Author: LANKA24X7

වත්මන් ආණ්ඩුව පමණක් නොව පැවැති ආණ්ඩුද ලුණු ආනයනය කිරීමට පියවර ගත් බව රජය පවසයි. මේ වන විට ආණ්ඩුව විසින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක ප්‍රමාණයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 4,050ක් මේ වන විට ආනයනය කර තිබේ. සෙසු ලුණු තොගය වෙළෙඳ අමාත්‍යාංශය හරහා පෞද්ගලික ආනයනකරුවන්ට ගෙන්වීමට හැකියාව පවතින බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. වසරක ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක් වන අතර පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය මෙට්‍රික් ටොන් 120,000 දක්වා පහත වැටී තිබේ. ඒ අනුව මෙට්‍රික් ටොන් 60,000ක හිඟයක් පවතින බව පැවසූ අමාත්‍යවරයා ඉන් කොටසක් ආනයනය කිරීමට අමාතය මණ්ඩල අනුමැතිය හිමිවූ බවද…

Read More

කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ “දුර්ගා” නමැති මරාගෙන මැරෙන බෝම්බකරියට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලබා සිටින LTTE සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව චෝදනා 230ක් යටතේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව අද (28) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණි. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදී ය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කරගැනීම සිදුවුණි. පසුව නඩුව වැඩිදුර විභාගය හෙට (29) දිනය තෙක් කල් තැබුණි. සෙල්වරාසා කිරුභාකරන් හෙවත් මොරිස්, ශන්මුගලිංගම් සූරිය කුමාර් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන විත්තිකරුවන්ට…

Read More

පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් තෝරා පත්කර ගැනීම සිදුකළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, එලෙස තෝරාපත් කරගෙන ඇත. දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහාවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබුණි. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා…

Read More

කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන Garbage Compactors මිල දී ගැනීමට ජපන් යෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාව පිරිසිදු, තිරසර සහ පාරිසරික වගකීම් සහිත මොඩලයක් බවට පරිවර්තනය කිරීම ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා අවශ්‍ය දියුණු කසළ කළමනාකරණ යටිතල පහසුකම් නොමැති වීම ඉහත දැක්ම ළඟාකර ගැනීම සඳහා ප්‍රධාන බාධාවක් ලෙස හඳුනා ගනු ලැබ ඇත. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් යෙන් මිලියන 300 ක ප්‍රදාන ආධාර ලබා දීම සඳහා එකඟතාව පළ කර ඇති අතර, එම අරමුදල් බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණ ධාරිතාව වැඩි…

Read More

” නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය – සරුසාර ” පොලී සහනාධාර යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කෙටිකාලීන භෝග සහ ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිණිස ” සරුසාර ” නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇති අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2820 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කරනු ලැබ ඇත. මෑතකදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහ බැංකු නව පනතේ විධිවිධාන පරිදි එවැනි සහනදායී ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට හැකියාවක් නොමැති බව රජය පවසයි. එබැවින්,…

Read More

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද (28) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. අද දින සමාරම්භක සැසියට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වන අතර එහිදී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා සමඟ තිරසාර ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ දැක්ම පිළිබඳ සුවිශේෂී සංවාදයකට ජනාධිපතිවරයා එක්වනු ඇත. ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ශාස්ත්‍රඥයින් සහ ජ්‍යෙෂ්ඨ ආයතනික නියෝජනයන්ගෙන් පෙර නොවූ විරූවාර්තාගත සහභාගීත්වයක් මෙවර සමුළුව වෙත ලැබී ඇති අතර Shaping Sri Lanka’s Future: Transformational Growth with Sound Economic Policies යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙනු ඇත. එහි සමාරම්භක දේශනය ලංකා…

Read More

77 වන නිදහස් දිනය වෙනුවෙන් පෙරහුරු කටයුතු හෙට (29) දිනයේ සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට අදාළ පෙරහුරු කටයුතු ආරම්භ කිරීමට නියමිත ව තිබේ. “ජාතික පුනරුදයට පෙළගැසුමු” යන තේමාව යටතේ මෙවර නිදහස් දිනය සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මේ සඳහා යුද, ගුවන්, නාවික, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම සිවිල් ආරක්ෂක බළකා පෙළපාලිද පැවැත්වීමට නියමිතය. ඒ අනුව මෙහි පෙරහුරු කටයුතු හෙට දිනයේ සිට එළැඹෙන 02 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද පොලීසිය සඳහන් කළේය. පෙරහුරු පැවැත්වෙන කාල සීමාව තුළ කුරුඳුවත්ත පොලිස් වසමේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්…

Read More

තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළකට ඩුබායි රාජ්‍යයේ සිට හා මෙරට සිට දුරකතන ඇමතුම් ලබා දෙමින් මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාශ අපරාධ මර්දන මෙහෙයුම් ඒකකය පවසයි. එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7100 ක් පොලිස් භාරයට ගෙන ඇත ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් ලබාදී බිය වැද්දීම හේතුවෙන් විශාල කම්පනයකට හා භීතියකට පත්ව සිටි ඔහු වැඩ බලන පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට භාරදීමෙන් පසු පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත පරීක්ෂණ ආරම්භ කළ…

Read More

අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පෙම්වතිය විසින් පෙම්වතාගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇනීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ පෙම්වතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වැල්ලවාය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටියෙ පදිංචි සුජිත් ප්‍රදීප් කුමාර (31) නැමැති එක්දරු පියෙකි. මියගිය පුද්ගලයා විවාහක එක්දරු පියකු වන අතර ඔහුගේ බිරිය විදෙස්ගතවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ‍ මියගිය පුද්ගලයා සැකකාරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර සැකකාරිය වැල්ලවාය, කොටවෙහෙර ප්‍රදේශයේ කුලී පදනම මත බෝඩිං කාමරයක රැඳී සිට ඇති බව පොලිසිය කියයි. මියගිය පුද්ගලයා අවස්ථා කීපයකදීම පෙම්වතියගේ බෝඩිං කාමරයට…

Read More

එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ දී සිදුවිය. මෙහි දී එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙරට ආර්ථික, සමාජීය හා දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණි. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික ගැටලුවෙන් මිදීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇයගෙන් ඉල්ලා සිටියේය. එසේම එක්සත් රාජධානියේ සංචාරකයන් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු සදහා සහයෝගය ලබා දෙන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කළේය. මේ අවස්ථාව සදහා එක්සත්…

Read More