Author: LANKA24X7

වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබේ. ඊයේ (25) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස අතුරුදහන්වී ඇත්තේ අවුරුදු 52 හා 71 වයස්වල පසු වන සන්දිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මෙම පුද්ගලයින් දෙදෙනා එළවළු රැගෙන ඒම සඳහා වගා භූමියට ගොස් නැවත පැමිණෙමින් සිටියදී පුලිපංචිකල්ඔයේ ගංවතුරෙහි සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. අතුරුදහන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා වාලච්චේන පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.

Read More

දිවයින පුරා ඇද හැළුණු අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 73න් 46ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ අතරින් අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 9න් 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 10න් 7ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 7න් 5ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ 4න් 2ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 10න් 3ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 2න් එක් ජලාශයක් ද වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසීය. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ජලාශ තුනම ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් 5ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3න් 2ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් 3ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශ 5න් 2ක්, වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් එක්…

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 2024 වසරේදී වැටලීම් 24,761ක් සිදුකර තිබේ. එහිදී නඩු පැවරීම් 23, 953ක් සිදුකර ඇති අතර ඉන් අවසන් වූ නඩු සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ මගින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක්ද නියම කර තිබේ. එහෙන්ම දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීම් කටයුතු සිදු කිරීමටද නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ. අදාළ වැටලීම්වලදී උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සදහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් ලබා නොදීම, තොග සගවා තබා ගැනීම, විධිමත් බිල්පතක් ලබා…

Read More

දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (25) දිනයේදී මෙම අනතුරු සිදුව ඇති බවය. හලාවත පොලිස් වසමේ කොළඹ පුත්තලම මාර්ගයේ ලුණුඔය පාලම ආසන්නයේදී පුත්තලම දෙස සිට හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරට පත් තැනැත්තා එහිදී විසිවී ගොස් ඉදිරියෙන් පැමිණි තවත් මෝටර් රථයකට යට වීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. මරණකරු වයස අවුරුදු 33ක් වූ හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර හසලක පොලිස් වසමේ මහියංගනය මහනුවර…

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනවල සිදු කල සහල් වැටලීම් වලදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු පමණ නීතියේ රැහැනට හසුකර ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි අධිකාරිය සදහන් කරයි. මෙම වෙළෙඳුන් පාලන මිල ඉක්මවා සහල් කිලෝව රුපියල් 70 ,80, 20 හා 15 වශයෙන් වැඩි මිලට අලෙවි කර ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි අධිකාරිය පවසයි. විශේෂයෙන් සහල් සම්බන්ධ වැටලීම් රාත්‍රී කාලයේදී හා නිවාඩු දිනවදි සිදු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඈතෑයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික හා තෙරතුරු) අසේල බණ්ඩාර මහතා පැවසීය. කොළඹ, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන විශේෂ කණ්ඩායම් පහක්…

Read More

දූෂණ වංචා අපරාධ ලිපිගොනු විමර්ශනවල ප්‍රතිඵල ලබන පෙබරවාරි මාර්තු වන විට ප්‍රතිඵල ලැබෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව මේ කටයුතු ශක්තිමත් ලෙස කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා කීවේය. ” අපට තියෙන්නේ දේශපාලන නායකත්වය සැපයීමත් ඔවුන්ට අවහිර නොකිරීමත් අවශ්‍ය යටතල පහසුකම් සැපයීමත් රැකවරණය ලබාදීම” යැයිද දිසානායක මහතා පැවසීය. පැරණි අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී දුෂ්කරතා මතුව ඇති බවත් සමහර සාක්ෂිකරුවන් මිය ගොස් සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය. එහෙත් යුක්තිය ඉටු විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. අපරාධ සහ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ඒකක කිහිපයක් පිහිටුවා ඇති බව ජනාධිපතිවරයා…

Read More

රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් 3,40,00000 මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අලුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය අද සවස නියෝග කළාය. සැකකරු ලබන 27 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එදින විමර්ෂණවල ප්‍රගතිය අධිකරණයට දන්වන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර යෝජිත රාජපක්ෂ අද පෙරවරුවේ බෙලිඅත්තේ අධිවේගි පිවිසුම අසලදී අත්අඩංගුවට ගෙන ඇත. එම ඉඩම මිලදී ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය පැහැදිලි ලෙස තහවුරු කිරීමට නොහැකිවීම නිසා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේය.

Read More

ඌව සහ දකුණ් පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු – මාද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක තරමක තද වැසි ඇති විය හැකියි.

Read More

මැදපෙරදිග කලාපයේ රාජ්‍ය නායකයන් හමුවීම සඳහා පෙබරවාරි මැද භාගයේදී තමා එහි සංචාරයකට යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම දී පැවසීය. බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් තමා එම සංචාරයට යන බවද ජනාධිපතිවරයා කීය. හෝමාගම පිටිපන පැවති මෙම ජන හමුව අමතමින් ජනපතිවරයා මෙසේද කීය. ලංකා ඉතිහාසයේ සමහර ආණ්ඩු පරම්පරා අනුව හැදී තිබෙනවා.එමෙන්ම මැර කණ්ඩායම් යොදා මෙරට ආණ්ඩු ලබාගත් අවස්ථා තිබෙනවා.පාස්කු ප්‍රහාර වගේ කුමන්ත්‍රණ කර ආණ්ඩු ගත් අවස්ථා තිබෙනවා.එම පරීක්ෂණ හොඳට යනවා. බය වෙන්න එපා. එමෙන්ම ලංකාවේ මාධ්‍ය වලින් එලෙස ප්‍රබල මතයක් හදන්නේ නැතිව, සල්ලි පොම්ප කරන්නේ නැතුව ලක් ඉතිහාසයේ හැඳුණු ආණ්ඩුව ජාතික ජන බලවේග රජයයි. අපට ජාත්‍යන්තර සහාය නැතිව ඉදිරියට යන්න…

Read More

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07 වනදා ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව, කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341හිම ස්ථාපිත කෙරෙන උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක මීට අදාළ නියමු ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මක වන අතර එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම මේ අනුව පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ. ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති මාර්ගගත සාකච්ඡාවේදී එම…

Read More