Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් ටිකට් පතක එක් අංකයක් සූක්ෂම ලෙස වෙනස් කරරුපියල් 2000 ක මුදලක්ජයග්‍රහනය කර ඇති බවට ඒත්තු ගන්වා එම මුදල ලබා ගැනීමට උත්සාහ කළේ යැයි යුද හමුදා සෙබළකුහොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත . ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් අළවි නියෝජිත වරයා සැකකරු අල්ලාගෙන පැමිණ භාරදීමෙන් පසු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. අත්අඩංගුවට ගත් මෙම සැකකාර සෙබළා මෙවැනිම ආකාරයට හොරණ නගරයේ අලෙවි නියෝජිතවරියක දරවටා වංචා සහගත ලෙස රුපියල් 200 ක මුදලක් ව්‍යාජ ටිකට් පතක් ඉදිරිපත් කර ලබාගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇති…
ඉංගිරිය මහ ඉංගිරිය පිහිටි බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය හඳපාන්ගොඩ පන්සල හන්දිය පදිංචිව සිටි බන්දුල ප්‍රියන්ත ජයකොඩි නැමැති 55 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. මියගිය අය ඇළ මාර්ගයට ඉහළින් ඇති බෝක්කු කණුව මත නිදාගෙන සිටියදී බෝක්කුව තුළට වැටි මෙම මරණය සිදුවී ඇති බව ඒ අසල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සැලක සවිකර තිබූ සීසීටීවී කැමරාව නැරඹීමේදී නිරීක්ෂණය වූ බව පොලීසිය කියයි.
දීපාවලි සැමරුමෙන් පසු, නවදිල්ලි අගනුවරට අමතරව, ඉන්දියාවේ තවත් නගර දෙකක වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙසේ වායු දූෂණය ඉහවහා ගොස් ඇත්තේ මුම්බායි සහ කොල්කටා යන නගරවලය. දීපාවලි සැමරමින්, රතිඤ්ඤා දැල්වීම සහ ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම හේතුවෙන් මුම්බායි සහ කොල්කටා නගරවල වාතය අපවිත්‍ර වී ඇතැයි පැවැසෙයි.
2024 අයවැයෙන් රජය විසින් ඓතිහාසික තීන්දුවක් ගෙන ඇතැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. අද (13) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය එම අදහස් පළ කළේය. “විශේෂයෙන් අපි මේ අවස්ථාවේ දී බොහෝම සන්තෝෂ වෙනවා. ඉතාම ඵලදායි රටේ ආර්ථිකය නැගිට්ටවන අයවැයක්. ඓතිහාසික තීන්දුවක් තියෙනවා. උඩරට ජනතාවට මුඩුබිම් පනතින් සිද්ධවෙච්ච අසාධාරණය නිවැරදි කරලා ඒ අයට ඉඩම් ඔප්පු ලබාදෙන්න. ඒ වගේම රටේ ආර්ථිකය හැම අංශයකින්ම ඉහළට ගන්න පුළුවන් බලාපොරොත්තු තියා ගන්න පුළුවන් ඉතා හොඳ අයවැයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්.”
2024 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම එළැඹෙන නොවැම්බර් 13 වැනි දා සිදු කිරීමට නියමිත ව ඇත. විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත ය. 02 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිත අතර, නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා අයවැය තුන් වැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත ය. දෙසැම්බර් 13 වැනි දා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් පසු ඔහු විසින් ඉදිරිපත් කරන පළමු අයවැය මහත් අභියෝගාත්මක එකක් වනු ඇති බව බහුතර…
පෙරපාසල් ගුරුවරියකගෙන් කප්පම් ඉල්ලූ සිද්ධියට අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරීවරයා එළඹෙන 16 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකාර ග්‍රාම නිලධාරීවරයා අද හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. තමන් පතාල නායකයෙකු බව පවසා මරණීය තර්ජන එල්ල කරමින් හෝමාගම සුවපුබුදුගම පදිංචිව සිටි පෙරපාසල් ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලූ සුවපුබුදුගම ග්‍රාම නිලධාරීවරයා මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේය. සැකකරු එම මුදල ඉල්ලා එම ගුරුවරියට මාස දෙකක පමණ කාලයක් වරින් වර දුරකතන ඇමතුම් ලබාදී තිබුණි. පසුව රුපියල් ලක්ෂයක මුදලක් අදාළ ගුරුවරිය සේවය කරන පෙරපාසල අසල දැන්වීම් පුවරුවක් ආසන්නයේ තබා යන්නැයි කළ දැනුම් දීමෙන් පසු මුදල…
ඥාති පුද්ගලයෙකු අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමේ සිදුවීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ එවැනි වංචනික ක්‍රියා රැසක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා, “හදිසි අනතුරට ලක්වෙලා තියෙනවා ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා කඩිනමින් සල්ලි ගිණුමකට දාන්න මෙවැනි දේවල් කියමින් ජාවාරම් කරුවන් මිනිස්සුන්ව වංචා සහගත ලෙස විවිධ රැවටිලිවලට යොමුකරන අවස්ථාවන් නිරික්ෂණය වෙනවා. පසුගිය දින කිහිපය තුළ වාර්තා වුණා විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ගේ මව්පියන්ට දුරකථන ඇමතුම්…
සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ රුවන්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබේ. පොලීසිය පැවසුවේ දෙමටගොඩ වේළුවන පාර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට අද උදෑසන මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවය. එම නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර 3ක් එල්ලවී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද පොලීසිය පවසයි. එක් පෙට්‍රල් බෝම්බයක් නිවස තුළට වැටී ඇති අතර තවත් පෙට්‍රල් බෝම්බ දෙකක් නිවසේ ගේට්ටුවට වැදී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. නැගෙනහිර පළාතතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේ සිට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු – මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
බදු ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ අද (11) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසයි. එහි සභාපති වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ආණ්ඩුව මෙතෙක් ලබා දී ඇති කිසිදු පොරොන්දුවක් ඉටු කර නොමැති බවයි. මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ උපසභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසන්නේ, මෙවර අයවැයෙන් අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දීමට රජය පියවර නොගත හොත් විරෝධතා ක්‍රියාමාර්ග තීව්‍ර කරන බවය. මේ අතර, ඖෂධ ප්‍රතිපත්තිය සහ මිල සූත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයා ගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන් ගේ සංගමය පවසයි.…