Author: LANKA24X7

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27) ඒ මහතා වෙත භාර දුන්නේය. ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා ඉතිහාසයට එක් වෙයි. එළැඹෙන ජනවාරි 29 වන දා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා ලබන 29 වන දා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය. එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා වීර වික්‍රම…

Read More

මතට ලොල් වූ සොරුන් කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් වලට පැන වටිනා පාසල් උපකරණ සොරාගෙන යන බව කොලොන්නාව කොට්ඨාසයේ පාසල් වල ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකදී අනාවරණය විය. මෙම සාකච්ඡාව කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ විදුහල්පතිවරුන්ගේ සහ කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සහභාගීත්වයෙන් කොලොන්නාව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ දී පැවැත්විණි. මේ සඳහා කොලොන්නාව කොට්ඨාසයේ පාසල් 18ක විදුහල්පතිවරුන් සහභාගී වී සිටි අත, ඔවුහු මෙහි දී සිය ගැටලු, අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ. කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා පොලීසිය ඇතුළු ආරක්ෂාව සම්බන්ධ ආයතන සමඟ සාකච්ඡා කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා එහිදී සඳහන් කළේය. පාසල් මුරකරුවන්ගේ…

Read More

බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත ඊයේ (27) සවස අත් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවත් පසුව එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් හමුවි ඇති බවත් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. ට්‍රැක්ටරය විහාරස්ථානයට අයත් එකක් වන අතර විහාරාධිපති හිමියන්ගේ ඥාති පුතෙකු ට්‍රැක්ටරයේ පිටුපස තණකොල කපන උපකරණයක් සවිකරගෙන තණකොල කපමින් සිටියදි මෙම බෝම්බය පුපුරාගොස් ඇත. අක්කර පහක් පමණ විශාල ඉඩම වසරකට පමණ පසු සුද්ධ කරමින් සිටියදි බෝම්බය පුපුරාගොස් ඇති අතර එහිදි ට්‍රක්ටරයේ රියදුරුට තුවාල සිදුව නැත. පසුව කරණ ලද සෝදිසියකදි ඒ ආසන්නයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක්…

Read More

දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්‍ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය ඊයේ (27) නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. එම සුපිරි වෙළඳසැල දේශීය සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අලෙවි කිරීම සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරිය නිලධාරීන් මහර අධිකරණයට කළ කරුණු දැක්වීමක් අනුව මෙම දඩය පැන වූ බවත් සහල් වැඩි මිලට අලෙවි කරන වෙලදුන්ට එරෙහිව පසුගිය දිනවල පවරණු ලැබූ නඩු සඳහා අධිකරණ රුපියල් මිලියන තුනකට වැඩි දඩ මුදල් නියම කර ඇති බවත් එම අධිකාරිය පවසයි. සහල් වැඩිමිවලට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික අධිකාරිය පසුගිය දිනවල වැටලීම්…

Read More

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ නිරිතදිග කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Read More

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරයේ යෙදෙන් නෙක් ද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුගන්නාව ,කඩවත්ගම, උළුගේ තැන්න ප්‍රදේශයේදීය. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම එක්ව පවත්වාගෙනු යනු ලබන අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට ඇති ක්‍රමවේදයේ ඔස්සේ මෙම වංචාව සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. 32 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ. මේ අවස්ථාවේදී එම හිලව් දීමනාව ලබාදිය නොහැකි බව අමාත්‍යාංශ නිලධාරීන් දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප කෙරුණු විට පාර්ලිමේන්තු සේවකයන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඒ පිළිබඳව යළි කරුණු සළකා බලන ලෙස ඉල්ලීම් කර තිබිණි. එම සේවකයන් මෙම ඉල්ලීම කරන ලද්දේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදීය. තමන් නිවාඩු ලබා නොගෙන කරන ලද සේවාව වෙනුවෙන් ලැබිය යුතු දීමනාව මෙසේ අහිමි කිරීම බලවත් අසාධාරණයක් බව පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කරන බව අද (27) නිවේදනය කළේය. පුරා දින දෙකක් තිස්සේ පැවැත්වූ නඩු විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ඇතුළු පාර්ශව හතරක් විසින් මෙම ඉදිරිපත් කර තිබුණි.

Read More

සුනඛයෙකුගේ ගෙල කඹයකින් සිරකර මරණයට පත්කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාංකුලම් චෛත්‍ය කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක කාන්තාවකි. සැකකාරිය ඉකුත් 25 දින සවස් කාලයේදී මාන්කුලම පොලිස් වස මේ චෛත්‍ය කුලම ප්‍රදේශයේදී සුනඛයෙකුගේ ගෙල කඹයකින් සිරකර එම සුනඛයා මරණයට පත් කරන ලද සිදුවීමක් සම්බන්ධයෙන් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ බව පොලිසිය කියයි.

Read More

රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. වර්තමානයේ ශ්‍රී ලංකා ආණ්ඩුව අදූෂිත නිසා ආයෝජකයන්ගේ ආකර්ෂණය වැඩිවී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය. කැකිරාවේ ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ මින් පසුව සහල් හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති අතර වී වලට සහතික මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට කටයුතු කරන බවයි.

Read More