Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රියදුරට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඇල්ල පොලිසිය කියයි. කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි ද පොලිසිය කියයි. මහියංගනය හා ඇල්ල ප්‍රදේශවල අවුරුදු උත්සවයකට සහභාගී වී අමාත්‍යවරයා ආපසු එන අතරතුර මෙම අනතුරට මුහුණ පා තිබේ. බණ්ඩාරවල නගර සභා ගිනි නිවීම් ඒකකය හා ඇල්ල පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණද වාහනේ ඉදිරිපස කොටස විශාල වශයෙන් ගිනිගෙන ඇති බවද බවද පොලිසිය කියයි.
යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බවට රෝහලේ වෛද්‍යවරුන් පවසති. යාපනය පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටින අතර උණ රෝගය වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. අධික උණ තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මරණ පරික්ෂණ වාර්ථාවෙන් අනාවරණය වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය.
තෙල්දෙණිය කුඹුකදුර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය අඹු සැමි යුවළකින් කාන්තාව ඊයේ (15) දියේ ගිලී මියගොස් ඇති අතර පිරිමි පුද්ගලයා අතුරුදන්වී ඇති බව තෙල්දෙණිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 22 ක් වයැසැති නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක බව පොලිසිය පවසයි. අතුරුදන්වූ පුද්ගලයා අවුරුදු 24 ක තෙල්දෙණිය, කුඹුක්කදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි. මෙම අඹුසැමි යුවළ අලුත විවාහ වූ යුවළක් බවත් ඔවුන් දෙදෙනා තිහාරිය ප්‍ර දේශයේ පදිංචිව සිට ඇති අතර සිංහල අවුරුද්දට සැමියාගේ ඥාති නිවෙස පිහිටි කුඹුක්කදුර ප්‍රදේශයට පැමිණ තිබේ.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු පිහි ඇනුමට ලක්වන ආකාරය පිළිබඳ දැක්වෙන නිර්මාණය කරන ලද වීඩියෝවක් අන්තර්ජාලයේ සීඝ්‍රයෙන් හුවමාරු වන බවත් එම වීඩියෝවේ අගරද ගුරුවරයා අල්තාරය මත දී පිහි ඇනුමට ලක්වන අයුරු දැක්වෙන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු අගරදගුරුවරයාට සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට පිහියෙන් ඇන ඇති බවත් නිව් සවුත් වේල්ස් පොලිසිය ප්‍රකාශ කළේය. නමුත් පිහි ඇනුමට ලක්වූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවද නිව් සවුත් වේල්ස් පොලිසිය පැවසුවේය.
ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් දස දහසක් දක්වා මෙරටට අපනයනය කිරීමට ඉන්දීය අපනයනකරුවන්ට අවස්ථාව හිමි වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේය.
මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් කළහ. මේ අනුව මෙම කාරණය පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරු පිරිසක් බලාපොරොත්තු වෙති. ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු කිරීමට වාහනයක් නොමැතිවීම ලොකු ගැටළුවක් බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත. පාර්ලිමේන්තුවේ එකම වාහනයක් හෝ නැති නවක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම සිටින බවද මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා වාහනයක් මිලදී ගැනීමට හැකි…
මාර්ගයකදී පිහියකින් සහ කතුරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ පුද්ගලික ආරවුලක් මත ඊයේ (14) 37 හැවිරිදි පුද්ගලයෙකුව මෙලෙස ඝාතනය කර ඇති බවය. ඇලයාපත්තුව පොලිස් වසමේ තිබ්බටුවාගම විහාරස්ථානයට යන මාර්ගයේදී මෙම ඝාතනය සිදුකර තිබුණි. මේ අතර අද (15) අලුයම හක්මන පොලිස් වසමේ කහටගහකොරටුව ප්‍රදේශයේදී 21 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. සේරුනුවර මහවැලිගම ප්‍රදේශයේදී ද තියුණු ආයුධයකින් ඇන 41 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ගෙලට වෙඩි වැදුණු 17 හැවිරිදි සිසුවියක් රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි. ඊයේ (14) රාත්‍රියේදී මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. අදාළ සිසුවිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත. වෙඩිතැබීම කවුරුන් විසින් සිදු කළේය යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මින්නේරිය පොලීසිය විමර්ශන සිදුකරයි. සිසුවිය පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද වාර්තා වෙයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (09) පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . එතුමා සමග තවත් 09 දෙනෙකු යුතු පිරිසක් ද පිටත්ව ගොස් ඇති බව සදහන් වේ . ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි ගුවන් සේවයේ ටී.ජී.-308 දරන ගුවන් යානයෙන් අලුයම 12.55ට පිටත්ව ගොස් තිබේ
රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ඇති කඩිනම් විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන බව කී ජනාධිපතිවරයා එම ප්‍රතිලාභය ජනතාවට හිමිකර දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව කීවෙි මහනුවර නීතිඥවරුන් සමඟ මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති සුහද හමුවේදීය. එසේම සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගෙන එන බව පැවසූ ජනාධිපතිවරයා එම කටයුතු සඳහා නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ සහාය අපේක්ෂා…