Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගලේවෙල පොලිස් වසමේ ඒ-06 මාර්ගයේ කුරුණෑගල දෙස සිය දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ මංතීරු වෙන් කිරීමට යොදා ඇති කොටසක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනකු මියගොස් තිබේ. එම අනතුරු සිදුවන අවස්ථාවේදී යතුරුපැදිවේ තිදෙනෙතු ගමන් කර ඇති බව පොලීසිය පවසයි. එක් පසු පැදිකරුවෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය. අනතුරින් මියගොස් ඇත්තේ, ලග්ගල හා මාතලේ ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු 29 හා 40ක් වූ පුද්ගලයින් දෙදෙනෙකි. මේ අතර කුරුණෑගල – පුත්තලම මාර්ගයේ කෙළිමුණේ ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 24 හැවිරිදි තරුණයෙක් ජීවිත්කෂයට පත්ව තිබේ. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ…
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ සිය ගැටලුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ බවය. “අපි පැහැදිලිව දැනුම්දුන්නා රාගවන් අමාත්‍යවරයා වෙත ලාබදී තිබෙන එකඟතාවයන්වලින් බැහැරව කටයුතු නොකර බව. මේ වෘත්තීය ක්‍රියාමර්ග අවසන් කිරීමට නම් අපගේ 2017 අනුමත මාසික හිලව් දීමනාව අපිට ඒ ආකාරයෙන් ලබාදිය යුතු බව ඒ අනුව ඔවුන් එකඟතාවයට එළඹුණා අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර ඒ සඳහා ඉක්මනින් විසඳුම් ලබාදෙන බවට. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ අපට ඉක්මනින් විසඳුමක් ලැබෙයි කියලා. අද හෝ හෙට…
ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබේ. ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇත. එහි නව මිල රුපියල් 3,690කි. කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි. කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩුකර ඇත. මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක බව එම සමාගම පැවසීය.
බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබේ. දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන 32 හැවිරිදි අයෙක් කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නවඳගල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි කාන්තාවකි. සැකකරු පදිංචිව සිටි කුලී නිවස තුළ අනියම් බිරිඳව ඝාතනය කර සිටියදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ හා බියගම පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි
එංගලන්ත යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර හෝවේ නුවරදී ඊයේ (01) පැවැති දෙවැනි එක්දින තරගයෙන් එංගලන්ත ක්‍රීඩකයෝ ලකුණු 30 ක ජයක් ලබාගැනීමට සමත්වූහ. මෙම තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 361 ක් ලබාගත යුතුව තිබූ නමුත් එංගලන්ත පිලේ තසීම් චෞද්‍රි අලි (41/2) සහ ලූක් බෙන්කෙන්ස්ටීන්ගේ (77/4) දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 330 ක් පමණි. ශ්‍රී ලංකා යොවුන් පිලේ වැඩිම ලකුණු ලාභියා වූයේ පුලින පෙරේරාය. ඔහු පන්දු 59 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමග ලකුණු 64 ක් ලබාගැනීමට සමත්විය. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත යොවුන් පිල ඕවර 50 නිමාවේදී කඩුලු…
ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර ඇත. වරප්‍රසාද කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ යම් මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය ගැන අපහාසාත්මකව ප්‍රකාශයක් පළ කිරීම යන වරද සම්බන්ධයෙන් 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ 26(1) (ආ) වගන්තිය යටතේ කරන ලද පරීක්ෂණයකින් පසුවය. ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවේ පරීක්ෂණයෙන් පසු සිද්ධිය පිළිබඳ වාර්තාවක් සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවට පසුගිය මස 6 වැනිදා ඉදිරිපත් කළේය. මෙම ප්‍රාදේශීය…
රට ගොඩ නගන්නට දැනට යන මාර්ගය හැර වෙනත් විකල්පයක් තිබේ යැයි යම් පක්ෂයක් කියනවා නම් මූල්‍ය අරමුදලට ගොස් ඒ විකල්පය ගැන සාකච්ඡා කරන්නට ඔවුන්ට ගුවන් ටිකට් පත් සහ නවාතැන් ආණ්ඩුවේ වියදමින් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම පක්ෂ ඉදිරිපත් කරන විකල්ප හොඳ නම් ඒවා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර සාකච්ඡා කරමු යැයි ජනාධිපතිවරයා කීය. තවදුරටත් පැරණි දේශපාලනයේ නිරත වෙන්නට නොහැකි බව කී ජනාධිපතිවරයා අප අද ගන්නා තීරණ අනාගතයට බලපාන බව සඳහන් කළේය.
බලපත්‍රයක් රහිතව නීති විරෝධී ලෙස යුරෝපයයේ රැකියා සදහා යැවීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයකු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ විශේෂ වැටලීම් අංශය පැවසීය. අදාල ආයතනයෙන් ලබා ගැනීමට හැකි යුරෝපා රටවල රැකියා අවස්ථාවන් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දී තිබූ ප්‍රචාරක කටයුතු මත ලද තොරතුරක් අනුව මෙම ස්ථානය වැටලීමට කටයුතු කර තිබුණි. මෙම රැකියා නියෝජිත ආයතනය මගින් ඇල්බේනියාවේ සහ රුමේනියාවේ රැකියා සදහා පුද්ගලයින් විදෙස් ගත කරන බව පවසමින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 11 ක් පමණ අයකර ඇති බවත් එහෙත් මෙතෙක් කිසිදු පුද්ගලයකු විදෙස් ගත කිරීමට කටයුතු කර නොමැති බවත් සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද එම…
ශ්‍රීලංකා නාවික හමුදාව විසින් යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන්වූ මෙරට මුහුදු සීමාව තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් මගින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 04ක් සමගින් ඉන්දියානු ධිවරයින් 25 දෙනකු අත්අඩංගුවට ගත බව නාවික හමුදාව සදහන් කරයි. උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවක් යොදවා නාවික හමුදාව ඊයේ (01)දා අලුයම් කාලයේදී මෙම මෙහෙයුම සිදු කොට තිබේ. මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ඩව් යාත්‍රා හතර (04) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිපස් දෙනා (25) කන්කසන්තුරය වරාය වෙත රැගෙන එමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක…
බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පැන ගිය රැදවියන් දෙදෙනා යතුරුපැදියක් සොරාගෙන අත්මාංචුපිටින්ම කිලෝමීටර් 65 ක් දුරක් පදවාගෙන පැමිණ මොරගහහේන ඔලබොඩුව නිවසකට පැමිණ වෙස්වලාගෙන සැඟව සිටි අනෙක් රැඳවියා සමග ඊයේ අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනපොල ඔලබොඩුව හන්දිය ජාතික තරුණ සේවා මාවතේ පදිංචි රොෂාන් අසංක නොහොත් සුද්දා නැමැති (29) හැවිරිදි රැඳවියාය. මොරගහහේන පොලිසියට අනුයුක්ත පානදුර කොට්ඨාස බුද්ධි ඒකකයේ පොලිස් කොස්තාපල් (91214) වන්නි නායක මහතාට ලද තොරතුරකට අනුව සැකකාර රැඳවියා අත්අඩංගුවට ගෙන ඇත. මෙම රැදවියා සමඟ පලා ආ අනෙක් රැදවියා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පෙරේදා (30) අත්අඩංගුවට ගෙන තිබිණි. වරකාපොල පොලිස් බල ප්‍රදේශයේ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් වරකපොල පොලිසිය…