Author: LANKA24X7

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සීත ගගුල ප්‍රදේශයේ පිහිටි අම්බලම ප්‍රතිසංස්කරණය කර 2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය සදහා එම මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් සදහා පසුගියදා (13) විවෘත කෙරිණ. මාස් බොඩිලයින් පෞද්ගලික සමාගමේ මුල්‍ය අනුග්‍රහය මත ශ්‍රි ලංකා යුධ හමුදාව මගින් එම අම්බලම සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර වන්දනාකරුවන් වෙත විවෘත කර තිබේ. ශ්‍රි ලංකා යුධ හමුවේ මධ්‍යම පළාත් භාර ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් මනත යහම්පත් මහතා සහ මාස් බොඩිලයින් සමාගමේ මානව සම්පත් සහ මෙහෙයුම් නියෝජ්‍ය සමාන්‍යාධිකාරි සුරංග විජේතුංග යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. කාලයක් තිස්සේ එම අම්බලම දැඩි ලෙස අබලන් වි තිබිම නිසා වන්දනාකරුවන්ට එහි ගිමන් හැරිමට නොහැකි තත්ත්වයක පැවතිම නිසා ශ්‍රි…

Read More

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කළ බහාලුම් 03ක තිබූ පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 75,000ක් ප්‍රති අපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව ආනයනකරුවන්ට දැනුම්දී තිබේ. එලෙස ආනයනය කරන ලද බහාලුම් දෙකක සහල්වල ගුල්ලන් සිට ඇතැයි අනාවරණවී ඇති අතර අනෙක් බහාලුමේ තිබු සහල් උරවල කල් ඉකුත්වීමට ආසන්න දින සහිත පැරණි ලේබලය මතම නව ලේබලයක් අලවා ඇතැයි හෙළිවීම ඊට හේතුවය. මෙරට සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට රජය ඉකුත් 04 වැනිදා සිට අවසර ලබාදුනි. ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් සහල් ආනයනය කෙරෙමින් පවතින අතර පසුගිය 4 වැනිදා සිට පසුගිය (13) දහවල් දක්වා පෞද්ගලික ආනයනකරුවන් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 2300ක් රේගුව…

Read More

කථානායක ධුරය සඳහා මේ වනවිට නම් තුනක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන අයගේ නම් යෝජනා වී ඇති බව වාර්තා වෙයි. කථානායක අශෝක රංවල මහතාට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පසුගිය දිනවල රටතුළ දැඩි ආන්දෝලනයක් මතුවුණි. එවන් පසුබිමක පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයකින් පසුගිය (13) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් රංවල මහතා සඳහන් කළේ, තමා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය. ඒ අනුව, ඒ මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකර ඇති අතර ජනාධිපතිවරයා විසින් එය පිළිගෙන තිබේ. එම ඉල්ලා…

Read More

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ලලිත් කන්නංගර නොහොත් “බස් ලලිත්” නමැති අපරාධකරුගේ තර්ජන හමුවේ හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් රැසක් මේ වනවිට සිය නිවෙස් අත්හැර පළාගොස් තිබේ. ඔහුගේ තර්ජන හේතුවෙන් ඇතැම් ව්‍යාපාරික ස්ථානවලට පොලිස් ආරක්ෂාව ද යෙදවීමට පියවරගෙන ඇති බව පොලීසිය පැවසීය. ලලිත් කන්නංගර නොහොත් “බස් ලලිත්” නමැති අපරාධකරු ඩුබායි රාජ්‍යයේ සිට මෙරට තුළ සිය අපරාධ කටයුතු යහමින් සිදුකරමින් සිටී. 34 හැවිරිදි ඔහු මනුෂ්‍ය ඝාතන 5කට පොලීසියට අවශ්‍යව සිටින අයෙකි. ඒ අතරින් බූරු මූණා ලවා 2022 වසරේ හංවැල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සමාජයේ දැඩි කතාබහට ලක්වුණි. ඊට හේතු වුයේ අදාළ ව්‍යාපාරිකයා ඔහුට කප්පම් මුදල් ලබානොදීමය. එමෙන්ම පසුගිය සැප්තැම්බර් මස 30වනදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේ…

