Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කිරීමට පියවර ගෙන තිබේ. අද (07) ආරම්භ වුණු නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ආරම්භ වුණු අතර එහිදි කථානායකවරයා විසින් මෙම පත් කිරීම් පිළිබඳ නිවේදනය සිදුකරනු ලැබීය. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මින් පෙර පත් කෙරිණි.
“ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය” යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමිනි. “අපි ඇත්ත වශයෙන්ම මේ මොහොත් ඒ ව්‍යාපෘතිය යටතේ ඒ තොරාාගත් පාසල් පිළිබඳව සමාලෝචනයක් කරනවා. ව්‍යාපෘතියට තෝරාගත් බොහෝ පාසල් අඩක් නිමකරලා අතරමග නැවතිලා තියෙනවා. ඒ නිසා ඒ සියලු පාසල් සමාලෝචනය කරමින් අපේ සැලැස්ම අනුව සියලුම දරුවන්ට කිලෝමීටර් 3ක සීමාව ඇතුළත යන්න පුළුවන් ප්‍රාථමික පාසලක්, එහෙම පාසල් ගණනාවක් එකතු කරමින් යන්න පුළුවන් අංගසම්පූර්ණ ද්වීතික පාසලක් වෙනුවෙන් වර්ධනය කර ගැනීම සඳහා සැලසුම් කරගෙන යනවා. ඒ වගේම 80%- 90%ක් වැඩ ඉවර කරලා තියෙන…
ආණ්ඩුව රට ‘ක්ලීන්’ කරනවා නම් පළමුවෙන්ම ප්‍රධාන පොරොන්දුවක් වූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ ගැටලුව ‘ක්ලීන්’ කළ යුතු බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වැඩියෙන් ගෙවීමට සිදුව ඇති රුපියල් කෝටි 300 ක් වැඩිපුර ගෙවීම පිළිබඳ ප්‍රශ්නය ‘ක්ලීන්’ කළ යුතු බවත් හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (6) පැවසීය. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ පිහිටි නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ කීය. විවිධ දේවල් මඩේ ඔබමින් සංදර්ශන පවත්වනවා වෙනුවට එක් එක් කරුණු නිෂ්චිත වශයෙන් රටට ඉදිරිපත් කර නිමකළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ බලය ජනතාව ආණ්ඩුවට දී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. ජනතාව වර්තමාන ආණ්ඩුවට තුණෙන් දෙකක බගයක්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාවිතා නොකෙරුණු ගුවන් යානා තුනක් වෙනුවෙන් බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අවශ්‍යතා තක්සේරුවට අනුව ගුවන් යානා විසි හතක් අවශ්‍ය බහු පැවසේ පැවසේ. පසුගිය වසරේ අගෝස්තු දොළහ දිනට සමාගම යටතේ භෞතික හා මෙහෙයුම් ගුවන් යානා ඇණි පිළිවෙලින් 22ක් සහ 18 ක් විය. ඉන් ගුවන් යානා තුනක් 2013 වර්ෂයේ ඔක්තෝබර් 29 දින සිට පසුගිය වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලයේදී භාවිතයෙන් බැහැරව ඇත. එම කාලය තුළ බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. මේ අතර ශ්‍රී ලංකන්…
කනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේය. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව කැනඩා මාධ්‍ය වාර්තා කිරීමත් සමග අගමැති ටෘෘඩෝ ඊයේ එරට වේලාවෙන් පෙරවරු 10.45 ට මාධ්‍ය හමුවක් කැඳවූ අතර එහිදී තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වීමට බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය. නව නායකයකු තෝරා ගන්නා තෙක් පාර්ලිමේන්තු කටයුතු එළැඹෙන මාර්තු 24 වැනිදා තෙක් අත්හිටුවන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය. තමන් කැනඩාව පිළිබඳව සැමවිටම සිතන බවත් මේ අවස්ථාවේ සිය රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ගත…
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වී 8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම් විස්තර වාර්තා ලබන මාර්තු මස 1 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත. රේගු ආඥා පනතේ (අ) උපලේඛනය මගින් ප්‍රකාශිත සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ ( HS)87.03 යටතේ වර්ගීකරණය කර ඇති එන්ජින් ධාරිතාවය 1800CC ට වැඩි පැට්‍රල් වාහන සහ එන්ජින් ධාරිතාවය 2300CC ට වැඩි ඩීසල් වාහන ( ඩබල් කැබ්, සින්ගල් කැබ්, වෑන් බස් ලොරි ට්‍රක් යනාදිය ඇතුළත් නොවේ) මෙසේ වෙන්දේසි…
ගල්කිස්ස සෙම්බලන්කොටුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් ඥාති සහෝදරයන් දෙදෙනෙකු මියගොස් ඇති බව ගල්කිස්ස පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේ පදිංචි 39 සහ 20 හැවිදි පුද්ගලයන් දෙදෙනෙකි. යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවන් කළ වැඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් තිබූ අතර අනිත් පුද්ගලයා කළු බෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි. මියගිය පුද්ගලයන් දෙදෙනා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දකුණු සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දීමට ඉන්දියාව සූදානම් බව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි. ඔහු මෙම අදහස් පළකළේ අද (06) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති හමුවකදී ය. එහිදී මහකොමසාරිස්වරයා පැවසුවේ ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවය. තරුණ කටයුතු ක්ෂේත්‍රයේ දෙරට අතර සම්බන්ධතා ඉදිරියේ දී තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉන්දියානු තරුණ කටයුතු අංශයට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කර තිබේ. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ, මහාචාර්ය ජෝසප් යෝගරාජා (Stanislaus Joseph Yogarajah) යන මහත්වරු සහ ලරීනා අබ්දුල් හක් (Lareena Abdul Haq) මහත්මිය පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ලබාදුනි.
