Author: LANKA24X7

මැතිවරණ වලට තරග කිරීමට පෙර අපේක්ෂකයන් අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළයුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ වෙනත් බහුජන සංවිධාන රැසක් මැතිවරණ කොමිෂන් සභා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. සමහර මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවීම සැලකිල්ලට ගෙන එවැනි තත්ත්වයක් ඉදිරියට ඇතිවීම වැළැක්වීමේ අරමුණ ඇතිව බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් අපේක්ෂකයන් තෝරා ගැනීමට ඡන්දදායකයන්ට පිටුවහලක් වන බවද ඔහු කීවේය. එම ක්‍රමවේදය මැතිවරණ කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඒ ඒ දේශපාලන පක්ෂවලට අන්තර්ජාලය හරහා එය ක්‍රියාවට නැංවීමට හැකි බව මැතිවරණ…

Read More

අද (27) හෙට (28)සහ අනිද්දා (29) දක්වා කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අද රාත්‍රී 7.30 ට සහ හෙට උදේ 7.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ද අනිද්දා බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 7.05 ට සහ කොටුව දුම්රිය ස්ථානයෙන් 7.30 ට එම විශේෂ දුම්රිය පිටත් වීමට නියමිත බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා අද (26) පෙරවරුවේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී තනතුරේ රාජකාරී ආරම්භ කළේය. ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිළිබද වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තිකයෙකි. කොළඹ, නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත.

Read More

නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද (26) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට අද පෙරවරුවේ සිට සිය සහල් නිශ්කාශනය කරගැනීමේ කටයුතු හැකිවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සිවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේය. රට තුළ පවතින සහල් ගැටලුවට පිළියමක් වශයෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට සෘජුවම සහල් ආනයනය කිරීම සඳහා දෙසැම්බර් මස 4වන දින සිට 20 වන දින දක්වා අවසර ලබා දි තිබු අතර එම කාළය තුළ සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදි සහල් ආනයනය කිරීම සඳහා ලබා දී…

Read More

මීට වසර දෙකකට පමණ පෙර පිහියකින් ගැන තුවාල සිදුකළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් මත පෙරේදා (25) පුද්ගලයෙකුට පිහියෙන් යන ඝාතනය කර ඇතැයි ග්‍රෑන්ඩ් පාස් පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි උදය කුමාර් (50) නැමැති පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා වදුල්ලවත්ත ප්‍රදේශයේ තිරෝද රථ ගාලක් අසල සිටියදී එම ස්ථානයට පැමිණ තිබූ සැකකරු මියගිය පුද්ගලයා සමග ආරවුලක් ඇති කරගෙන පිහියකින් ඇන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මියගිය පුද්ගලයා විසින් සැකකරුට මීට වසර දෙකකට පමණ පෙර පිහියකින් යන තුවාල සිදු කර ඇතිබව පොලිසිය කියයි. කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතාගේ උපදෙස් පරිදි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ…

Read More

නාඋල – අඹ ගහදෙවොල නැමති රක්ෂිතයේ දී කිසියම් පුද්ගලයෙකු විසින් අටවා තිබු බදින තුවක්කුවක් පත්තුවි ඊයේ (25) පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. වෙඩි වැදුණු පුද්ගලයා අඹන රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට රැගෙනයාමේ දී මියගොස් ඇති බව නාඋල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තෙ කෝංගහවෙල – රජාවෙල ලිපිනයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලා ගෙදර හීන් බණ්ඩා (39) නැමති අයෙකි.

Read More

රජයේ විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්ගෙන් සියයට පනහක් පමණ පමණ හිඟ වීම හේතුවෙන් විගණන විමර්ශනවලට බරපතළ බාධා මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. ජාතික විගණන කාර්යාලයේ සිටිය යුතු විගණන නිලධාරීන් ප්‍රමාණය 1450 කි. දැනට මෙහි සිටින්නේ නිලධාරීන් හත්සීයක් පමණ බව පැවසේ මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ විගණන නිලධාරින්ගේ බරපතල හිඟයක් පවතින බව පිළිගන්නා බවයි. විගණන නිලධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වූ විභාගයකින් 460 දෙනෙකු තේරී ඇති බවත් ඔවුන් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ ලබන මස 7- 8 පැවැත්වීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළේය. එම පිරිස බඳවා ගත් පසු බාධාකාරී තත්ත්වය නිමා වනු ඇතැයි ජාතික විගණන කාර්යාලයේ ප්‍රධානීහු පෙන්වා දෙති.…

Read More

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්යක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතින බව දඑම දෙපාර්තමේන්තුව දන්වා සිටියි. බස්නාහිර,සබරගමුව, මධ්‍යම, දකුණ,ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට උෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.

Read More

ආන්දෝලනයට තුඩු දුන් ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධ විගණන වාර්තා ලබන ජනවාරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා පැවසීය. මෙම විමර්ශන බොහෝ දුරට අවසන්ව ඇති බවත් විමර්ශනවලින් අක්‍රමිකතා රැසක් අනාවරණය වී තිබෙන බවත් ජාතික විගණන කාර්යාලය පවසයි. එම ගනුදෙනු වලට අදාළ ආයතනවලින් වාර්තා කැඳවීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද කාර්යාලය පවසයි. ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය. මේ අතර රජයේ වාහන සම්බන්ධ විගණනය මේ දිනවල කරගෙන යන බව විගණකාධිපතිවරයා පැවසීය. සියලු ආයතන වලින් තොරතුරු ලබා ගැනීමට සිදුවන හෙයින් එම විමර්ශනයට තවත් කාලයක් ගතවනු ඇතැයි ඔහු වැඩිදුරටත්…

Read More

නත්තල් සැමරුම වෙනුවෙන් පැවැති සාදයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු අට දෙනකු වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලිසිය පවසයි. මෙසේ තුවාල ලබා ඇත්තේ පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ කමතවත්ත පාර ප්‍රදේශයේ පදිංචි (18 -36) වයසේ පසුවන අට දෙනකු බව පොලිසිය කියයි. අම්බලන්ගොඩ හෙරලියාවල කමතවත්ත පාර ප්‍රදේශයේ නිවසක නත්තල වෙනුවෙන් (25) දා සාදයක් පවත්වා ඇති අතර ඒ සඳහා පැමිණි පිරිස සාදය පවත්වමින් සිටියදී ඊට යාබද නිවසක පිරිසක් සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් යකඩ පොලු , මුගුරු අතැතිව සාදය පැවති නිවසට පැමිණ පහර දීමක් සිදු කර තිබේ. එම…

Read More