Read More

වැලිපැන්න පොලිස් වසමට අයත් වැලිපැන්න ගබඩා හන්දිය ප්‍රදේශයේ පිහිටි අවන්හලකට ආහාර ලබා ගැනීමට ගිය පුද්ගලයින් හා ආපනශාලාවේ හිමිකරුවන් අතර ඇති වූ ගැටුමකින් තිදෙනකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළු කළ බව වැලිපැන්න පොලිසිය ප්‍රකාශ කරයි. පුද්ගලයින් තුන්දෙනෙකු අවන්හල වෙත ඊයේ සවස ආහාර ලබා ගැනීමට ගිය අවස්ථාවේ ලබාගත් ආහාර පිළිබඳව කතාබහක් දුර දිග යාමෙන් මෙම ගැටුම ඇති වීි තිබේ. ආපනශාලාවේ සේවකයින් මෙම පුද්ගලයින් තුන්දෙනාට තියුණු ආයුධවලින් පහර දී ඇති අතර ඔවුන් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පහර දුන් පුද්ගලයින් තුන්දෙනෙකු මේ වනවිට වැලිපැන්න පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ රෝහල් කරගත කොට ඇත්තේ වැලිපැන්න, දෙනියාය සහ ඉත්තපාන ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.…

Read More

අරුමාහන්දි ජනිත් මධුසංක නොහොත් පොඩී ලැසී නමැත්තාට ඊයේ බලපිටිය මහේස්තාත් ආර්ගඩීගජානක මහතා ඇපමත මුදාහරින ලෙස නියෝග කළේයග බළපිටිය මහාධිකරණයෙන් නියෝග කරන ලද රුපියල් ලක්ෂ දහයක ඇපයක් ඊයේ (09දා) සම්පූර්ණ කිරීම සැලකිල්ලට ගත් මහේස්තාත්වරයා අරුමාහන්දි ජනිත් මධුසංක නමැත්තාට ඇප ලබාදෙන ලෙස මහේස්තාත්වරයා නියෝග කළේය. ඇපලැබූ ජනිත් මධුසංක නමැත්තා බළපිටිය අධිකරණ භූමියෙන් පිටව මෝටර් රථයක නැගී ඔහු පදිංචි තෙල්වත්ත දෙසට නොව කොළඹ දෙසට යන අයුරු දැකගත හැකිවිය. ජනිත් මධුසංක නමැත්තාට එරෙහිව අම්බලන්ගොඩ පොලීසිය විසින් මත් කුඩු ලග තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ගොනු කොට තැබූ නඩුවක් සැලකිල්ලට ගනිමින් මෙසේ ඇප නියම කරනු ලැබීය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවය.සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215කි. උපරිම සිල්ලර මිල රුපියල් 220කි.දේශීය නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක් වන අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 230කි. දේශීය කීරිසම්බා කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 255ක් වන අතර උපරිම සිල්ලර මිල රුපියල් 260කි. ආනයනික සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක් සදහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් වන අතර…

Read More

කුලී ගමන් යන මුවාවෙන් කුලී රථවල රන් භාණ්ඩ පැළඳ සිටින රියදුරන්ගේ රන් භාණ්ඩ සූක්ෂම ලෙස කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුවන් ත්‍රිරෝද රථයට ගොඩවී මත්කුඩු වර්ගයක් රියදුරුට පානය කිරීමට දී මෙම කොල්ලය සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි. රුපියල් ලක්ෂ පනස් පහකට ආසන්න වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාණ්ඩ සැකකරුවන් කොල්ලකා ඇතැයිද ඉන් රුපියල් ලක්ෂ 41ක් වටින රණ් භාණ්ඩ තොගයක් හෙට්ටි වීදිය රන් භාන්ඩ අලෙවි සැලකින් සොයා ගැනීමටද පොලීසිය සමත්ව ඇත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ සැකකරුවන් පොලිස් වසම් 15ක පමණ මෙම සොරකම්වල නිතරව ඇති බවය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස…

Read More

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නමින් හඳුන්වන 32 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මොහු ශ්‍රී ලංකාවේ ද ඝාතන කිහිපයකට සම්බන්ධ බව සඳහන්ය.

Read More