Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළඳසල් හිමියෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. එම විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ අවස්ථාවේදී වෙළඳ සල් හිමියා රුපියල් 1900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළඳ සල් හිමියා මෙලෙස ඔහුට මේ ආකාරයට බැන තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත. මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රබලව සංසරණය වෙමින් පවතී. පොලිසිය එම වීඩියෝ පදනම් කරගෙන විමර්ශන අරඹා සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත්…
මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මින් බොහෝ පිරිසක් විදේශගතව ඇතැයි පැවසෙන්නේ අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහාය. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මෙසේ විදේශගතව සිටින මැති ඇමතිවරුන්ගෙන් කිහිප දෙනෙකි. සමහර මන්ත්‍රීවරුන් විදේශයන්හි අධ්‍යාපනය ලබන සිය දූ දරුවන් දැක බලා ගැනීම මෙසේ ගොස් සිටින බව පැවසේ. පාර්ලිමේන්තුව ඉකුත් 3 වැනිදා අවසන් වරට රැස්වීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා කල්තැබිණ. මේ අනුව සති තුනකට ආසන්න කාලයක් මන්ත්‍රීවරුන්ට නිවාඩු ලැබී ඇත. මේ අතර මන්ත්‍රීවරු තවත් පිරිසක් අවුරුදු…
යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහන් කරයි. ඉලවලෙයි පානිපුලම් පදිංචිකරුවෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇත. මියගිය සැකකරු වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු වන අතර ඔහු ප්‍රහාරයට ලක්වූ 19 හැවරිදි තරුණිය සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. සැකකරු තරුණිය නිවසින් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ දැරීමේදී ඇති වු කලබලයේදී නිවැසියන්ට ආයුදවලින් පහරදී තිබේ තුවාල ලැබූ මව හා දියණිය ප්‍රතිකාර සදහා තෙලිප්පලෙයි රෝහලට ඇතුලත් කොට ඇත. සැකකරු දිවිනසා ගත්තාදැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මඩාටුගම, නිදිගම ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ.බී. සහිරා බිබී නැමති 62 හැවිරිදි කාන්තාවකි. ඇගේ සැමියා සමඟ ගොස් බැඳ සිටි ගවයන් යළි රැගෙන එමින් සිටි අවස්ථාවේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ ඊයේ (16) සංචාරයක නිරත විය. “පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි. “පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැලකේ. “පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි.ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර…
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිය නිවස තුළ නිදාසිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව ඇත. පොලීසිය පවසන්නේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවය. අද (16) අලුයම මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ලෙස තමාට පාර්ශ්ව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බහුතර සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් තමා තීරණයක් ගන්නා බව මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. “මගෙන් ඉල්ලම් කරලා තියෙනවා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අති බහුතරයක් දෙනා ඒ ඉල්ලීම කරලා තියෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය මහා සංඝරත්නය, අනෙක්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහමධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…
ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ හත ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මෙම දරුවා අව්රුදු නෑගම් සදහා කොළඹ සිට පියා සමග ගම්පොළ මිත්තනියගේ නිිවසට ගොස් සිටියදි ඊයේ (15) මෙම අනාරක්ෂිත ළිදට වැටි දියේ ගිලි මියගොස් ඇති බව පොලිසිය පවසයි.