Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ පහර කෑමට ලක්ව ඇත්තේ මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය කල්‍යාණ තිස්ස නමැති වෛද්‍ය වරයකු වනඅතර ඔහු මුහුණේ තුවාල සහිතව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. එම විශේෂඥ වෛද්‍යවරයා ඊයේ (26) රාත්‍රියේ රාජකාරි නිමවා රෝහල් පරිශ්‍රයේ විලියම් ගොපල්ලව මාවතේ පිටවීමේ දොරටුව අසලදී එසේ පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි. වෛද්‍යවරයා එම ස්ථානයෙන් ගමන් කරන විට රෝහල් ආරක්ෂක අංශ සමග ත්‍රී රෝද රථ රියදුරෙකු කිසියම් ආරවුලක් ඇති කරගෙන සිට ඇති අතර එම අවස්ථාවේදී වෛද්‍යවරයා පහර කෑමට…
ළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය ඉල්ලුම් කරුවන් සඳහා මෙම ලිත් වර්ෂය සඳහා සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් වියයුතු බවට නියම කරමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ෙ මේ අනුව ළමයින් දරුකමට හදා වඩා ගැනීමේ ආඥා පනතේ 3 වගන්තියේ 5අ උප වගන්තියේ ආ 1 ඡේදය යටතේ සඳහන් අයදුම්කරුවන් වෙනුවෙන් 2025 ලිත් වර්ෂය සඳහා සියලු අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් විය යුතු බව ජනවාරි 08 දාතමින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයෙන්…
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. විදෙස් තහනමක් පැන වූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට සෑම මාස තුනකට සැරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි ද නියෝග කළේය.
පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත. විද්‍යාඥයන්ට අනුව, මෙම ශිඛර පිහිටා ඇත්තේ අප්‍රිකාවට ඔබ්බෙන් මුහුදු පතුලේය. අප්‍රිකා මහද්වීපය සහ පැසිෆින් සාගර කලාපය මැදය. මෙම ශිඛර දෙකම කිලෝ මීටර් 100 ට වඩා උසින් වැඩි යැයි පැවැසෙයි. එවරස්ට් කන්දේ උස කිලෝ මීටර් 8.849 කි. මුහුදු පතුළෙන් හමුවුණු මෙම කඳු අඩු වශයෙන් අර්ධ බිලියනයක් පමණ පැරැණි බව අනුමාන කෙරේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත්විලංගු භාවිත නොකළේ ඔහු අත්අඩංගුවෙන් මිදී පලායෑමට උත්සාහ නොකිරීමත් එම අවස්ථාවේ සිටි විමර්ශන නිලධාරියාගේ තීරණය අනුව බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය. ඔහු ඒ බව පැවසුවේ යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත් විලංගු නොදැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි. එම මාධ්‍ය හමුව ඊයේ (26) බත්තරමුල්ල, සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසූවේ යෝෂිත රාජපක්ෂ මහතාගේ දෙහිවල පිහිටි නිවෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගිය අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවට ලද තොරතුරකට…
විවිධ ගුවන් සමාගම්වලින් ලැබිය යුතු බිලියන ගණක මුදල් හැකි ඉක්මනින් අය කරගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියට ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් දී තිබේ. නව ගුවන් සේවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ගුවන් නියමුවන් පුහුණු කාර්යයන් සහ ලියාපදිංචිකිරීම් පුළුල් කිරීම සහ 2028 වන විට ම්ලියන 12ක ගුවන් මගීන් ගෙන්වාගැනීම යන ඉලක්ක සපුරා ගන්නා ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ. ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමග කළ විශේෂ සාකච්ඡාවකදී මෙම උපදෙස් දුන්නේය. එම අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල පෙරේරා, සිවිල් ගුවන්සේවා…
ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැරලෝහ ශරීර ගතවන වන අතර එමගින් පසු කාලීනව ඔවුන්ට පිලිකා සහ වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇතැයි ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය. පැන්සල් තුඩ නිපදවීම සදහා භාවිත කරන මිනිරන් සිස්න්ගේ නහය කට කන සහ දිවට ස්පර්ශවිම මගින් මෙම අහිතකර තත්වය ඇතිවන බව විද්‍යාඥයන්ගේ මතය වන බවද පියසිරි ප්‍රනාන්දු මහතා කීවේය. යුරෝපා කමිටුව මගින් පැන්සල් සහ පාට පැන්සල් සදහා CN හෝ EN 71වැනි ප්‍රමිතීන් හදුන්වාදී තිබෙන බවද කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී ලේකම්වරයා කීවේය. නව පාසල් වාරය සදහා දරුවන්ට පොත් ලැයිස්තු සැකසීමේදී ප්‍රමිතියකින් යුත් පාසල් උපකරණ…
නාගොඩ කැප්පිටියාගොඩ අඟුරුවාවල පාලමෙන් මෝටර් රථයක් ඇලට වැටි ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකරු අද සවස මියගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අයි.ඩී.ගාමිණි සරත් කුමාර නමැති 44 හැවිරිදි බැංකු කළමනාකාරවරයාය. ඔහු මෝටර් රථය පදවාගෙන එමින් සිටියදි පාලමෙන් ඇළට වැටි ඇති අතර පසුව ප්‍රදේශවාසින් එක්ව ඔහු ගොඩට ගෙන 1990 ගිලන් රථයකින් රෝහල වෙත යවා ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාරසහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.බස්නාහිර සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතිනු ඇත.මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් මාතලේ සහහම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
පෙබරවාරි මාසයේදී ගෙන්වන වාහන වල මිල” චුට්ටක්” වැඩිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය. හෝමාගම ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.වාහන ගෙන්වීම ඇරැඹූ පසුව ආණ්ඩුවේ වාහන සංචිත තෝරා වෙන්සියේ විකුණන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය. ඉකුත් සමයේ රටට බලපෑ විදේශ විනිමය අර්බුදයත් සමග 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරිණි.අනතුරුව මෙරට වාහන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර නැවත ශ්‍රී ලංකාවට මෙලෙස වාහන ගෙන්වන්නට තීරණය කෙරුණේ වසර තුනකට පසුවයි.
