Author: LANKA24X7

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. ඔවුන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන අරඹා තිබෙන බව කී සභාපතිවරයා E8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමට නීත්‍යානුකූල ගිවිසුමක් නොමැති බැවින් එම රැකියා නීත්‍යානුකූල නොවේ යැයි කීය. එලෙස රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ‘සභාපතිට කියන්න” වැඩසටහනට තොරතුරු ලබා දෙන ලෙසද කෝශල වික්‍රමසිංහ මහතා කීය. එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නේ යැයි ද සභාපතිවරයා…

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. අද (27) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දුව මහතා කියා සිටියේ, අදාළ ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවය. “මධ්‍යම කඳුකර ප්‍රදේශයට වැසි ලැබෙමින් පවතිනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර සහ බටහිර බෑවුම්වලට වැසි ඇතිවෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා නුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවටකෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, දෙල්තොට, පාතදුම්බර කියන මේ ප්‍රදේශ සඳහා ඉවත්වීම සඳහා රතු නිවේදන නිකුත්කර තිබෙනවා. යම්කිසි ආකාරයකට කඳු නායයාම් තියෙන නිසා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹගමුව, අඹගමුව…

Read More

අම්පාර – මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, මේ මොහොතේ ආපදා තත්ත්වය පිළිබඳව දැනුම්දෙන මාධ්‍ය සාකච්ඡාවේදීයි. අනතුරු සිදු වන අවස්ථාවේ ට්‍රැක්ටර් රථයේ 13 දෙනෙකු ගමන් කර තිබෙනවා. අදාළ ට්‍රැක්ටර් රථය අම්පාර – මාවඩ්ඩිපල්ලිය පාලම මතින් ධාවනය කිරීමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. එමෙන්ම ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ සහයකයා ද සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ. මේ අතර පවතින වැසි තත්ත්වය හමුවේ කැළණි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට සුලු ගංවතුර තත්ත්වයන්…

Read More

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය. දිවයින අවට මුහුදු තීරයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙම පියවර ගන්නා බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. මේ අනුව යාපනය, කිලිනොච්චි, මුලතිව්,මඩකලපුව,ත්‍රිකුණාමලය, හම්බන්තොට, අම්පාර,ගාල්ල ,මාතර,කොළඹ , කළුතර ,පුත්තලම,මන්නාරම දක්වා දිවයින වටා සියලුම ධීවර වරායන් වලින් සහ කුඩා යාත්‍රා දියත් කරන තොටුපළවල් සහ නැංගුම් පොළවලින් දියත් කරන බහු දින ධීවර යාත්‍රා, එක් දින යාත්‍රා සහ සම්ප්‍රදායික කුඩා යාත්‍රා ඇතුළු සියලු ධීවර යාත්‍රා රැකියා සඳහා පිටත් වීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටවන බව ධීවර හා ජලජ සම්පත්…

Read More

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව කාලගුණවිද්‍යා දෙපාර්තතමේන්තුව කියයි. දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. උතුරු, උතුරුමැද , මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං පවතී .ගිගුරුම් සහිත වැසි සමග…

Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට පොළොන්නරු දක්වා සීමා කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා සහ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා අද උදේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි. මේ වනවිට මඩකලපුව මාර්ගයේ ගංවතුර තත්ත්වයක් පවතින බව දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අසූ දහසකට අධික මුදලක් වැයකර ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද (26) යළි විභාගයට ගත්තේය. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි. ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි. වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජනවාරි මස 27 දා දක්වා කල්තැබීමටද අධිකරණය නියෝග කළේය.

Read More

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය. ඒ ඔහු විසින් 2021 වර්ෂයේදී බේස්ලයින් පාරේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදිමේ සිද්ධියකට අදාළ නඩුවක් අද කැඳවු අවස්ථාවේදී ය. පසුගිය 21 වනදා අභිනව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායක අසුනේ වාඩිවී ඉන් ඉවත්වීමට ප්‍රතික්ෂේප කිරීමත් එම සිදුවීම ෆේස්බුක් ඔස්සේ විකාශය කිරීමත් හේතුවෙන් ඔහු ගැන වැඩි අවධානයක් යොමුවිය. එම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (25) ආරම්භ වූ වැඩසටහනක් අතරතුරදී ඔහු සිය කනගාටුව ප්‍රකාශ කළේය.

Read More

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, 2014 – 2022 කාලයේ දී ණය ගැනීමට සිදුවුයේ, ලංවිම වියදම් අනුමත කළද , ඊට ගැලපෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයට නියාමක නිලධාරීන් කටයුතු නොකළ නිසා බවය. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පැවති ක්‍රමවේදයට අනුකූලව, 2024 අවසන් කාර්තුවේ පුරෝකතනය කළ වියදම්ද, දෙවන හා තුන්වන කාර්තුවල ආදායම් ද, 2014 – 2022 වකවානුවේ ගත් ණය යළි ගෙවීම් ද සළකා, 6% සිට 11% දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය 2024.10.24 දින ඉදිරිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියාමක විසින්…

Read More

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන බවය. “ඩොලර් උත්පාදනයේ ප්‍රධානම ක්ෂේත්‍රයක් තමයි විදෙස් ප්‍රේෂණ. එතැනදි දැනට කොරියාවේ සේවය කරන 28,000ක්- 30,000ක් අතර වන විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ලබා දෙන මුදල් අතිශය වැදගත්. ඒ සඳහා රජය මැදිහත්ව විදේශ සේවා කාර්යාංශය සමග එක්ව යම් නියමිත නීත්‍යානුකූල ක්‍රමවේදයක් මෙතෙක් දියත් කරමින් සිටියා. ඒක තමයි E9 වීසා ක්‍රමවේදය. නමුත් මේ E8 වීසා ක්‍රමවේදය විදේශ සේවා නියුක්ති කාර්යාංශයවත් දන්නේ නැති, විදේශ…

Read More