Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි සෙසු ප්‍රදේශවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
සහල් ආනයනය කිරීමේ අවසරය රජය මගින් දීර්ඝ කළද ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. මෙරටට සහල් ආනයන අවසරය පසුගිය 20 දා අවසන් වීමට නියමිතව තිබූණද රජය මගින් සහල් ආනයනය කිරීමේ අවසරය නැවතත් ජනවාරි 10 දා දක්වා දීර්ඝ කෙරිණි. එහෙත් ඊට අදාළ ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කර නොමැති බවත් රේගුව සදහන් කළේය. සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වූ පසුගිය 20 දා වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර තිබූ බව රේගුව පවසයි.
අක්මිමණ කුරුඳුවත්ත හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක ඊයේ (23)රාත්‍රි ඇතිවු හදිසි ගින්නකින් වෙළඳ සල සම්පුර්ණයෙන්ම විනශවි ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි. ගින්න හට ගැනිමත් සමග ගාල්ල උඩුගම මාර්ගය කුරුඳුවත්ත හන්දියෙන් තාවකාලිව වසා දැමිමට පියවර ගත් පොලිසිය ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් රථ දෙකක් කැඳවා ගින්න නිවිමට පියවර ගන්නා ලදි. එහෙත් ඒ වනවිට වේළඳ සල සම්පුර්ණයෙන්ම ගිනි ගෙන තිබිණ. ගිනි ගැනිමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති අතර අක්මිමණ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
සහල් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකකට රේගුව විසින් අයකරනු ලබන රුපියල් 65ක බදු මුදල යම් ප්‍රමාණයකින් අඩුකර දෙන ලෙස බොහෝ ප්‍රදේශවල වෙළෙඳුන් රජයෙන් ඉල්ලා සිටී. වෙළෙඳුන් මෙන් පාරිභෝගික සංවිධාන පෙන්වා දෙන්නේ, ආනයනික සහල් බදු අඩු කළහොත් පාලන මිලට සහල් වෙළෙඳපොළේ පවතිනු ඇති බවය. මාස දෙකක පමණ සිට පවතින සහල් අර්බුදයට පිළියම් ලෙස උපරිම තොග හා සිල්ලර මිල පැනවීම, පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සහල් මෝල් වැටලීම මෙන්ම විදේශ රටවලින් සහල් ආනයනය කිරීමටත් රජය පසුගිය සමයේ විවිධ පියවර අනුගමනය කළේය. සහල් ආනයනයට අවසර හිමිවූ දෙසැම්බර් 20 වැනිදා දක්වා සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනයකර තිබූ බව ශ්‍රී ලංකා රේගුව පැවසීය. ඉන් මෙට්‍රික්ටොන් 38,500ක් නාඩු සහල්…
උළුක්කුලම, පාවක්කුලම ප්‍රදේශයේ දී කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (21) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 67 ක් වූ පුදුකුඩුමනේ, සුඩුවේන්ද්‍රපිලව් ප්‍රදේශයේ පදිංචිකාරියකි. මරණකාරිය ගවයන් රැගෙන යමින් සිටියදී ඇළක සිටියදී එලෙස කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. උළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශනය කරනු ලබයි.
ප්‍රදේශ කිහිපයක ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව කටයුතු කරන බහුදින යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බටහිර, මධ්‍යම, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ක්ෂණිකව පැ.කි.මී 55-60 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවය. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි දක්වා තිබේ. තවද ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ක්ෂණිකව පැ.කි.මී (55-60) දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශවල විටින් විට…
කිරිඳිවැල, වල්ගම්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (21) සවස් කාලයේ එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි. එලෙස මියගොස් ඇත්තේ, තිඹිරිගම, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි. එම ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් බදු පදනම මත ලබා ගත් ඉඩමේ සිටි මුරකරු විසින් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සැකපළ කරයි. සැකකරු ඝාතනය සිදුකර මරණකරුගේ යතුරු පැදිය ද රැගෙන පළා ගොස් ඇත. ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකදී සිදුවූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (21) එම අනතුරු සිදුව තිබුණේ මාරවිල, අම්බලන්තොට, ගම්පොල, හෙට්ටිපොළ, මඩකලපුව, මිරිහාන, කැබිතිගොල්ලෑව සහ සීදුව යන පොලිස් වසම්වලදීය පෑලියගොඩ – පුත්තලම මාර්ගයේ මාරවිල නගරයේදී කොළඹ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු මාරවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, දිවුල්වැව, ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර කොළඹ – වැල්ලවාය මාර්ගයේ වලවල ප්‍රදේශයේදී ටිපර් රථයක් ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගැටී සිදුවූ රිය අනතුරකින්…
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍රම්ප් සරාගීව සිපගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වේ. මෙලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූපය ගත් දිනයක් සටහන් නොවන අතර බේස් බෝල් ක්‍රීඩා තරඟයක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්ව සරාගීව සිපගන්නා අයුරු එහි දැක්වේ. මෙම ඡායාරූපයට ප්‍රශංසා මෙන්ම විවේචනද මිශ්‍රව ලැබී ඇති අතර “මේ තමයි අපේ ජනාධිපති” යැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඩොනල්ඩ් ට්‍රම්ප් වර්ණනා කරද්දී “ඇයට හුස්ම ගැනීමට වත් ඉඩක් දී නැහැ” යැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් සිප ගැනීම විවේචනයට ලක් කර…
නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉන් ඇතැම් ආයතන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇතැයි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන පවත්වමින් සිටින බව ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රකාශකයෙක් පැවසීය
