Author: LANKA24X7

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ පසුගිය (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. එම සහල් මෙට්‍රික්ටොන් 67000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 28500 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 38500ක් ඇතුළත් වූ බවත් එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැගින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.

Read More

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. දෙරට අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය තහවුරු කර ගැනීම එම සංචාරයේ අරමුණ බව ජනපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේදී ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත විය.

Read More

දඹුල්ල වෑවලවැව අලකොලවැව ප්‍රදේශයේ අක්කර තිහක පොල් වත්තකට වන අලි රංචුවක් කඩා වැදී පල දරන පොල් ගස් සියයකට අධික ප්‍රමාණයක් පෙරලා බිම දමා විනාශ කොට ඇතැයි ගොවීහු පවසති. වසර දහයකට පමණ වයස ඇති ඉතා සරු පලදාවක් ඇති මෙම පොල් වගාවට වසර කිහිපයකම සිට වරින් වර වන අලින් රංචුපිටින් කඩා වැදී පොල් ගස් විනාශ කිරීම සිදුවන බවත් මේ වනවිට පොල් ගස් හයසියයකට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වන අලින්ගේ විසින් විනාශ කර දමා තිබෙන බව ගොවීහු පෙන්වා දෙති. රටේ පොල් පලදාවට මෙතරම් හානියක් සිදු කළ ද තවමත් කිසිදු විසඳුමක් ලැබී නැති බව ඔවුහු පෙන්වා දෙති.

Read More

කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී බස් රථයක් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව ඇතැයි වාර්තා වේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට නුවර බලා ධාවනය වූ තෙල්දෙණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයකි. අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද සඳහන්. තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද සඳහන්.

Read More

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි. එම බස් රථයේ ගමන් ගත් මඟින් 46 හැටන් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තුවාල ලැබූ මගීන් කීපදෙනකු මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇති බවද හැටන් පොලිසිය පවසයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Read More

ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. පෞරාණික වටිනාකම් සහිත ඇමැති බංගලා ඒ සඳහා වෙන් කෙරෙනු ඇතැයි පැවසූ හෙතෙම මෙමගින් ලොකු ආදායමක් උපයාගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය. මේ අතර ඇමැති බංගලා සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එම ඇමති බංගලා අයත් අමාත්‍යාංශ මොනවාද සහ එම බංගලා වලට අයිතිය දේපළ මොනවාද ඇතුළු කරුණු කාරණා රැසක් මෙහිදී සොයා ගැනීමට නියමිතය. මේ අතර රජයේ සේවකයන් වෙනුවෙන් ලබා දී ඇති බංගලා ඔවුනට දිගටම ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසයි. ඇමතිවරුන්…

Read More

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් අදාළ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය. ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරිහු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඊයේ පැමිණියහ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. වෙබ් අඩවියට එම තොරතුරු ඇතුළත් කිරීමට පාදක කරගත් බව කියන ලිපි කිහිපයක් පාර්ලිමේන්තු නිලධාරීන් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදී ඇතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තුව වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදුව ඇති බවට නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිලි කළේය. ඒ අනුව එම සිද්ධිය…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී එට්කා ගිවිසුමට අත්සන් නොතැබූ බවත් එට්කා පිළිබඳව මෙතෙක් ඇති වී තිබෙන එකඟතාවන් තවත් සාකච්ඡාවලට භාජනය කරමින් සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට පමණක් ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (20) ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එට්කා ගිවිසුම එසේත් නැතිනම් ශ්‍රී ලංකා – ඉන්දීය ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක්, සංවාදයක් කාලයක සිට පැවත එන බවත් ජනාධිපතිවරයා රටට හානිදායි කිසිම ගිවිසුමකට අත්සන් නොතබන බවත් එහිදී අමාත්‍යවරයා පැවැසුවේය. ඉන්දීය සංචාරයෙන් පසුව එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරන බවට කටකතා පැතිර…

Read More

බොරලැස්ගමුව පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට පහර දී බරපතල තුවාල සිදුකළ රංගන ශිල්පිනියකගේ ෙ සැමියා වන හිටපු ගුවන් නියමුවකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ආර්. ආර්. ගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයෙ තැබිමට නියෝග කළාය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ බොරලැස්ගමුව දිවුල්පිටිය පන්සල පාර පදිංචි සම්පත් චාමික බණ්ඩාර දිසානායක නමැත්තෙකි. පහරදීමෙන් බරපතල තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. පවුල් ආරවුලක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනිය බොරලැස්ගමුව පොලිසිය වෙත දුරකථනය හරහා කරන ලද පැමිණිල්ලකට අනුව රාත්‍රී ජංගම…

Read More