Author: LANKA24X7

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රම වේදය ප්‍රකාශයට පත් කරමින් මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙතෙක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024.05.17 දින නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනයද මෙම මස 21 දාතමින් නිකුත් කෙරුණු මෙම නව ගැසට් නිව්දනයෙන් අවලංගු කර ඇත. පෙර ගැසට් නිවේදනය පරිදි මෙතෙක් දුප්පත් පවුලකට හිමිවූ රුපියල් 8500 දීමනාව හා අන්ත…

Read More

ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් භාණ්ඩ තොගයක් රැගෙන නාවික හමුදා ලොරි රථයකින් කොළඹට පැමිණෙමින් සිටි නාවික හමුදා සෙබළෙකු රාජකාරී ටි 56 ගිනි අවිය සහ උණ්ඩ තිහක් සහිත මැගසිනයක් සමඟ අතුරුදන්ව ඇතැයි වරකාපොල පොලීසිය කියයි. සැකකාර නාවික සෙබලා ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් සෙබලෙකු වන අතර ඉහත ලොරි රථයේ ආරක්ෂාව පැමිණ සිටි පුද්ගලයෙකි. මෙම ලොරි රථය කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඊයේ (24) රාත්‍රියේ වරකාපොල වරයගොඩ ප්‍රදේශයේදී සැකකාර නාවික සෙබළා ඔහුගේ සොහොයුරා නිවසේ සිට රාත්‍රී ආහාර රැගෙන විත් ඇති බවට පවසමින් එම ආහාර රැගෙන ඒමට ලොරි රථයෙන් බැසගොස් ඇති අතර යලිත් ඔහු පැමිණ නොමැති බව පොලිසිය පවසයි. සැකකරු ලොරි රථයෙන් බැස ගොස්…

Read More

සහල් ආනයනය සඳහා අවසර ලබාදීමේ කාලසීමාව දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඒ අනුව ආනයනික සහල් තොග ගෙන්වීම සඳහා ලබා දී ඇති කාළ සීමාව 2025 වසරේ ජනවාරි 10 දින දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවය. දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය 2025 වසරේ ජනවාරි මස අවසානය දක්වා පැවැතීමට ඉඩ ඇති බව නිරීක්ෂණය වී ඇති හෙයින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් මේ සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබේ. ඒ අනුව එම කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව…

Read More

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා විය.

Read More

කොළඹ වරායේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ කාර්යය සඳහා සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කොළඹ වරායේ පෞද්ගලික අංශය සතුව බහාලුම් පර්යන්ත 02ක් සහ රජය සතුව බහාලුම් පර්යන්ත 02ක් වශයෙන් බහාලුම් පර්යන්ත 04ක් ක්‍රියාත්මක වේ. එහිදී ප්‍රති-නැව්ගත කිරීම් නිෂ්කාශනය කිරීම ද ඇතුළත්ව එක් පර්යන්තයක් හරහා දිනකට බහාලුම් 5,000 – 10,000ත් අතර ප්‍රමාණයක් පරීක්ෂා කර නිදහස් කරනු ලබයි. රේගු නිලධාරීන් විසින් පිටකිරීමේ දොරටුවලදී පරීක්ෂා කිරීමට අවශ්‍ය බහාලුම් තීරණය කර එම බහාලුම් භෞතික වශයෙන් ස්කෑන් පරීක්ෂාවට ලක් කරනු ලබයි. පසුගිය කාලයේදී නිෂ්කාශනය ක්‍රියාවලිය තුළදී විවිධ ගැටලු මතුවීම හේතුවෙන් රේගු නිලධාරින් විසින් දෛනිකව බහාලුම් වැඩි සංඛ්‍යාවක් පරීක්ෂාවට…

Read More

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 2371 ප්‍රධානයක් නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දීමට නියමිතය. ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන අංශ මෙම ව්‍යාපෘතිය හරහා අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වේ. මේ යටතේ ව්‍යාපෘති 33ක් හඳුනාගෙන ඇති අතර මෙමගින් නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සහ එම පළාතේ ජනතාවගේ සමාජ සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘති…

Read More

මුදල් ආරවුලක් විසඳීමට පැමිණිල්ලට වාසිවන අයුරින් කටයුතු කිරීම සඳහා පැමිණිල්කරුගෙන් රුපියල් 5000 ක අල්ලසක් ලබා ගනිද්දී ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය කියයි . සැකකාර සෑරයෙන්වරයා ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි ඒකකයට අනුයුක්තව සේවය කරන අතර මුදල් ආරවුලකට පැමිණිල්ලක් කළ පැමිණිලිකරුගෙන් ඔහුට වාසිවන ආකාරයට පැමිණිල්ල විභාග කිරීමට රුපියල් 5000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ . අල්ලස් මුදල ත්‍රිකුණාමල මූලස්ථාන පොලිස් පරිශ්‍රයේ භෝජනාගාරය තුළදී ලබා ගනිද්දී සැකකාර සැරයන්වරය මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ . අත්අඩංගුවට ගත් සැකකරු උප්පුවේලී පොලිසියේ රඳවා ප්‍රශ්න කරගෙන යන අතර අනතුරුව ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

Read More

ඌව පළාතෙත් හම්බන්තොට,රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවති. වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදි මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකිය.

Read More

මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරනු ලබන ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක්, උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි මෙම ඉන්දීය ධීවර යාත්‍රා දෙක මෙලෙස අත්අඩංගුවට ගැණින. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනා තලෛමන්නාරම ජැටිය…

Read More

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. සියලු අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත ඊයේ (24) දිනයේ දී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. එම චක්‍රලේඛය මගින් මෙම වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම සිදුකළ යුතු ආකාරය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කර තිබේ. 2023 වර්ෂය තුළ ලාභ උපයා බදු පසු ලාභයෙන් අවම වශයෙන් සියයට 30ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ලෙස ගෙවා ඇති ආයතනවල සේවකයින් සඳහා රුපියල් 25,000ක හෝ…

Read More