Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නකලස් කදු පද්ධතියේ පහළ කොටසේ පිහිටි ගම්මාන රාශියකට ජංගම දුරකතන සදහා නිසි ලෙස අදාළ සංඥා නොලැබීම හේතුවෙන් එම ගම්වල අධ්‍යාපනය හදාරන දූ දරුවෝ සහ ගම්වාසීහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති. අති දුෂ්කර වනගත ගම්මාන වශයෙන් හැදින්වෙන ගලමුදුණ උඩගලදෙබොක්ක හා මැදකැලේ යන ගම්මාන සහ උඩත්තවල පමුණුපුරල ළිහිණියකැටියල නෙළුම්මලල පල්ලේගල දෙබොක්කල උඩඇස්සැද්දුමල මීගහමඩල දුන්ගොල්ලල බැද්දේමුල්ල ඇතුළු ගම්මාන රාශියක ජනතාව මෙම සංඥා ගැටලුවට මුහුණ පා සිටින බව සඳහන් වේ. උඩත්තව වයිග එම්ග කරුණාරත්න මහතා මේ සම්බන්ධව මෙසේ කීය. මෙම සංඥා ගැටලුව නිසා මේ ගම්වල පදිංචි මාර්ගගත ක්‍රම ඔස්සේ අධ්‍යාපනය හදාරණ දරුවන් ද මහත් අපහසුතාවකට පත්ව සිටිනවාග ගමේ අයකුට හදිසි කරදරයක්…
අවුරුදු හැත්තෑ තුනක් වයසැති සිය මාමණ්ඩිය ඝාතනය කළේ යැයි කියන බෑනා සැකපිට අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසිය පවසයි. මෙම අපරාධය ගැන දැන එම තොරතුරු වසං කළේ යැයි කියන අවුරුදු 65 ක් වයස පුද්ගලයෙක්ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසියේ නිලධාරියෙක් මාධ්‍යට පැවසීය. කැලණිය ගෝනවල ගුරුවිල පාරේ පදිංචිව සිටි ඒ. ඒ.ඩි. සිරිසේන නැමැති අය සැකකටයුතු ලෙස නිවස තුළ මියගොස් සිටියදී සොයා ගනු ලැබීය. මෙම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමේ දී ඔහුට පහර දී හුස්ම හිරකර ඝාතනය කර ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබිණි යැයි පොලිසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා හෙළිවූ තොරතුරු මත ඝාතනය වූ…
බංකොලොත්වූ රටක දුප්පත්කම අළුත් දෙයක් නොවෙ යැයි ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ද අමාත්‍යවරයා කීය. මෙරට දුප්පත්කම ඉහළ ගොස් ඇති බවට විවිධ වාර්තා පල වුවත්, ආර්ථික වර්ධනය සෘණ 8ක් වූ සහ මුළුමණින්ම බංකොළොත් භාවයට පත්වූ රටක එය අළුත් දෙයක් නොවන බව පෙන්වා දුන් අමත්‍යවරයා සමෘද්ධිය සඳහා වෙන්කළ මුදල මෙන් තුන් ගුණයක මුදලක් වෙන්කර අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ එම දුප්පත්කමට ඔරොත්තු දිය හැකි සමාජ ආරක්ෂණයක් ඇති කිරීමට බව ද සඳහන් කළේය. අමාත්‍ය…
උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදෑරූ පන්සිය දෙනකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉංග්‍රීසි ගුරු හිඟයකට පිළියම් ලෙස මෙම පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම පිරිස ඉංග්‍රීසි ගුරුප්පාඩු පවතින ජාතික සහ පළාත් පාසල්වලට යොමු කෙරෙනු ඇත.
කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මෙම නව කවුන්සිලය පිහිටුවීමේ අරමුණ බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (03) පෙරවරුවේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි. මෙරට කෘෂිකර්ම අංශය නවීකරණ කිරීම වෙනුවෙන් සකස් කළ ප්‍රතිපත්ති රාමුව, ඒ පිළිබඳව පත් කරන ලද විශේෂඥ කමුටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනී සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය. මෙම ප්‍රතිපත්ති…
වර්තාමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකු තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවත් එලෙස කාන්තාවකට තනිව සංචාරය කිරීමට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවත් නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ටයිම් අවුට් සඟරාව පවසයි. 1997 සිට 2010 වසරේ දක්වා උපත ලද කාන්තාවන් බොහෝ දෙනෙකු අද වනවිට තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවද ටයිම් අවුට් සඟරාව ප්‍රකාශ කළේය.එම සමීක්ෂණයේ ප්‍රතිඵල මත සිදු කළ ශ්‍රේණි ගතකිරීමට ටයිම් අවුට් සඟරාව ප්‍රධාන වශයෙන් රටවල් 9 ක් ඇතුළත් කර ඇත. අලුත් මිතුරන්, වෙනස් සංස්කෘතීන් සහ මතක හිටින අත් දැකීම් සොයා ලෝකයේ ඈත කෙළවරවල් වල තිබෙන රටවල් පවා සංචාරය කිරීමට තරුණ වයසේ සිටින කාන්තාවන් බොහොමයක් වර්තමානයේ පෙළඹී ඇති බව ටයිම් අවුට්…
අන්තරායකර අපද්‍රව්‍ය රැගෙන පැමිණෙන නෞකාව සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා පැවසීය. මෙම ජාවාරමට සම්බන්ධ අයට එරෙහිව ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද ඔහු සඳහන් කළේය. මෙම නැව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙනම විමර්ශනයක් ආරම්භ කළේය.
රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් තමන් ඕනෑම පුද්ගලයකු සමග ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත් ඔහු සඳහන් කළේය. වාද විවාද කිරීම මෙන්ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක්…
නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද( 03)කොළඹට කැඳවා තිබේ අද සිට තෙදින වැඩමුළුවක් සඳහා ඔවුන් කැඳවු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම් එල් රත්නායක මහතා පැවසීය . මෙම වසරේ සැප්තැම්බර් 15 සහ ඔක්තෝබර් 15 කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විමට නියමිත නිසා මෙම වැඩමුළුව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .
පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2351ක 7053ක පිරිසක් පානීය ජලය නොමැතිව නියඟයෙන් පීඩාවට පත්ව සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. මෙයට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 576ක 2813ක පිරිසක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටිති. එම පිරිස වරකාපොල, රුවන්වැල්ල, යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් බවත් එම මධ්‍යස්ථනය තවදුරටත් ප්‍රකාශ කරයි.