Author: LANKA24X7

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දීමට බව දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ලබන අප්‍රේල් මාසයට පෙර මෙම නව කාඩ් පත හඳුන්වා දීමට කටයුතු කරන බව දුම්රිය ප්‍රකාශකයකු පැවසීය. එම කාඩ්පත් භාවිත කරන පුද්ගලයින්ට සෑම දුම්රිය ස්ථානයකින්ම ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන පරිදි අවශ්‍ය තාක්ෂණික මෙවලම් ද සවි කරන බවත් ඔහු සඳහන් කළේය. අදාළ දුම්රිය පෙර ගෙවුම් ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට ද නියමිතය.

Read More

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්ථතනයකට ප්‍රථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සදහා සම්පූර්ණ බලය යෙදවිය යුතු බවද අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා මේ බව කීවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනය වල පවතින ගැටලු හදුනාගෙන එම ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් දිවයින පුරා සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වු විශේෂ සමුළුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව මට්ටමෙන් ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඒකාබද්ධව…

Read More

නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කිවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානයේ වත්මන් සේවා කටයුතු සහ ඉදිරි සැලසුම් නිරීක්ෂණයට ලක් කිරීමටත්, සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී තැපැල් සේවයේ සියළු වෘත්තීය සමිති නියෝජිතයින් හමුවෙමින් ඔවුන්ගේ වෘත්තීය ගැටළු සාකච්ඡා කිරීමටත් එක්වෙමිනි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිසි අරමුණකින්, සැලසුම් සහගතව කටයුතු කරන බව පෙනී යන බවත්, රජයේ අරමුණ පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් මෙම ‌ ඓතිහාසික සේවාව ජාතික සේවාවක් ලෙස නවීකරණය කර පවත්වා‌ගෙන යාම බව ද…

Read More

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි. මේ මස 22 වනදා මාදම්පේ පොලිස් වසමේ දෙමටපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු අතින් සහ පයින් පහරදී වයස අවුරුදු 42ක් වූ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඝාතනයට ලක් වූ පුද්ගලයා මනක්කුලම, කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි. එම විමර්ශනයේදී අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් ඊයේ (24) සවස මාදම්පේ, දෙමටපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 53 වයස්වල පසුවන කරවිටාගාරය ප්‍රදේශයේ පදිංචි පියෙකු සහ පුතෙකු…

Read More

මාලිගාකන්ද අධිකරණය අසලදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැක පිට තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතරවාරයේදීය. එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත අපරාධය සිදුකළ වෙඩික්කරු ගිනි අවියද සමග සැඟව සිටි නිවසේ අයිතිකරු සහ ඔහුගේ බිරිඳ විසින් ගිනි අවිය බැහැර කර ඇති බවට හෙළිව තිබේ. ඒ අනුව පසුගිය 20 වැනි දින ඔවුන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ ගිනි අවිය ත්‍රීරෝද රථ රියදුරෙකුට ලබා දී ඇති බවය. ඒ අනුව එම ත්‍රීරෝද…

Read More

ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව උද්ඝෝෂණය කළ හේතුවෙන් වැඩ තහනමකට ලක් කොට පසුව සේවයේ පිහිටුවා සිටි සේවකයන් 62 දෙනකුට නිදොස් කොට නිදහස් කර ඔවුන් කලින් සිටි සේවා ස්ථානවලම සේවයේ යෙදවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ. ඔවුන්ට මාස අටක හිඟ වැටුප් ලබාදීමට පනවා තිබූ දඬුවම් සීමාවද ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලංකා විදුලි බල මණ්ඩලයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී එම සායකයන් හමුවේ ඔවුන්ට නිදහස් කිරීමේ ලිපි ලබා දී තිබේ.

Read More

මනුෂ්‍ය නිදහස, සාධාරණත්වය අගයමින් ජේසුස් වහන්සේ කළ මඟ පෙන්වීම යථාවත් කිරීමට රජයක් ලෙස කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නත්තල් දින සුබ පැතුම් පණිවිඩයෙන් කියයි. ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කිසිඳු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ. උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය ප්‍රජාවක් වූ එඬේරුන් අතර ඉපදීමට තෝරා ගත්තේද, දේව දූතයන් ඔවුන් වෙත සුබ පණිවිඩය ගෙන…

Read More

ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තලක් ඊයේ (24 ) මධ්‍යම රාත්‍රීයෙන් උදාවිය. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජාඇල වික්ෂෝප දේවමාතා දේවස්ථානයේදී ඊයේ මැදියම් රාත්‍රීයේදී ප්‍රධාන දේව මෙහෙය පැවැත්විණි. මේ අවස්ථාවට මීසම භාර චාමින්ද රෝෂන් පියතුමාද සහභාගි විය. මැක්ස්වල්ඩ් ද සිල්වා කොළඹ සහයක රදගුරුතුමා සහභාගිවන වූ නත්තල් මධ්‍යම රාත්‍රී දේව මෙහෙය දූනගහ බටේපොල ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි. නත්තල් උදාවත් සමග දිවයිනේ සෑම දේවස්ථානයකම මැදියම් රාත්‍රී නත්තල් දේව මෙහෙයන් පැවැති අතර එම දේව මෙහෙයන්වලට කිතුනු බැතිමතුන් දහස් ගණනින් සහභාගි වූහ. නත්තල් උත්සවය නිමිත්තෙන් අද බොහෝ ස්ථානවල කැරොල් ගායනා , අසරණ පවුල් සදහා දාන මාන පිරිනැමීම,…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Read More

මීගොඩ ,භීතියට පත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ගේ ප්‍රධානතම ගෝලයකු මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයා ගත් මුදල් රුපියල් දස දහසක් සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථාපිතව ඇති යතුරුපැදි ඒකකයේ ස්ථානාධිපතිවරයාට සැකකරු මීගොඩ ප්‍රදේශයේ ස්ථානයක සිටින බවට ලද රහසිගත තොරතුරක් මත වැටලීමක් සිදුකොට සැකකාර පුද්ගලයා මත්ද්‍රව්‍ය ද සමඟ ඊයේ(24) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් වූ සැකකරුට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක වරෙන්තු කරුවකු ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග ලද පුද්ගලයෙක් බවත් කප්පම්…

Read More