Author: LANKA24X7

ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් රුපියල් 250,000 ක අල්ලස් මුදලක් ලබාගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ, බටහිර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියෙකි. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ සේවකයින්ට මාසිකව ගෙවනු ලබන මූලික වැටුප රුපියල් 5000 කින් වැඩි කළ යුතු බවත්, වැඩි කළ මුදලට අදාළව රජයට ගෙවිය යුතු සේවකඅර්ථසාධකය මුදල් ගෙවිය යුතු බවත් බවත්, මෙම ආයතනය සම්බන්ධයෙන් පෙර වැරදි ඇති බවත් දන්වා ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුවත් කර නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා සහ විමර්ශන කටයුතු සඳහා භාරයට ගත් ලේඛන…

Read More

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කර තිබෙන ඉල්ලීම ලබන 27 වන දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම නඩුකරය අද (22) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ම මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇත. ඒ අනුව අදාළ ඇප ඉල්ලීම ලබන විසිහත් වන දවස සලකා බලලා බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය. ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රමය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට…

Read More

නව තාක්ෂණය උපයෝගි කරගනිමින් කොළඹ නගරයේ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් හඳුනා ගැනීම සඳහා නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලීසිය මගින් හඳුන්වා දී තිබේ. මාර්ග අනතුරු අවම කරගැනීම සහ රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම නව ව්‍යාපෘතිය මගින් සිදුකිරීමට අපේක්ෂා කරයි. රියදුරන්ගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් පසුගිය කාල සීමාව තුළ කොළඹ නගරයේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුණි. මෙම මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා නව තාක්ෂණය උපයෝගි කරගත් මෘදුකාංගයක් හඳුන්වා දීම වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණි. මෙම නව මෘදුකාංගය මගින් කොළඹ නගරය තුළ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් කොළඹ ප්‍රධාන CCTV මෙහෙයුම් මැදිරියේ CCTV…

Read More

දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තවත් දෙදෙනෙකු ස්ථානමාරු කර තිබේ. ඒ අනුව, පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත. එමෙන්ම කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂකවරියක සහ උප පොලිස් පරික්ෂකවරයෙකු ස්ථාන මාරුකිරීමට පියවර ගෙන තිබේ. ප්‍රධාන පොලිස් පරික්ෂකවරිය කඩුගන්නාව පොලීසියටත් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස්පරීක්ෂකවරයා වෙලම්බොඩට පොලීසියටද ස්ථාන මාරු ලබා දී තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ…

Read More

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා UNESCO THE ආයතනය සමඟ 2022 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. එකී අවබෝධතා ගිවිසුමේ විධිවිධාන වලට අනුකූලව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ” පාර්ශ්වකරුවන් ජල සේවා කොටස් හිමියන් බවට පරිවර්තනය කිරීම පිණිස ප්‍රජා වගකීම් කළමනාකරණය ” යන තේමාව යටතේ ජලය සහ සෞඛ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විස්තීරණ ව්‍යාපෘති යෝජනාවක් IHE-Delft Institute for Water Education ආයතනය වෙත ඉදිරිපත්…

Read More

පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ බව කියන හිටපු හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල බද්දේගම සහ මහනුවර ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 39 සහ 25 වියැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය. කතිකාචාර්යවරයකු විසින් ඉංගිරිය ප්‍රදේශයේ දේවාලයක් ඉදිකර පවත්වාගෙන ගොස් ඇති අතර , එම දේවාලයට රටේ ප්‍රභූ දේශපාලකයන්ද පැමිණ ඇති බව පොලිසිය කීය. එම දේවාලයකින් දේව ප්‍රතිමා හතරක් සොරකම් කර ඇති බවට කතිකාචාර්ය වරයා පසුගිය අගෝස්තු 29 දා ඉංගිරිය පොලිසියට පැමිණිලි කර ඇති බවද පොලිසිය සදහන් කරයි.

Read More

නැගෙනහිර, උතුරු,උතුරු – මැද මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර,උතුරු – මැද ,ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදි වැසි ඇති විය හැකියි.

Read More

රත්නපුර සබරගමුව මහ සමන් දේවාලය සතු එහි තැන්පත් කර තිබූ ඇත්දළ යුගල දෙකක් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා භාරදීමට කටයුතු නොකිරීම පිළිබඳව බෞද්ධ කටයුතු රත්නපුර සහකාර කොමසාරිස් පී.ඩී. නිහාල් මහතා රත්නපුර පොලිසියට පැමිණිලි කර ඇතිබව රත්නපුර පොලිසිය පවසයි. මේ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක මහතාගෙන් දුරකථන මගින් කළ විමසීමේදී ඔහු පැවසුවේ සබරගමුව මහ සමන් දේවාලයේ ඉකුත් වසරේදී කළ භාණ්ඩ සමීක්ෂණ වාර්තා අනුව මෙම ඇත්දළ යුගල් දෙක දේවාලයේ නොමැති බව තහවුරු වූ බවයි.

Read More

තම අලුත උපන් බිළිඳා ළිඳකට දමා ඝාතනය කළ මවක අත්අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චාවකච්චේරි කයිතඩි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවකි. පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වීී ඇත්තේ චාවකච්චේරි නැගෙනහිර මුත්තයා මාවත ප්‍රදේශයේ ඇති වෙල්යායක් මැද තිබූ ළිඳකට බිළිඳා දමා ඝාතනය කර ඇති බවය.

Read More