Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පෙට්‍රල් මිල අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බවත් මාසකට වරක් ඉන්දන මිල සංශෝධනය කරද්දී ගාස්තු අඩු කළ නොහැකි බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය. ජනතාව ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ ලක්‍ෂ දෙකක්වත් තවමත් ගාස්තු මීටර සවිකර නොමැති බව කී ඒ මහතා රුපියලක් දෙකක් කිරීමෙන් ජනතාවට සහනයක් නොලැබෙන බවත් කීය. ආණ්ඩුව ඉන්ධන මිල අඩු කළාට එහි වාසිය ත්‍රීරෝද රථ පාවිච්චි කරන ජනතාවට ලැබෙන ක්‍රමවේදයක් සකස්කර නැතැයි ධර්මසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. තමන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ. අදාළ ඉල්ලීම ලබන 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලීමට නියමිතය.
සිය ඉල්ලීම්වලට හැකි ඉක්මණින් ප්‍රතිචාර ලබාදෙන්නැයි ඉල්ලා ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. එළැඹෙන සිකුරාදා රාජ්‍ය අංශයේ සියලු වෘත්තිය සමිති රැස්කර, ගුරු විදුහල්පති සන්ධානය ලෙස ඒකාබද්ධ කිරීමට සූදානමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියේය. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද (01) පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වේ. ලංකා ගුරු සංගමය සඳහන් කළේ, හෙට පාසල් වේලාවෙන් පසුව විරෝධතා පවත්වන බවය. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද…
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඩෙල්ෆ් ආසන්න මුහුදු ප්‍රදේශයේ අද (01) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය. එහිදි ධීවර බෝට්ටු 04ක සිටි ඉන්දිය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බව ද නාවික හමුදාව සඳහන් කළේය.
ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලීව අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබේ. ඒ ඇය සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර සිටියේ තමා වැරැද්දක් සිදුකර නොමැති බැවින් බිය විය යුතු නැති බවය. “මට එන්න කියලා තියෙනවා කටඋත්තරයක් දෙන්න. ගිය සතියේ එන්න කිව්වේ නමුත් සෙනසුරාදා ලිපිය ලැබුණේ. තාමත් හදාගන්න බැරිවුණා ඩොකියුමන්ට් ගොඩක් තියෙනවා අපිට හදාගන්න ඕඩර්ස් 25,000ක් ගිහින් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට තීරණය කරන්න පුළුවන් මගේ ක්‍රීම් පැක් එකක්ම 35,000ක් වගේ වෙනවා. ඒ අයට ගාණ හදලා බලන්න…
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මේ අතර සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවැතිය හැකි බවත් මුහුද ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. උතුරු අක්ෂාංශ 07ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 68 අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 -8- දක්වා පැවැතිය හැකි බව ද දැනට මෙම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී…
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (30) පස්වරු 6.40 ට රඹුක්කව බලා පිටත්වූ දුම්රියට දෙමටගොඩ ප්‍රදේශයේදී කළුගල් ප්‍රහාරයක් එල්ලවීමෙන් දුම්රියේ වීදුරුවකට සහ දොරකට හානි වී තිබේ. විශාල මගීන් සංඛ්‍යාවක් සමග ධාවනය වෙමින් තිබූ දුම්රියට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් කිසිඳු මගියෙක්ට හානියක් වී නොමැති අතර විශාල ගල වීදුරුවක් බිඳගෙන මගියකුගේ දෙපා ඉදිරිපිට නතර වී තිබේ. මගීන් කීපදෙනකු විදුරු කටුවලින් නැහැවී ඇති අතර ගල් ප්‍රහාරය එල්ල වුවද දුම්රිය නොනවත්වා ධාවනය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ මූල්‍ය ආයතනවලින් එම දඩ මුදල අය කර ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මූල්‍ය පනතට අනුකූල නොවනසේ ක්‍රියා කරන මූල්‍ය ආයතනවලින් එම දඩ මුදල් අය කර ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මූල්‍ය බුද්ධි ඒකකය එලෙස අයකර ගන්නා දඩ මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා ඊයේ (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. රෝගාතුරව සිටි සම්බන්දන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසුවිය. සම්බන්දන් මහතා මෙම වසර මුල දක්වා දෙමළ ජාතික සන්ධානයේ නායක ලෙස ද කටයුතු කළ අතර ඒ මහතා 2015 වසරේ සිට වසර කීපයක් විපක්‍ෂ නායකයා ලෙස ද කටයුතු කළේය.
පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද රාත්‍රී නිවේදනය කළේය. මෙම මිල පහත දැමීම ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ද, පහළ දැමූ බවත් ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පැවති මිලේම තව දුරටත් පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 379…