Author: LANKA24X7

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ,

Read More

වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය පෝරේ බොරළුගොඩ පාර අංක 294/05 හි පදිංචි අමරසේකරගේ අනුර සම්පත් අමරසේකර නමැති පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයකු බව පොලිසිය කියයි. කැලණිය සරසවියේ කථිකාචාර්යවරියක වන සිය බිරිඳ හා වෛද්‍ය දියණිය ඇතුළු පවුලේ ඥාතීන් සමග ආහාර ගනිමින් සිටියදී සැහැල්ලු ආහාරයක් ගැනීමට බව පවසා වඩේ එකක් ආහාරයට ගනිද්දී එක් වරම කැස්සක් හටගෙන තිබේ .පසුව එම කැස්ස නැවැත්වීම සඳහා විවිධ ප්‍රථමාධාර ලබා දුන්නද එය නොනැවතී ක්‍රමයෙන් අසාත්මික තාවයකට පත්ව තිබේ. පසුව ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට…

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කථානායක අශෝක රන්වල මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ඒ අනුව දස වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්වනු ඇත.

Read More

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කළේය. ඒ අනුව ඒකමතික අශෝක රංවල මහතා කථානායකවරයා ලෙස නම් කෙරුණි. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය චාම් උත්සවයකින් අනතුරුව අද (21) උදෑසන 10ට ආරම්භ වුණි. කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරනු ඇත. පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව…

Read More

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (20)වන දා පැවසීය. මේ වගේ පාර්ලිමේන්තුවක දේශපාලන වශයෙන් මහා විශාල දෙයක් සිදු කරන්නට ලැබෙන්නේ නැතැයි කී හිටපු අමාත්‍යවරයා තිබෙන තත්ත්වයන් ජනතාවට තේරුම් කරන්නට සිදුවන්නේ මහ මහපාරේදී බව සඳහන් කළේය. ඒ නිසා මහ පාරට වැටිච්ච එක ගැන සතුටු වන බව කී ප්‍රනාන්දු මහ පාරෙන් නැවත පටන් ගැනීම තමා දන්නා පුරුදු දේ බවද පැවසීය. පැරණි දේශපාලනය නැවත කරළියට පැමිණ ඇතැයි පෙනෙන්නට තිබෙන බව කී හිටපු අමාත්‍යවරයා තමා නඩුවට පෙනී සිටින්නට ආවේ ඉන්නම බලාගෙන ඇඳුනුත් අරගෙන යැයි කීය.

Read More

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම අද (21) පෙරවරු 10.00ට ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුලසුනට පැමිණ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරවරු 11.00ට ඉදිරිපත් කිරීමට නියමිතය. සමාරම්භක උත්සවයේ සියලු කටයුතු ඉතා චාම් අයුරින් කරන ලෙස රජයෙන් උපදෙස් ලැබී ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. මංගල සභා රැස්වීමේ පළමු කටයුත්ත වන්නේ කතානායකවරයා පත්කර ගැනීම බව පැවසූ හෙතෙම කතානායක ධුරයට නම් කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇතැයිද සඳහන් කළේය. ඒ සඳහා ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කර ගෙනවිත් ඇති බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය. නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා…

Read More

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ. පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝග වලට විශාල හානියක් කරන රිලවුන් හා අනෙකුත් සත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්‌ම දෙපාර්තමේන්තුව, ගොවි කටයුතු පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, ඇතුළු ආයතන 15ක් පමණ නියෝජිතයින් සහභාගී වී තිබේ. එහිදී විවිධ ක්‍රමෝපායන් යොදාගෙන හානිකර…

Read More

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් අදට (21) පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාස වල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය එම නිවාස වල තවදුරටත් රැඳී සිටින මන්ත්‍රීවරුන් 35 දෙනාට ලිඛිතව දැනුම්දී ඇත. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන් අසූ දෙනෙකු පමණ ඊයේ (20) වනවිට ඉවත්ව ගොස් තිබිණ. නව වැනි පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස වල තවදුරටත් රැඳී සිටීමට අවසර ලබාදී තිබුණේ මහ මැතිවරණය පැවැත්වුණු පසුගිය 14 වැනිදා තෙක් පමණි. පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු මන්ත්‍රීවරුන්ට පමණක් එම නිවාස සංකීර්ණයේ තවදුරටත් රැඳී සිටීමට හැකියාව ඇති…

Read More

ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනු කර ඇත. අදානී ග්‍රීන් එනර්ජි සමාගමේ විධායකයන් ලෙස කටයුතු කරන අදානිගේ බෑණනුවන් වන සගාර් සහ නීත් ජායින්ට ද චෝදනා ගොනු කර ඇතැයි පැවැසෙයි. ඒ, 2020 සහ 2024 අතර කාලය තුළ ඩොලර් මිලියන 250 කට වඩා අල්ලස් වශයෙන් ඩොලර් මිලියන 2 ක මුදලක් ලබා දී, සූර්ය බලශක්ති සැපයුම් කොන්ත්‍රාත්තු ලබා ගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙනි.

Read More

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 වනදායින් පසුව එළඹෙන දින 2 තුළදී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි අපේකෂා කරන බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට…

Read More