Author: LANKA24X7

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත අතර අද (02) පැවති තෙවන 20යි 20 තරගයේ දී කුසල් ජනිත් පෙරේරා සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ශතකයක් රැස්කළ තුන්වන පිතිකරුවා ලෙස ඔහු වාර්තා අතරට එක්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට විස්සයි විස්ස ශතකයක් රැස්කර තිබුණේ 2011 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් විසිනි. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් අද (02) ශතකයක් රැස්කළේ වසර 14කට පසුවය. එහිදි පරිණත ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 44කදී සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම විස්සයි විස්ස ශතකය ලෙස ද…

Read More

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමෙන් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගැසට් නිවේදනයක් පෙරේදා (31) නිකුත් කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමත්‍යංශය පැවසීය. පරිප්පු, සුදු සීනි, අර්තාපල්, ලොකු ලූණු, රතු ළුෑණු, පොල්තෙල්, එළවළු තෙල්, ටින් මාළු සහවියළි මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ඇතු`ළු භාණ්ඩ 63 ක් බදු අනුප්‍රමාණයන් සංශෝධනයකින් තොරව පවත්වමින් භාණ්ඩ මිල ඉහළ යෑම වැලැක්වීම බලාපොරොත්තු වන බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය. දේශීය කෘෂි සහ ධීවර කර්මාන්තය ආරක්‍ෂා කිරීමේ අරමුණින් සහල්, උඳු, මුංඇට, බඩ ඉරිඟු, කුරක්කන්, කහ, පළතුරු වර්ග, මාළු සහ කරවල යන ආහාර වර්ගවල බදු අනුප්‍රමාණයන්…

Read More

බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත . පානදුර පින්වත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය වරයාට අයත් බව කියන නිවසේ තිබී ව්දෙස් රටක සන්නද්ධ හමුදාවක භාවිතා කර ඇති බවට සැකකරන හමුදා ජීප් රථයකට සමාන ජිප් රථයක් පළමුව පොලිස් භාරයට ගෙන තිබේ. එහිදී අණාවරණය වූ තොරතුරු මත තවත් සුඛෝපභෝගි ජීප් රථ දෙකක් රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී භාරයට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. අත්අඩංගුවට ගෙන ඇති ජීප් රථ නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කර රාජ්‍ය ආයතන වලින් ගර්භිත…

Read More

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ඉන්දියානු සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමකර යළි දිවයිනට පැමිණි පසු මෙම සිද්ධියට අදාළව එම මහත්වරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයිද වාර්තාවේ. සංචාරය නිමකර යළි දිවයිනට පැමිණි පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…

Read More

මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් රැඳවියෙක් මරණයට පත්ව තවත් රැඳවියන් නවයක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මාතර මහ රෝහලේ ප්‍රකාශයෙක් පැ වසීය. අදාල රැඳවියා රෝහල්ගත කරන විටත් මරණයට පත්ව සිටි බව කී රෝහල් ප්‍රකාශකයා නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන් අතරින් කීපදෙනකුගේ තත්වය බරපතල බව ද සඳහන් කළේය. පිරිමි රැඳවියෙක් මරණයට පත්ව ඇති බව කී රෝහල් ප්‍රකාශකයා රෝහලේ ප්‍රතිකාර ලබන සියලු දෙනා ද පිරිමි රැඳවියන් බව ද සඳහන් කළේය. මාතර බන්ධනාගාරයේ වාට්වුවක් පිහිටි ගොඩනැගිල්ලකට ඊයේ (01) රාත්‍රී 10.00 ට පමණ විශාල ගසක් කඩාවැටී ඇති බවත් එහිදී තුවාල ලැබූ පුද්ගලයන් දහයකට ආසන්න පිරිසක් රෝහල්ගත කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර…

Read More

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත තව දෙසතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම පනත් කෙටුම්පත ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පසුගිය 2023 වසරේ කැඳවුණු නාම යෝජනාවලංගුකර නැවත කැඳවීම සඳහා මෙම සංශෝධන මගින් ප්‍රතිපාදන සැලසේ. නවක ඡන්දදායකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමේ ප්‍රධාන අරමුණ ඇතිව මෙම සංශෝධන කර ඇත. පක්ෂ නායකයන්ගේ එකඟතාව මත මෙම සංශෝධන ගැනීමට කැබිනට් මණ්ඩලයේ පසුගියදා තීරණය කළේය.

Read More

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Read More

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුට ගෙන තිබේ. ඇඹිලිපිටිය, උඩගම ප්‍රදේශයේ නිවසක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකිරීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වූ ගල්බොරැල්ල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. වැටලීම සිදුකළ ස්ථානයේ තිබී රන් ආලේපිත බුදු පිළිම 02ක්, කළු පැහැති ගල් මංජුසාවක්, නිල් පැහැති මැණික් බවට සැකකරන ගල් 03ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. ඇඹිලිපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

මවක් විසින් කුඩා දැරියක් ඝාතනය කර ඇය ද සියදිවි නසාගැනීමේ පුවතක් තලාව පොලිස් වසමේ බිදුන්කඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ සැකකාර මව විසින් තම කුඩා දැරියට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කර ඇයද සිරුරට පෙට්‍රල් දමාගෙන ගිනි තබා ගෙන සිය දිවි නසා ගෙන තිබේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වන මව සහ අවුරුදු 02යි මාස 09ක් වූ දැරියකි. අදාළ සිද්ධිය සමබන්ධයෙන් ඊයේ (31) තලාව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. මරණකාරිය බිදුන්කඩ ප්‍රදේශයේ කාන්තා සමිතියක භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කර ඇති බවත්, එහිදී ඇති වූ මුදල් ගැටලුවක් මත සිත් තැවුලෙන් දැරිය ඝාතනය කර ඇය ද සියදිවි නසාගෙන ඇති…

Read More

මහේස්ත්‍රාත්වරුන් කිහිපදෙනෙකුට අධිකරණ සේවා කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තිලිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස පත්කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තනූජා ලක්මාලි මහත්මියයි. නිලුපුලී ලංකාපුර මහත්මිය කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කර අැත මොරටුව දිසා විනිසුරු ලෙස කටයුතු කළ චතුරිකා ද සිල්වා මහත්මිය ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය ලෙස ස්ථාන මාරු කර ඇති බව අධිකරණ සේවා කොමිසම සඳහන් කළේය

Read More