Author: LANKA24X7

යතුරුපැදියක් අනතුරට ලක්කර 7 හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලා ගොස් නැවත 32 හැවිරිදි පියා විදුලි කණුවක හප්පා මරණයට පත්කල බව කියන ලොරි රථය රියදුරු සමග ඊ (02) දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. බලන්ගොඩ නගරයේ දි මෙම ලොරි රථ රියදුරු විසින් යතුරුපැදියක ලොරි රථය හප්පා හත් හැවිරිදි දැරියකට තුවාල සිදු කර පලා ගොස් තිබුණ. පසුව එම දැරියගේ පියා සිය යතුරු පැදියෙන් ලුහුබැඳ ගොස් ලොරි රථයේ රියදුරු අසුන පැත්තේ ඇති දොරට නැග රියදුරු බස්සවා ගැනිමට උත්සාහ කර තිබුණ අතර එහිදී ලොරි රථ රියදුරු විසින් ලොරි රථය විදුලි කණුවක හප්පා…

Read More

පක්ෂය නැවත තීරණය කළහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී ඇත. එසේම පක්ෂය ගත් තීරණය තමාට පෞද්ගලිකවම මැදිහත්වී වෙනසක් කළ නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවෙසේදී (1) හමුවී සාකච්ඡා කර ඇත හිටපු ජනාධිපතිවරයා සිය ස්ථාවරය මෙසේ දැනුම් දී ඇත්තේ එම හමුවේදීය. දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් ඉතා සුහද අයුරින් පැවැත්වුණු බව දැනගන්නට ඇත. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන…

Read More

ඊශ්‍රායලය හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමට පිළිතුරු ලෙස හිස්බුල්ලා, හවුති, හමාස්, ජිහාඩ් සංවිධාන සහ ඉරානය එකතුවී ඉදිරි දින කීපයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (02) වාර්තා කළේය. ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ යුතු හොඳම සහ වැඩිම හානියක් කළ හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉරාන රජයේ ඉහළ නිලධාරීන් ලෙබනනය, ඉරාකය සහ යේමනයේ සිය හිතවාදීන් (01) ටෙහෙරානයේදී මුණ ගැසී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම සාකච්ඡාව සඳහා හිස්බුල්ලා, හවුති, ඉස්ලාමීය ජිහාඩ් සහ හමාස් සංවිධාන මෙන්ම ඉරාක සන්නද්ධ කණ්ඩායම් වල ඉහළ පෙළේ සාමාජිකයන් සහභාගීවී ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය. ඉරානය සිරියාවේ සිට ඩ්‍රෝන යානා යොදා…

Read More

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබේ.

Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.

Read More

මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ආයතනය එක්වී පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සිදුකරන ලද ගෘහස්ථ සමීක්ෂණයේදී මේ පිළිබඳ කරුණු හෙළිවී ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඒ බව පැවසීය. මෙරට දිස්ත්‍රික්ක 25තුළ නාගරික, ග්‍රාමීය සහ වතු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නිවාස ඒකක 3210ක නියැදීන් යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත. මේ තීරණය ගෙන ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පක්ෂ මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ උප සභාපතිවරුන් වන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතාංජන ගුණවර්ධන, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන සහ උප ලේකම් ලලිත් රෝහණ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Read More

මාවනැල්ල නඟරයේ පෙරපාසලක කුඩා දැරියකගේ හිසට පොල්ගෙඩියක් වැටි තුවාල ලැබූ දැරියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. පොල්ගෙඩිය වැටීමෙන් තුවාල ලැබූ දැරිය මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු බරපතළ තත්වයේ පසුවූ බැවින් මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කළ පසු මරණයට පත්ව ඇතයි මාවනැල්ල පොලිසිය පැවසීය . අනතුරින් මරණයට පත්ව ඇත්තේ රනුලි හසත්මා එදිරිමාන්න නැමැති දියණියකි. දැරියගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක් බවත් පියා රජයේ රෝහලක ගිලන්රථ රියදුරකු වශයෙන් කටයුතු කරන බවද පොලිසිය පැවසීය . පෙරපාසැලේ ගේට්ටුව වහන්න එනවිට පාලිකාව පිටුපසින් දුවගෙන ආ දරුවන් තිදෙනා සමග නැවත පෙරපාසලට යමින් සිටියදි රනුලි දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටිමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත. මියගිය දියණියගේ…

Read More

සියලු දෙනා ප්‍රාර්ථානා කරන දූෂණයෙන් තොර ශ්‍රී ලංකාව බිහිකරගැනීමට අවශ්‍ය බවත් සිය පාලනයක් යටතේ මාස හයක උපරිමයකට යටත්ව මෙරට දූෂණය මුළුමනින්ම මුදාගැනීමට ප්‍රතිඥා දෙන බවත් මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඊ (1) පැවසීය. කොළඹ හයිඩ් පිටියේදී ඊයේ (1) පැවැති දහසක් සිවිල් සංවිධාන රැස්වන ‘පිරිපුන් දේශයක්’ සමුළුවේදී දිලිත් ජයවීර මහතා එසේ පැවසීය. උපායමාර්ගික වැඩපිළිවෙළකින් තොරව ගමේ දුප්පත්ම දුප්පත් සමෘද්ධි ලාභියාගේ ජීවිතයේ වෙනසක් කිරීමට වෙනත් කිසිඳු මගත් නොමැති යැයි පැහැදිළිවම තහවුරු වී ඇති බවත් සම්ප්‍රදායික දේශපාලනය කරමින් අස්වැසුමෙන් ලැබෙන රුපියල් පන්දහස තවත් රුපියල් පන්දහසකින් වැඩි කරනේ යැයි නොකියන බවත් ඒ මහතා කීය. ජනතාවගේ හිතේ හයියෙන් ඔවුන්ට නැගිටිය හැකි ආකාරය…

Read More

ඉතාම පහළ රැකියාව කරන පුරවැසියාගේ සිට ඉහළ යැයි පිළිගන්නා රැකියාව කරන පුරවැසියා දක්වා නීතිය සමව ක්‍රියාත්මක වන රටක් කළාකරුවන් බලාපොරොත්තු වන බවත් කළා නිර්මාණයකට වටිනාමක් දෙන යුගයක් බිහිකිරීමේ හැකියාව සජිත් ප්‍රේමදාස මහතාට ඇති බවත් සමඟි ජන බලවේග කලා සංගමයේ සාමාජිකා ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඊයේ (1) පැවසුවාය. සමඟි ජන බලවේග කලා සංගමය කොළඹදී ඊයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී දමිතා අබේරත්න මහත්මිය එසේ පැවසුවාය. රටේ පාලකයන් ඔවුන්ගේ හිතවතුන්ට වාසි ගෙන දෙන ආකාරයට බදු මුදල් අඩු කර අදූරදර්ශී පාලනයක් ගෙන ගොස් රටේ ආර්ථිකය විනාශ කළ බවත් ඉන්ධන, කිරිපිටි නොමැතිව පෝලිම් ඇතිව ආර්ථික බර කුස්සියේ ඉන්න මවට දරාගැනීමට නොහැකි වීම නිසා…

Read More