Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අද (30) පෙරවරු 6න් අවසන් වු පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේ දී බීමත් රියදුරන් 413 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ. තවද අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාළව රියදුරන් 49 දෙනෙකු ද, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 110 දෙනෙකුද, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1,086කුටද නීතිය ක්‍රියාත්මක කර තිබේ. ඒමෙන්ම බලපත්‍ර වැරදි සම්බන්ධව රියදුරන් 694ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5,324කටද නීතිය ක්‍රියාත්මක කර ඇත. සමස්ත රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති රියදුරන් සංඛ්‍යාව 7,676කි.
නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම කැබ් රථය ඊයේ (29) ශ්‍රී පාද වන්දනාවේ පැමිණ අද (30) ආපසු ගොඩකවෙල දක්වා ජිප් රථය ධාවනය කරන අවස්තාවේ මෙම අනතුර සිදුව තිබුණි. මෙම කැබ් රථයේ එකම පවුලේ ඥාතින් පිරිසක් ගමන්කර ඇති අතර අනතුරට පත්වන අවස්තාවේ කැබ් රථය තුළ හත්දෙනෙකු ගමන් කර ඇත. ඉන් පස්දෙනෙකු තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ විම හේතුවෙන් තුවාලකරුවන් දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. කැබ් රථයේ ගමන්කළ කුඩා ළමයෙකු…
නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වනු ඇත. මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. වත්මන් යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද වනතුරු ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටියේය.
2024 වසර තුළ මේ දක්වා වන අලි මරණ 350ක් සිදුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය වසර තුළදී අලි මරණ 450ක් සිදුව තිබූ අතර මේ වර්ෂයේදී එම ප්‍රමාණය 100කින් අඩුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. වනජීවී දෙපාර්තමේන්තුවත් ,පරිසර සංවිධානත් ,වෙනත් විවිධ සංවිධානත් අලින්ගේ ආරක්ෂාව සඳහා සිදු කරන ලද ක්‍රියාදාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවද වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. 2024 වසර තුළ මියගිය අලින් 350 දෙනාගෙන් වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ වෙඩි තැබීම් හේතුවෙන්ය. එලෙස වෙඩි තබා මරා දමන ලද අලින් සංඛ්‍යාව 70ක් වන අතර විදුලිසැර වැදීමෙන් මිය ගිය අලි සංඛ්‍යාව 50 ක් බව වාර්තා වෙයි.…
මට්ටක්කුලිය සමිත්පුර නිවසකට ඊයේ (29) දහවල් කඩා වැදුණු පිරිසක් එහි සිටි පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදුකර කෙසෙල් වත්ත ප්‍රදේශයේ දමා ගොස් ඇතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි. එම පැහැරගැනීම සඳහා පුද්ගලයින් හය දෙනෙකු ත්‍රිරෝද රථයකින් පැමිණි බවත් පැවසුවත් ඊට වඩා පිරිසක් තවත් තීරෝද රථ සහ යතුරු පැදියකින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම පැහැර ගැනීමට ආසන්නම හේතුව බවට මේ වන විට අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජනවාරි, පෙබරවාරි , මාර්තු , සැප්තැම්බර් , ඔක්තෝබර් , නොවැම්බර් , දෙසැම්බර් යන මාසවල 10 වන දිනද අප්‍රේල් , මැයි , ජූනි , ජූලි මාසවල 9 වන දිනද අගෝස්තු මාසයේ 7 දා ගෙවන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛනයක සදහන් වේ.
අනුරාධපුර දැයට කිරුළ භූමියට වන අලින් රංචුපිටින් ගෙනත් දැමීමෙන් පසු ගොවින්ගේ බවබෝග මෙන්ම නිවාස වලට දැඩි ලෙස හානි කිරීම සම්බන්ධව බලධාරීන්ට හා දේශපාලනඥයන්ට එරෙහිව අද (30) දහසකට අධික පිරිසක් එක්වී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. අද උදෑසන 07.00 පමණ ආරම්භ කළ මෙම උද්ඝෝෂණයට ගොවි ගෙවිලියන් මෙන්ම කුඩා දරුවන්ද විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ. ඇතැම් ගෙවිලියන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් , මහ විලච්චියට යන ප්‍රධාන මාර්ගය හා තන්තිරිමලේ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කැලෑ අතු කොළ හා වන අලින් විසින් කඩා බිඳ දමා තිබූ පොල් ගස් ගෙනවිත් අවහිර කරනු ලැබීය. මෙම උද්ඝෝෂණයට දහසකට අධික පිරිසක් රැස්ව සිටි අතර, පොලිස් බුද්ධි අංශ,නිල ඇඳුමින් සැරසුණු…
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් එම වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු කරන සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න කුමාරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(30) කැඳවා ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතය. ඉන් අනතුරුව සභා නායකකාරියාලයේ සහ ආණ්ඩු පක්ෂ පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ප්‍රධානීන්ගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවිය. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ…
උතුරු, උතුරු – මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වය අද දිනයේ සිට ඉදිරි දින කීපයක තරමක වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු -මැද , නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. උතුරු,නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලට විටින් විට තරමක තද සුළං ද…
නොරෝච්චෝල මාම්පුරීය ප්‍රදේශයෙ නිවසක ඉදි කිරීමක අද 29 සවස නිතර සිටි කම්කරුවන් පිරිසට විදුලි සැර වැදිමකින් තිදෙනකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව නොරොච්චෝල පොලිසිය කියයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ පදිංචි පිරිසක් බව පොලිසිය කියයි. පුද්ගලික කොන්ත්‍රාත්කරුවකු විසින් අදාල නිවසේ ඉදිකිරීම කොන්ත්‍රාත්තුව ලබා ගෙන තිබු බවත් ඔහු විසින් ඉදි කිරීම සදහා පෙදරේරුවන් හා වඩු කාර්මිකයින් යොදවා අදාල ඉදිකරමින් සිටියදී 29 දින සවස මෙම විදුලි සැර වැදිම සිදුව ඇති බව කියයි. අදාල කම්කරුවන් පිරිස යකඩ පලංචියක නැගි ඉදි කිරීමේ නිරතව සිටියදී මෙලෙස විදුලි සැරට ලක්ව ඇති බවත් ඒ වනවිට යකඩ පලංචිය මත සිව් දෙනෙකු වැඩ කරමින් සිට…
