Author: LANKA24X7

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කොටස් කිරීමේ කටයුතු දහවල් දොළහට පමණ ආරම්භ විය . මෙම දැවැන්ත ගල් කුට්ටිය ඊයේ පස්වරුවේ විශාල දොඹකරයක ආධාරයෙන් ගොඩ ගැනීමට උත්සාහ ගත්තත් තිබූ තැනින් හැරවීමට වඩා දෙයක් කිරීමට නොහැකි විය . ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම නවතා අධිකරණයට කරුණු වාර්තාකර ලබාගත් නියෝග මත මෙසේ අද තුන්වෙනි දිනයටත් කැණීම් කටයුතු සිදු කෙරේ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා මෙම තත්ත්වය හමුවේ ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම්…

Read More

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් ලබන 25,26සහ 27 දිනවල පැවැත්වීමට නියමිතය. නවක මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද පිළිබඳව එම වැඩමුළුවේදී පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් දැනුවත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ලබාදීම මේ දක්වා කෙරුණු අතර එම පහසුකම ඉවත් කිරීමට අවධානය යොමු වී ඇත. මීට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ආරක්ෂාව සැලසුනු අතර එයද බොහෝ දුරට ඉවත් කෙරෙනු ඇතැයි පැවසේ. එසේම මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ තීරු බදු රහිත වාහන බලපත්‍රයද ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක…

Read More

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති. රජයේ පාලන මිල වශයෙන් නාඩු සහල් සදහා රුපියල් 220 ක මිලක් නියම කොට ඇති නමුත් මේ දිනවල ගම්පහ ප්‍රදේශයේ වෙළඳසල්වල නාඩු සහල් කිලෝවක් රුපියල් 240 ක් වැනි මිලකට අලෙවි කෙරෙන තත්ත්වයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති. රජය මගින් සහල් සදහා පාලන මිලක් නියම කොට තිබියදී එය නොසලකා හරිමින් වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාල ආයතන මගින් සොයා බැලීමක් සිදු වන්නේ දැයි ඔව්හු විමසා සිටිති.

Read More

උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාති කාලයේදී තැනින් තැව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

Read More

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විශේෂ විගණනයකදී හෙළිවී ඇත. මේ හේතුවෙන් විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයන් රැසකට එම බලපත්‍ර ලබා ගැනීමට හැකිවී නැතැයි විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා පැවසීය. රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව සමයේදීය. එම බලපත්‍ර වැඩපිළිවෙලේදී තවත් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට බාරදෙනු ලැබීය. එම වාර්තාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විගණන වාර්තාවෙන් රජයට…

Read More

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (22) විමතිය පළ කළේය. මෙම සිද්ධියට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මාස තුනක් තුළ අධිචෝදනා මත නඩු පවරන බවට නීතීපතිවරයා අභියාචනාධිකරණයට පොරොන්දු වී තිබියදී මෙම අධිකරණයේ ඇති නඩු ගොනුව වසා දැමීමට උපදෙස් දී ඇති බව මියගිය රැඳවියන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනක පෙරේරා මහතා හෙළි කළ අවස්ථාවේදී නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ මහෙස්ත්‍රාත්වරයා මෙලෙස විමතිය පළ කළේය. රැඳවියන්ගේ මරණ සිදුකළැයි කියන සිද්ධිය…

Read More

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය. වෙබ් අඩවි නිර්මාණ කරන්නියක ලෙස සේවය කරන තුර්කියේ 27 හැවිරිදි රුමෙයිසා ලොව උසම කාන්තාවට හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටින අතර ඇයගේ උස අඩි 7 යි අඟල් 1 කි. ඉන්දියානු නිළියක වන 30 හැවිරිදි ජෝති ලොව මිටිම කාන්තාව වන අතර ඇයගේ උස අඩි 2 යි අඟල් 1 කි. පසුගිය 13 වැනිදාට යෙදී තිබුණු ගිනස් ලෝක වාර්තා දිනයේ විශේෂ අවස්ථා සැමරීම සඳහා ජෝති සහ රුමෙයිසා ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී මෙලෙස මුණ ගැසුණාය. දෙදෙනා රූපලාවන්‍ය සහ තවත් කරුණු ගණනාවක්…

Read More

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කළේය. ඇත් දළ පොළවේ ගෑවෙන තෙක් වර්ධනය වී තිබීම හේතුවෙන් මුතු රාජාට දෛනික කටයුතු කරගෙන යාමට අපහසුතාවයක් මතුව ඇති බවත් එහෙයින් දෛනික කටයුතු පහසු කිරීම සඳහා දළ දෙකේ දිග අඩු කිරීමට මුතු රාජා රඳවා සිටින තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන් යෝජනා කර ඇති බවත් පැවැසෙයි. එසේම දිගින් දිගටම ඇත් දළ වර්ධනය වීම හේතුවෙන් මුතු රජාගේ බෙල්ලට එම බර දරා ගැනීමට අපහසු වනු ඇතැයි පශු වෛද්‍යවරුන්ගේ මතය වී තිබෙන බවද සඳහන් විය. ඇත් දළ දෙකේ…

Read More

තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බව ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගමේ නවතම ප්‍රවණතා වාර්තාවෙන් හෙළි වී ඇත. එසේම තනිව සංචාරය කරන්නන් මෙම වසරේදී සංචාරය කළ ජනප්‍රියතම ගමනාන්ත දහය අතර පළමු ස්ථානයද ශ්‍රී ලංකාවට හිමිව ඇති බව ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගම ප්‍රකාශ කළේය. මීට පෙර ලබන වසර සඳහා වන ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට සිව් වෙනි ස්ථානය හිමිව තිබූ අතර නවතම ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන හතරක් ඉදිරියට එමින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලංකාව ඉන්දියාව තරම් විශාල නොමැති වුවත් ඉන්දියාවේ ලබාගත හැකි අත්දැකීම සියල්ලම…

Read More

කලුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයට ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු නැතැයි සෞඛ්‍ය අංශ චෝදනා කරයි. මෙම තනතුරට විශේෂඥ වෛද්‍යවරියක මිට මාස හයකට පමණ පෙර ස්ථාන මාරුවක් ලැබුණද තවමත් වැඩ බාරගෙන නැතැයි ද සෞඛ්‍ය අංශ චෝදනා කරති.

Read More