Author: LANKA24X7

විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතන සඳහා මුදල් ලබාදීමේ සිදුවීම්වල වර්ධනයක් තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පවසා සිටියේ, 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වසරේදී වංචනිකයන්ට මුදල් ලබාදීමේ සිදුවීම්වල 27%ක වර්ධනයක් තිබෙන බවයි. 2023 වසරේදී විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතන සඳහා මුදල් ලබාදීම් සම්බන්ධ පැමිණිලි 3675ක් ලැබී ඇති අතර, එය 2024 වසරේ දී පැමිණිලි 4658ක් දක්වා ඉහළගොස් ඇත. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, අදාළ වංචා සම්බන්ධයෙන් පුද්ගලයින් 132 දෙනෙකු 2024 වසරේදී අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම බලපත්‍රලාබී ආයතන 14ක හිමිකරුවන්ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන…

Read More

පාරිභෝගිකයෙකු වෙළෙඳසැලකින් මිලදී ගත් වියළි මිදි පාර්සලයක මියගිය හූනෙක් සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය වෙත ලැබී ඇත. ඒ, පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වූයේ අම්බලන්ගොඩ බටපොළ නින්දාන සමූපකාර වෙළෙඳසැලෙන් මිලදී ගත් වියළි මිදි පාර්සලයක මෙම මියගිය හූනා සිට ඇති බවය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය. 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට වැටෙන වැරදි යෝෂිත රාජපක්ෂ විසින් සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා සිටීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඒ අනුව යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය පනත ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය…

Read More

රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට ඊයේ (24) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි. රටක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් සහිත වුනා නම් සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බවත්, කවුරුත් කැමති තමන් ඉපදිච්ච මවු රටේ ස්වශක්තියෙන් නැගී සිටින්න යැයිද අමාත්‍යවරයා කීය.

Read More

ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකිණීමට පසුගිය රජය තීරණය කර තිබුණද වත්මන් රජය යටතේ එය කිසි ලෙසකින් විකුණන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. මෙහිදී අමාත්‍යවරයා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වර්තමාන තත්ත්වය, ආයතනය වල අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කළේය. වර්තමාන රජයේ ඉදිරි ජාතික වැඩපිළිවෙල අනුව පශු සම්පත් ක්ෂේත්‍රයේ ළඟා කරගැනීමට අපේක්ෂිත ඉලක්ක සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගත හැකි දායකත්වය පිළිබඳව ද සාකච්ඡා කළ අතර, ජාතික අවශ්‍යතාවයට සරිලන කිරි ඉදිරි වසර පහ තුළ දේශීයව නිෂ්පාදනය…

Read More

ගල්කිස්ස බඩෝවිට සිරිපාල මාවතේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි වෙඩික්කරු දින 6 කට පසු බියගම මල්වාන ප්‍රදීපගම පාරේ බෝඩිම් කාමරයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි අත්අඩංගුවට ගත් සැකකරු 2008 වසරේ සිට හමුදා සෙබලෙකු ලෙස සේවය කර වසර 4 කට පසු සේවයෙන් ඉවත් වූ අයෙක් බව පොලිසිය සඳහන් කරයි සැකකරු සන්තකයේ ඝාතනයේ සැලසුම් කිරීමට යොදාගත් “ෆැංගි සුදුමල්ලී” නැමැති මෘදුකාංගය (app එක) අඩංගුව තිබූ ජංගම දුරකථනය , බැංකු පොතක් සහ ඒ.ටී.එම් කාඩ් පතක් සිම්පතක් මෙන්න ඝාතනය සිදුවූ දින සෙබලා හැඳ සිටින්න ඇඳුම් පැළඳුම් ද පොලිස් භාරයට ගෙන ඇත එම වෙඩි…

Read More

ගිරිබාව පොලිසියේ සැරයන්වරයෙකු රුපියල් 20000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (24) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත පැමිණිලිකරු සමග විවාහ වී සිටින දැනට ඔහුව අතහැර ගොස් සිටින බිරිඳට විරුද්ධව පැමිණිලිකරු විසින් පවරන ලද වන්දි නඩුවට අදාලව බිරිඳට විරුද්ධව ඇති වරෙන්තුව ක්‍රියාත්මක කර බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරදීම මගින් හිඟ වන්දි මුදල් මුදල් ලබා ගැනීමට උදව් කර දීම වෙනුවෙන් එකී මුදල ඉල්ලා තිබූ බව පොලිසිය කියයි අත්අඩංගුවට ගස් සැකකරු ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව…

Read More

ඌව සහ දකුණු පළාත්වල අම්පාර, මඩකළපුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ බස්නාහිර පළාතේ උදෑන කාලයේ දී ද වැසි ඇති විය හැකියි. ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව,නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

Read More

පොල් වගාකිරීමේ මණ්ඩලය වෙත ගිවිසුම් නොමැතිව බදු පදනම මත ලබාදී ඇති ඉඩම් අක්කර 1 ,539 ක් වෙනුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත රුපියල් 354,658,614 ක හිඟ බදු අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් අනාවරණය කරයි. එමෙන්ම මෙලෙස බදු දුන් තවත් ඉඩම් අක්කර 1588 ක් වෙනුවෙන් අයකළ යුතු බදු මුදල කොතෙක්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැතැයිද විගණන කාර්යාලය විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2023 ට අදාළව නොබෝදා නිකුත් කර ඇති මෙම විගණන වාර්තාවේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් 2024.07.05 දින පැවැති රැස්වීමකදී හිඟ බදු මුදල් ගෙවීමට හා ඉදිරියේදී බදු නියමානුකූල කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විසින්…

Read More

වතුකරයේ ජනතාව හැදුන්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ වතු යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසුවේය. රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් දෙමළ මහා විද්‍යාලයේ පැවති 2025 සබරගමු පළාත් තෛපොන්ගල් උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ. ලංකාවේ කදුකර ප්‍රදේශවල තේ වගා කටයුතු සදහා ඉන්දියාවෙන් මීට වසර දෙසිකට පමණ පෙර පැමිණි දෙමළ භාෂාව කතා කරන ජනතාව වතු ජනතාව ලෙස හදුන්වනු ලබයි. අධිරාජ්‍යවාදීන් මේ ජනතාවට පොදු පහසුකම් ලබාදුන්නේ ඉතාම අවම වශයෙනි. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සමග ඔවුන් එකතුවීමට කැමැත්තක් නැත. වසර ගණනාවක සිට තමන් වතු…

Read More