුරවැසියන් පිටරටවල ජීවත්වන රටවල් තුනෙන් එකක් බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවසීය. ප්‍රතිශතයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවට එම අගය ලැබෙන බව කී වික්‍රමරත්න මහතා විදේශ රැකියා ආයතන වලින් ලැබුණු දත්ත අනුව 2022 දී ලක්ෂ තුනකට වඩා රට අතහැර ගොස් තිබෙන බව කීය. ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසීය. රටේ ආර්ථික අර්බුදය, බදු බර වෘත්තිකයන් මත පැටවීම නිසා වෘත්තිකයන් රට හැර යමින් සිටින අතර මේ හේතුව නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය දිනපතා ගැටළු වලට මුහුණ පාන බවත්…
කොළඹ ප්‍රධාන මර්මස්ථාන හතකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ අයිඑස් අයිඑස් සැලසුම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව රට දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) ඉල්ලීමක් කළේය. එසේම මෙම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවද දැනුවත් කරන්නැයි ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
ඉදිරියේදී මෙරට උද්ධමනය 5%ක මට්ටමේ රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එකඟතාවයකට පිවිසි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එය තීරණය කර ඇත්තේ නව ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව බව මාධ්‍ය අමතමින් ඔහු පැවසීය.
උතුරේ සිදු කරනු ලබන උද්ඝෝෂණ, විරෝධතා සම්බන්ධයෙන් උතුරේ තරුණයෙකු විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉදිරිදිපත් කර ඇති බවට වාර්තාවේ. එම ප්‍රකාශය පහත පරිදිවේ. ආයුබෝවන් මගේ නම සසිකරන් මම කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පුද්ගලයෙකි. අද අපි ආවේ විරෝධතා උද්ඝෝෂණයට. ඊයේ දවස පුරාම අපි කැනීම් කටයුතු සිදුකල ස්ථානයේ සිටියා. මමත් සටන්කරුවෙක්. අපිව මොවුන් ඉත්තෙක් විදිහට තබාගෙන කටයුතු කරනවා. අපිත් ජීවත්වෙන්නේ ඉතා දුෂ්කරත්වයෙන් තමයි. නමුත් මේ වගේ අයවළුන් අපි ලඟට එන්නේ මෙවැනි විරෝධතාවයන් සිදුකරන්නට අවශ්‍ය නම් පමණයි. අපිව භාවිතා කරලා ඔවුන් සැපවත් ජීවිතයක් ගතකරමින් සිටිනවා. මෙම මිනී වල සිද්ධිය 1984 වර්ෂයෙන් පසුව තමයි සිදුවී ඇත්තේ. නැත්නම් දැන් සිදුවී ඇතැයි යනුවෙන් අපහට නිගමනය කරන්නට බැහැ. පෙර යුද්ධයේ අතුරුදහන්වු…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පවසන්නේ හතිය රෝගී තත්ත්වය මේ වන විට ළමුන් අතර බහුලව දක්නට ලැබෙන බවය. ඊට අමතරව වෛරස් උණ රෝග තත්ත්වයක් ද ළමුන් අතර පැතිර යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය. “පවතින වර්ෂාපතනය සමඟම සමහර ප්‍රදේශවලට සීතල තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. සමහර ප්‍රදේශවලට වැසි තත්ත්වය සමඟ ජලගැලීම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා රෝග කිහිපයක ව්‍යාප්තියක් අපි දකිනවා. විශේෂයෙන්ම ළමා හතිය වැඩිවෙලා තියෙනවා. ඊට අමතරව සීතල තත්ත්වය සමඟ ස්වසන මාර්ගයට ඇති වෙන වෛරස්වල වැඩිවීමක්…