Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
චීන අපනයන සහ ආනයන බැංකුව සමඟ මෙරට ණය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමත් සමඟ ණය අර්බුදය හේතුවෙන් අතරමග නවතා දමා තිබූ ව්‍යාපෘතිවලට වෙන්වී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය. මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන අපනයන – ආනයන බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමත් සමඟ මෙම මුදල ශ්‍රී ලංකාවට භාවිතයට ගැනීමට හැකියාව ලැබී තිබෙන බව එම නිලධාරියා පැවැසුවේය. එලෙස භාවිතයට ගැනීමට නිදහස් වුණ මුදල් අතර වසර තුනකට අධික කාලයක් ප්‍රමදවූ කඩවත – මීරිගම අධිවේගී මාර්ගය සඳහා වෙන්වුණු මුදල්ද තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය. මුදල් නිදහස්වීමත් සමඟ ප්‍රමාදවී තිබූ…
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි. “එක්ව ජයගමු – අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින්…
රත්මලානේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරාගත් “රත්මලානේ බුරියා” නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සොකරම සිදුකර දින පහක් වැනි කෙටි කාලයක් තුළදී සැකකරු ව අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය පැවසීය. සැකකරු විසින් සොරාගෙන තිබු දේපොළ අතර පවුම් 11 1/2 ක් බර තැල්ලක් සහිත මාලයක්, වළලු දෙකක් හා මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත. ඉකුත් මස 24 වෙනිදින නිවසේ සිට කාන්තාව සහ ඔහුගේ සැමියා රැකියාව සඳහා පිටව ගොස් සිටි අවස්ථාවේදී වැඩිමල් පුතු නිවසේ නිදාගෙන සිට ඇති අතර පොඩි පුතු නිවසේ ඉදිරිපස දොර වසා දමා යතුර නිවස ඉදිරිපිට තබා තිබෙන සපත්තු රඳවනය තුළ සඟවා ක්‍රීඩා කටයුතු සඳහා නිවසින්…
පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම්වරයා විසිනි මේ අනුව මගින් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ පොදු ගමනාගමන සේවා මෙන්ම මංමාවත්, පාලම් බෝක්කු දුම්රිය මාර්ග ඇතුළුව මං මාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම එම ගැසට් පත්‍රය මගින් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරනු ලැබ ඇත.
පිළියන්දල බෝකුන්දර හන්දියේ බේකරියක ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
දෙනෝ දහසක් දෙනා බලා සිටියදී මහරගම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලදී මාළු වෙළෙන්දකු තියුණු ආයුධයකින් ඇන කොස් වෙළඳාමේ නිරත පුද්ගලයකු ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගේ ක්ෂණික මැදිහත්වීමෙන් නුලෙන් වැළකී ඇතැයි මහරගම පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී තියුනු ආයුධය සහ, මත් පෙති දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් වැටලීමක් සඳහා යමින් සිටියදී මහරගම දෙහිවල පාරේ සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල පුද්ගලයකු තවත් පුද්ගලයෙකුට ඉවක් බවක් නොමැතිව තියුණු ආයුධයකින් අනින අයුරු හා එය වැළැක්වීමට කිසිවකු හෝ උත්සාහ නොදරා ඈත සිට නරඹමින් සිටින අයුරු නෙත ගැටී ඇතැයි…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා අද (30) උදෑසන සිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය අද (30) අලුයම 1.15ට පමණ පිලී පැනීමටකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මෙසේ බාධා එල්ල වී පැවැති බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශයෙකු වැඩිදුරටත් පැවැසීය.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් පසුගියදා කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවට එරෙහිව වතු සමාගම් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකාබලා තිබේ. ආගරපතන වැවිලි සමාගම ඇතුළු සමාගම් 21 ක් විසින් අභියාචනයකින් ඉදිරිපත් කර තිබු මෙම පෙත්සම් ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (28) දිනයේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් දේශන ඉදිරිපත් කිරීම සිදු කෙරුණු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන මස 4 වනදා දක්වා කල් දමා තිබේ. පෙත්සම්කාර…
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් ලබන සඳුදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසයි. එහි සමලේකම් කේ.එල්.ඩී. රිච්මන් මහතා පැවුසවේ ඊයේ (28) දින රැස්වූ වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බවය. කේ.එල්.ඩී. රිච්මන් මහතා, “විශ්වවිද්‍යාල පද්ධතියි අකර්මන්‍ය වෙලා අදට දින 53ක් වෙනවා. මේ වෙනකම් ගැටලු විසඳීමට සාධනීය මැදිහත්වීමක් කරලා නෑ රජය. ඊයේ දිනයේ වෘත්තීය සමිති රැස් වෙලා තීරණය කළා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරගෙන යාමට. නිසි විසඳුමක් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරනවා.”