Author: LANKA24X7

පොහොය දිනයක් වන හෙට (30) දිනයේ රජයේ බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව රජය දැනුම්දෙයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය. අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් ලබාගැනීම වෙනුවෙන් එලෙස රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබෙනු ඇත.

Read More

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සඳහා වන සංශෝධන සම්බන්ධයෙන් ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතියන් ලැබී තිබේ. ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට ය. ඉන් අනතුරුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා 2024.01.01 දින සිට ක්‍රියාත්ම වන පරිදි සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීම සඳහා 2023.06.05 දින පැවැති ආමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදෙන…

Read More

ඉදිරි මාස 03 තුළ ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතියන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි. දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් රාජයේ වාණීජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් 03කින් මිල ගණන් කැඳවා ඇත.

Read More

2017 වසරේ ස්ථාපිත කළ දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධතිවලින් වැඩි සංඛ්‍යාවක් දරුණු රිය අනතුරු සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අක්‍රීය වී ඇති බව දුම්රිය මාර්ග හා සංඥා උප දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහතා සඳහන් කළේ, මේ වන විට අක්‍රීය වූ දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති බොහෝ සංඛ්‍යාවක් යළි අලුත්වැඩියා කර ඇති බවය. “හරස් මාර්ග ආරක්ෂණ පද්ධති කියල කියන පද්ධතිවල දෙසීයකින් 94ක් ක්‍රියාවිරහිතයි කියන වාර්තාවක් තිබුණා. ඒකෙන් රුපියල් මිලියන පන්සියයක අලාභයක් වෙලා තියෙනවා කියලා. මේ පද්ධතිය සවිකරේ ඇත්තටම 2017 දී. මේක අවුරුදු දෙකක් හෝ දෙකට වැඩි ගාණක් තුළ සවිකරපු පද්ධති ප්‍රමාණයක්. හැබැයි ඊට පස්සේ තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්.…

Read More

අස්වැසුම ප්‍රතිලාභ ලබාදෙන නිශ්චිත දිනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8 ක් සඳහා ජූලි මාසයට අදාළ රුපියල් බිලියන 5 ක් රාජ්‍ය බැංකු වෙත ඊයේ (28) දිනයේදී බැරකළ බවයි ඔහු ප්‍රකාශ කළේ. පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව කඩිනමින් නුසුදුස්සන් ඉවත්කිරීමේ කටයුතුද ආරම්භ කරන අතර ඊට අවශ්‍ය සහය ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඒ අනුව සතියේ දිනවල උදෑසන 09 සිට පස්වරු 04 දක්වා 1924 යන ක්ෂණික දුරකථන අංකයෙන් පැමිණිලි යොමුකිරීමේ හැකියාවද පවතිනවා.

Read More

තම දියණියට උසුළු විසිළු කිරිම නිසා කෝපයට පත් වි තරුණයෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවකු ඊයේ (28) ග්‍රෑන්ඩ්පාස් පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිදුවීමෙන් මිය ගියේ ග්‍රෑන්ඩ්පාස් දෙවැනි නවගම්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21ක් වන තරුණයෙක්. මෙම ඝාතනය සිදු කළ පුද්ගලයා තිදරු පියකු වන අතර ඔහු දෙවැනි නවගම්පුර ප්‍රදේශයට කුලී පදනම මත පදිංචිව සිටි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ. කෙසේ වෙතත් මේ වන විට ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය මෙන්ම සැකකරුට නවාතැන් දුන් මිතුරා ද පොලිසිය මගින් අත්අඩංගුවට ඇති බවයි වාර්තා වන්නේ.

Read More

පාර්ලිමේන්තුව ආරම්භයේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වෙනුවෙන් වෙන් කරන පැයක කාලය නිසි ප්‍රයෝජනයට නොගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කිරීමෙන් ජනතා මුදල් නිකරුනේ විනාශ වන බවත් එය වැලැක්වීමට මැදිහත් වන ලෙසත් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා තිබේ. ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඇමති මණ්ඩල රැස්වීමෙන් පසු ජනාධිපති කාර්යාලයේදීය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත, මධුර විතානගේ, ජගත් සමරවික්‍රම මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සමඟ පැමිණ මෙම ඉල්ලීම කර තිබේ. විපක්ෂ නායක සජිත්…

Read More

මිනුවන්ගොඩ , බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනෙකුට සහ පැවිදිවීමේ අපේක්ෂාවෙන් එම මෙහෙණි ආරාමයේ සිටි කාන්තාවකට බැන තර්ජනය කිරිම, පහරදීම සහ සාපරාධී බලහත්කාරය පා අඩත්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු එම පිරිවෙනෙහි සහ මෙහෙණි ආරාමයේ ප්‍රධාන මෙහෙනින් වහන්සේ එළඹෙන මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු මහත්මිය ඊයේ (28) පස්වරුවේ දී නියම කළාය. පලාපත්වල ප්‍රෙද්ශයේ පදිංචිව සිටි ප්‍රධාන මෙහෙනින් වහන්සේ නමක මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි . මෙහෙනින් වහන්සේලා ලෙස සිට සිවුරු හැර දමා ගිය දැරියන් තිදෙනාව සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාව ඇතුළු සිව්…

Read More

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින් කරමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා ඇති තහනම රෛ්දා (27) සිට ඉවත් කළ බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා ඊයේ (28) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලිඛිතව දැනුම් දී තිබේ.

Read More

ජංගම දුරකථනයක් කනේ තබාගෙන දුම්රිය මාර්ගයේ ගමන්කළ කාන්තාවක ඊයේ පස්වරුවේ දුම්රියක ගැටී බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. කළු පැහැති ඩෙනිම් කලිසමක් සහ මල් සහිත කහ පැහැති හැට්ටටයක් ඇද සිටි 22 වියේ පමණ පසුවන ඇයගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බවද දුම්රිය ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය . මරදාන සිට අළුත්ගම බලා ධාවනයවූ දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේ සිට පින්වත්ත දක්වා ගමන් කිරීමේදී රාත්‍රි 7.00 ට ආසන්නව අනතුර සිදුව ඇති බව සදහන් වේ. මියගිය කාන්තාව එම දුම්රියෙන්ම වාද්දුව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ඇති බවත්, 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් වාද්දුව දුම්රිය ප්‍රකාශකයෙක්…

Read More