Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රටේ අහිංසක මිනිසුන්ගෙන් කාලා බීලා ඉන්න ලැජ්ජාවක් නැද්දැයි ප්‍රශ්න කරන බවත් ජනතාවට බරක් නොවී කරුණාකර ඔය සුපිරි නිවෙස් වලින් යන්නැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන්ගේ ඉල්ලා සිටින බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මහින්ද රාජපක්ෂ මහතාගේ මහ මන්දිරය වෙනුවෙන් පෙනී සිටින අයට වගේම ඒ නිවසේ සිටින අයටද ලැජ්ජාවක් නැති බව පැවසු අමාත්‍යවරයා උස මහත දරුවන් තිදෙනෙකුට තමන්ගේ අම්මා තාත්තා රැක බලා ගැනීමට හැකියාවක් තිබිය යුතු බවද ප්‍රකාශ කළේය. නාවික හමුදාවේ දරුවකු සේම හඳට රොකට් යවන දරුවකුද සිටින බව ඔහු පෙන්වා දුන්නේය. හිටපු ජනාධිපති මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග…
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවාගැනීමේ දි වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම එක්ව අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට්පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්ට උකු වෙල මහනුවර සහ මාතලේ පදිංචි වයස අවුරුදු 34-44 පසුවන්නන්ය.
රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය. නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගන්නා ලද ඉඩමකට අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.
රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි. දේශපාලන හිතවත්කම් සහ ඥාති සබඳතා මත තානාපති සේවයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේදය අවසන් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා මෙම අදහස් පළ කළේය.
ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමින් සභාපතිවරයා මේ බව කීය. නියාමනයන් සිදුකොට නිවැරදිව රැකියා සදහා ජනතාව විදේශගත කළ යුතු බවත්, කාර්යාංශයේ නීති රෙගුලාසිවලට යටත්ව නිරතුරුවම කාර්යාංශයේ අභිමානයද රැකගෙන කටයුතු කළ යුතු යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් කීය. එසේම විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් ඒජන්සි ආයතන වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවත්, මුදලට…
පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව සියයට 5 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇතැයි මෙරට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාව ඇමෙරිකාවට සිදුකළ ඇඟලුම් අපනයනය 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සමස්ථයක් ලෙස සියයට 5.23 කින් වර්ධනය වී ඉන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එක්සත් රාජධානිය හැර යුරෝපයට සිදුකළ ඇඟලුම් අපනයනය සියයට 0.81 කින් වර්ධනය වී ඉන් ලැබූ අදායම ඩොලර් බිලියන 1.4 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දත්ත වාර්තාවේ සඳහන් වේ. එසේම ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට සිදුකළ ඇඟලුම් අපනයනයන්…
ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටිමින් ජනපති ට්‍රම්ප් හිටපු ජනපති ජෝ බයිඩන් විවේචනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනපති ට්‍රම්ප් ෆොක්ස් පුවත්සේවය සමග සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙරේදා(22) ධවල මන්දිරයේදී සහභාගී වී ඇති බවත් එහිදී හිටපු ජනපති ජෝ බයිඩන් සිය ධුරයේ අවසන් දිනයේදී ඔහුගේ පවුලේ සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කීපදෙනෙකුට පූර්ව ජනපති සමාව ලබාදීම සම්බන්ධයෙන් විවේචනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය පළමු ධුර කාලය අවසන් වීමට මත්තෙන් තමාටද මෙම අවස්ථාව ලැබුණු බවත් නමුත් එහිදී කිසිවෙකුට ජනපති සමාව ලබාදීමට අවශ්‍ය නැති බව තමන් ප්‍රකාශ කළ බවත් ජනපති ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවේදී…
මදුරන්කුලිය උනාවෙලිය හෙට්ටිවත්තට ආයුධ සන්නද්ධව කඩා වැදිනු පිරිසක් සිදුකල වෙඩි තැබිමකින් එම වතුයායේ මුරකරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. මෙලෙස වෙඩි වැදිමකට ලක්ව ඇත්තේ අවුරුදු 34 ක තැනැත්තෙකී බව කියයි. වෙඩි තැබිමට තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බවත් අදාල සැකකරුවන් මුරකරුගෙ බිරිද විසින් හදුනා ගෙන ඇති බව කියයි. ඒ අනුව මදුරන්කුලිය පොලිසිය විසින් මෙම වෙඩි තැබිමට පැමිණි සැකකරුවන්ගෙන් එක් අයකු රාත්‍රියෙම අත් අඩංගුවට ගෙන ඇති බව කියයි.
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම චක්‍රලේඛය අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත් වන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා වන කාර්ය මණ්ඩලය 12කට සීමා කර ඇත. සෑම අමාත්‍යවරයකුටම ස්වේච්ඡා උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගැනීමට හැකියාව ඇති අතර එම උපදේශකවරුන් විෂය පථය සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතුන්, පර්යේෂකයන්, වෘත්තියවේදීන්, පුරවැසි සංවිධාන නියෝජිතයින් හෝ මහජන නියෝජිතයන් විය යුතු බව අදාල චක්‍රලේඛයේ දැක්වේ.එම පත් කිරීම් ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වෙයි. අමාත්‍යවරුන්ගේ පූර්ණ කාලීන උපදේශකවරුන් සංඛ්‍යාව දෙදෙනකු නො…
