Author: LANKA24X7

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය. ඊට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට තම සංගමය සුදානම් බවත් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පැවැසුවේය. ඒ බව දන්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් වෙත ලිපියවා තිබෙන බවද එම සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා ප්‍රකාශ කළේය.…

Read More

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය ගැන මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ නෙළුම් පොකුණ රඟහලේ ඊයේ (23) පස්වරුවේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි. සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA), ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකතුවෙන් 2004 දී පිහිටුවා ගත් සංවිධානයකි. සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ආරම්භක සාමාජික හා ජ්‍යෙෂ්ඨ ආචාර්ය කේ. ආරියසිංහ මහතා වෙත…

Read More

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ ‘චුලෝචනා’ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබීම කැපී පෙණෙන සිද්ධියකි. මීටර 300 ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කාර්මිකයන් සඳහා පාන වර්ග සකස්කර දීම ඇතුළු සෙසු කාර්යන් ඉටුකිරීම ඇගයීම වෙනුවෙන් මෙසේ එම සේවිකාවන්ගේ නම්වලින් මෙගාවොට් 60 බැගින් වන විදුලි ජනන යන්ත්‍ර දෙක නම් කළ බව උමාඔය විදුලි බලාගාරයේ උසස් නිලධාරිකේ පැවසීය.

Read More

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුළත්ව ඇත . කල්දේරා මහත්මිය ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාව වෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයක් හඬ නැගූ කාන්තාවක් බවත් ඇය නැගූ හඬ ගෝලීයව සමලිංගික කාන්තාවන්ට ජයග්‍රහණ අත්කර දී තිබෙන බවත් ටයිම්ස් සඟරාව වාර්තා කළේය.ශ්‍රී ලංකාව සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් කල්දේරා මහත්මිය ගොනුකළ නඩුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇයගේ පැත්ත ගනිමින් එලෙස සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට තීන්දුවක් ලබා දී තිබෙන බව ටයිම්ස් සඟරාව පැවැසුවේය. ඇමරිකානු…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ. ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ. එම රැලියට දිවයිනේ දස දෙසින් විශාල පිරිසක් සහභාගි කරවීමට එම පක්ෂය බලාපොරොත්තු වෙයි.

Read More

ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඒ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට භාරදීමේ උත්සවයට සහභාගී වීම සඳහාය. ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි. ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන එම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්තය. පුහුල්පොල ජලාශයේ සිට භූගත නල මාර්ග ඔස්සේ කිලෝමීටර් 4ක දුරක් ඩයරබා ජලාශය වෙත ජලය රැගෙන යන අතර පසුව ඩයරබා ජලාශයේ සිට එම ජලය කිලෝමීටර් 15.5ක දිගකින් යුත් භූගත මාර්ගයක් හරහා පවර්හවුස් බලාගාරය වෙත රැගෙනු ලබයි. මෙරට ජාතික විදුලි පද්ධතියට එමගින් එක් කිරීමට නියමිත විදුලි ධාරිතාව මෙගාවොට්…

Read More

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීය. දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) හා අතිරේක සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) පදවි ඇතුළු දුම්රිය ක්ෂේත්‍රයේ ඉහළ පදවි රැසක් ද ඔහු විසින් හොබවනු ලැබීය.

Read More

කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රන්භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගෙන අත්තේ, එම ආයතනයේම අලෙවි නිලධාරියෙකු හා රන් භාණ්ඩ අංශය භාර නිලධාරියෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කලවාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ත් 33ත් අතර වයස්වල පසුව පුද්ගලයින් දෙදෙනෙක් බව පොලීසිය පවසයි. මූල්‍ය ආයතනයේ තිබූ රු 68,978,357ක් වටිනා මාල, මුදු, වළලු, බේස්ලට්, කරාබු, පෙන්ඩන් ඇතුළු රන් භාණ්ඩ කිලෝ 03 ග්‍රෑම් 770ක් හා කැමරා පද්ධතියේ ඩෙකෝඩරය සොරාගෙන ගොස් ඇති බවට එම ආයතනයේ වැඩබලන කලමණාකරු විසින් කලවාන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලීසිය…

Read More

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම භූ කම්පනයත් සමග තවත් භූ කම්පන 80 කට වැඩි ප්‍රමාණයක් ඇති වූ අතර සමහරක් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවීමට හේතු වූ බව එ රට කාලගුණ පරිපාලනය අංශය පවසයි. එම භූමිකම්පා ග්‍රාමීය නැගෙනහිර ප්‍රාන්තයේ හුආලියන් ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන සිදුව ඇත. පසුගිය අප්‍රේල් 3 වන දින 7.2 ක කම්පනයකින් පසු අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙක් මිය ගියහ. එතැන් සිට තායිවානය පසු කම්පන සිය ගණනක් වාර්තා වී ඇත.

Read More

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු මැද සහ උතුරු පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කීපයකට වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට පමණ වැඩි තරමක තද වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති වේ.

Read More