Author: LANKA24X7

ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන “කොස් මල්ලී ” නැමැත්තාගේ ගෝලයින් සිව්දෙනෙක් මනුෂ්‍ය ඝාතනයක් සඳහා යමින් සිටිය දී කඩුවක් සමග අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය සමත්ව තිබේ. මෙම අපරාධ කල්ලිය පසුගිය අගෝස්තු මස 19 වනදා දෙහිවරල ඕබන් පෙදෙසේ දී තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන “ඇටයා සහ සැන්ඩෝ” දෙදෙනා ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබුණි. වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා ජීවිතය බේරාගෙන තිබූ නමුත් ඒ අසල සිටි නගරසභා සේවකයෙකුගේ කකුලකට වෙඩි වැදී තිබුණි. ඉලක්කය වැරදී යෑම හේතුවෙන් පසුගිය 9 වනදා නැවතත් “ඇටයා සහ සැන්ඩෝ” අධිකරණ කටයුත්තක් සඳහා ගල්කිස්ස ප්‍රදේශයට පැමිණෙන බවට ලද ආරංචියක් මත ඔවුන්ව ඝාතනය කිරීමට මෙම අපරාධ කල්ලි…

Read More

තැපැල් සේවකයින් ආරම්භ කර තිබු පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන් කර තිබේ. නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් පසුගිය 8 වනදා තැපැල් සේවකයින් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඒ අනුව සිය වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ අවසන් කළ අතර අද දින සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි. වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසී ඇති ලක්ෂ 10කට ආසන්න තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

Read More

අද (10) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි

Read More

ඊයේ (08) සවස් කාලයේ කොස්ගම පොලිස් වසමේ ඇස්වත්ත උතුර ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව තිබේ. මෙරට නිෂ්පාදිත ගිනි අවියකට වෙඩි බෙහෙත් කොටමින් සිටිය දී එය පුපුරා ගොස් මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි. මරණකරු වයස අවුරුදු 59ක ඇස්වත්ත උතුර, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු නිවසේ තනි ව ජීවත් වූ පුද්ගලයකු වන අතර, මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේම තබා ඇති බව වාර්තා වේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොස්ගම පොලීසිය මඟින් සිදු කරයි.

Read More

“ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්, සූදු ශම්මි ද ? රොෂාන් රණසිංහ ද ?” ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි ඉරණම යන මැයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම අදහස් පළකළේය. එසේම ජනාධිපති කාර්යාලය තුළ ක්‍රිකට් ආයතනයට පක්ෂපාතීව කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව ජනපතිවරයා විමසිලිමත් විය යුතු බවද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. පසුගිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ආණ්ඩුවෙන් තමා ඉවත්වූයේ එම ආණ්ඩුව ඉතාමත් ශක්තිමත්ව තිබූ කාලසීමාවක බවද ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය. තමන් මේ මොහොතේ උඩුගම් බලා පිහිනීමක් සිදුකරන බව පවසන ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ තමන් සිය හෘද සාක්ෂියට එකඟව…

Read More

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍යවරයා නිවැරදි නොවන, නොමඟ යවන සුලු චෝදනා එල්ල කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, ලබන වසරේ දී මෙරට පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම අරමුණ බවයි. එම තරගාවලිය 2024 ජනවාරි මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ඒ සම්බන්ධයෙන් තමන් මේ දිනවල කැප වී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි. විශේෂයෙන් මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය සවි කිරීම සහ එහි අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම 2023 ආසියානු කුසලාන තරගාවලියට සාපේක්ෂ ව ආරම්භ කළ බවත් ආනයන සම්බාධක හේතුවෙන් එහි කටයුතු අපේක්ෂා…

Read More

පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයත් සමඟ ඇරඹි ඊශ්‍රායල යුද්ධයෙන් දරුණු බලපෑමක් එල්ල වී ඇති එරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට අදාළ ගිවිසුමට ඉකුත්දා අත්සන් තැබූ බව ඊශ්‍රායලයේ ග්ලෝබ්ස් පුවත්පත වාර්තා කර ඇත. ඊශ්‍රායල ස්වදේශ කටයුතු අමාත්‍ය මොෂේ අබෙල් සහ ශ්‍රී ලාංකික නියෝජිතවරයා අදාළ ගිවිසුමට එරට විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙලෙස අත්සන් තැබූ බව එම පුවත්පත වාර්තා කළේය.මෙම ගිවිසුමට අනුව කෘෂි කාර්මික සේවා සඳහා වහාම ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට අවස්ථාව ලැබෙන බව එම පුවත්පත පෙන්වා දී තිබේ. ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් කෘෂි කර්මාන්තයේ නියැලි සේවකයන් 8000 ක් පමණ ඊශ්‍රායලය…

Read More

වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා හතරක වී තොග අතුරුදන් වීම සම්බන්ධයෙන් ගබඩා බාර නිලධාරීන් පස් දෙනකුගේ වැඩ තහනම් කර තිබේ. පොල්ගහවෙල, ආණමඩුව, නිකවැරටිය හා මහව වී ගබඩා හතරේ වී කිලෝ ග්‍රෑම් නවලක්ෂ හැත්තෑඑක්දහස් පනහක් අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණය විය. මෙම වී තොගයෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 100කි. 2021-22 වර්ෂවල දී මෙම සොරකම සිදුවී ඇති අතර ඒ සම්බන්ධව වහාම විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දී තිබිණි. එම විමර්ශනයේ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට ඊයේ (7) බාරදුන් අතර විමර්ශනයෙන් හෙළි වූ කරුණු අනුව අදාල නිලධාරීන්ගේ වැඩ…

Read More

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාලව නීති සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පිහිට වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකිදැයි සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශ වෙත උපදෙස් දුන්නේය . විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාල අංශ වෙත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබාදී තිබේ. එසේම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (8) විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය. තවද මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුලත නව ක්‍රමයට අදාල කෙටුම්පත සකසන ලෙස ද…

Read More

ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරගන්නැයි ඉල්ලීම් කර එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය ඔහු යටතට ගන්නේ යැයි ජනාධිපතිවරයා තමාට පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය. ඇමති ධූරයෙන් ඉවත් කර කැමති තීරණයක් ගන්නා ලෙස තමා එහිදී පැවසු බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා පත්කළ කමිටුව නැවත අහෝසි කරන්නේ නැතැයි තමා එහිදී තරයේ පැවසූ බවද ප්‍රකාශ කළේය. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්ද මේ අමාරුව කියන කියමන තමාට මේ අවස්ථාවේදී මතකයට එන බවද රණසිංහ මහතා පැවසීය.

Read More