Author: LANKA24X7

රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගා සිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (14) පස්වරුවේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරු සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු මීට එක්ව සිටියහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක්…

Read More

ආණ්ඩුවට වෙට්ටු දමා බදු පැහැර හරින්නට නොහැකි අන්දමේ යෝජනා මෙවර අයවැයේ සඳහන් වීම ඉතාම වැදගත් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (14) පැවසීය. බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීමට, මෝටර් රථයක් ලියාපදිංචියට, ඉඩමක් හෝ හිමිකමක් ලියාපදිංචියට බදු අනිවාර්ය අංගයක් බවට පත් කර තිබෙන අතර මෙය ඉතා වැදගත් තීරණයක් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අයවැය දෙවැනි වර කියවීමේ පළමු දින විවාදයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා මෙසේද කීය. ආර්ථික දේශපාලනික සමාජ අභියෝග රැසක් මැද මෙවර අයවැය ඉදිරිපත් කරනවා. මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට අපි මුහුණ දුන්නා. බංකොළොත්භාවය පවා ප්‍රකාශයට පත් වුණා. නීතියේ ආධිපත්‍ය, රටේ ආරක්ෂක…

Read More

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර් ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ඊට වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය ඒ අනුව මේ සම්බන්ධයෙන් ගොනු කොට ඇති පෙත්සම්වල පෙත්සම්කරුවන්වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩල හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න යන මහත්වරුන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහස…

Read More

රටේ ශ්‍රම බලකායෙන් එක් පුද්ගලයෙක් 2023 වසරට වඩා රුපියල් 12,000ක මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළමදී ප්‍රකාශ කළේය. රජයේ සේවකයෙකුට රුපියල් 10,000ක් ලබාදීමට යෝජනා කළත් බදු වශයෙන් රාජ්‍ය සේවකයෙකුට රුපියල් 12,000ක් ගෙවන්න සිදුවෙන බවත් මන්ත්‍රීවරයා පැවැසීය. 2024 වසර වෙනුවෙන් එකතු වන බදු ආදායම රටේ ජනතාවගෙන් බෙදූ විට එක් පුද්ගලයෙක් පෙර වසරට වඩා රුපියල් 4650 ක් බදු වශයෙන් ගෙවිය යුතු බවත් කොළම විපක්ෂනායක කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය. 2023 අයවැයේ යෝජනා 77 න් 69 ක් ක්‍රියාතමක කර නොමැති බවත් 2024 අයවැයෙත් යෝජනා 70 ක් තිබෙන බවත් මෙම යෝජනා ද ක්‍රියාත්මක කරයි කියා…

Read More

රාජ්‍ය සේවකයාට පඩි විතරක් දී හරියන්නේ නැතැයි ද ඔවුන්ගේ පුහුණුව ගැනත් බැලිය යුතු යැයි ද පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රාජ්‍ය ආයතන 52ක් රජයෙන් එලියට ගන්නා හැටි කතා කරනවාට වඩා ඒවා ඵලදායී අයුරින් පවත්වාගෙන යාමට සැලසුම් හැදීම උචිත බවද මන්ත්‍රීවරයා කීය. ඉඩම් ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක නොකළොත් විශාල අර්බුදයක් පැමිණිය හැකි බව කී මන්ත්‍රීවරයා පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය බරපතල ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින අතර ඒ ප්‍රතිසංස්කරණ නොකළහොත් අධ්‍යාපනයේද අර්බුදයක් ඇතිවිය හැකි බව සඳහන් කළේය. අයවැයෙන් ඉදිරිපත් කළ උසස් අධ්‍යාපන අධ්‍යාපන කොමිසමක් හැදීමේ යෝජනාව තමාද පිළිගන්නා බව චරිත හේරත් මහතා සඳහන් කළේය. රටේ ආර්ථිකය ගණන් හදා විසඳන්නට…

Read More

හොරණ ගෝනපොල ඇටබහේන නිවසක නිදා සිටි 7 හැවිරිදි දැරියක් පැහැරගෙන ප්‍රාණ ඇපයට ගෙන දැරිය මරා දමන බවට තර්ජනය කරමින් අමනාප වූ පෙම්වතිය පැහැරගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. ප්‍රාණ ඇපයට ගත් දැරිය කැස්බෑව පැටිකිරි දෙනිය ප්‍රදේශයේ ඥාති නිවසක දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. දැරියගේ පියාගේ සහෝදරිය සමග සැකකරු වසර 10 ක පමණ කාලයක සිට ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර මෑතකදී තරුණිය ප්‍රේම සබඳතාවය නවතා දමා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පසුගිය (13) අළුයම 6.20 ට පමණ තවත් පුද්ගලයෙකු සමග ගෝනපොල ඇටඹ- හේන නිවස ආසන්නයට මෝටර් රථයකින් පැමිණ තිබූ සැකකරු මෝටර් රථයෙන් බැස නිවස තුළට කඩා…

Read More

පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති පංති ගුරුවරයකුගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී ඊයේ හමුවූ බව පානදුර උතුර පොලිසිය පවසයි . මියගොස් ඇති පුද්ගලයා පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු යන අයට බවට පවුලේ සාමාජිකයන් හදුනාගෙන ඇති බවද පොලිසිය කීය. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදුකරන ලදී. මියගොස් ඇති තැනැත්තා කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු ලෙසින් කටයුතු කරන බවත්, පීරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර සිත් තැවුලෙන් සිට ඇති බවටද තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය. මියගොස් ඇති තැනැත්තා අතුරුදන්ව ඇති බවට මොරටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති…

Read More

ගම් මට්ටමින් පාසල් ක්‍රිකට් නැංවීම සඳහා ක්‍රිකට් ආයතනය සතුව ඇති චෝදනා ලත් මුදල් යොදවා ගන්නේ නැතිව තවත් බදු ගසා මුදල් වෙන් කළේ කුමට දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්‍රිකට් සංවර්ධනය සඳහා අයවැයෙන් බිලියන 1.5ක මුදලක් වෙන් කර ඇති බව කී අත්තනායක මහතා කළ යුතුව තිබුණේ ජනතාව මත තවත් බදු පටවන්නේ නැතිව ක්‍රිකට් ආයතනය සතු මුදල් ලබාගෙන අදාල කාර්යයන් සඳහා යොදා ගැනීම බව සඳහන් කළේය. මෙය එහෙම්පිටින්ම ජනතාව ගොනාට ඇන්දු අයවැයක් බව කී අත්තනායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරද්දීවත් කලින් අයවැයේ ප්‍රගතිය සමාලෝචනය කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

Read More

මෙවර අයවැයෙන් විපක්ෂ නායක වැය ශීර්ෂයත් වැඩි කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයට 2023 අයවැයෙන් රුපියල් කෝටි 25 කට ආසන්න මුදලක් දුන් අතර 2024 අයවැයෙන් එම මුදල රුපියල් කෝටි 28.6 දක්වා වැඩි කර තිබෙන බව සඳහන් කළේය. අයවැයෙන් ජනතාවට අපාය පෙන්වා ඇතැයි විපක්ෂ නායකවරයා පවසා ඇතැයි කී එජාප සභාපතිවරයා විපක්ෂය ජනතාවට අපාය පෙන්වමින් සිටින බව සඳහන් කළේය. මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබෙන්නේ නැතැයි කියූ විපක්ෂ එය ලැබුණ පසු දැන් දෙවැනි වාරිකය ලැබෙන්නේ නැතැයි පවසමින් සිටින බව සඳහන් කළේය. මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුණු පසු ජනතාවට නව සහන ලබාදීමට හැකියාව ලැබෙන බව…

Read More

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර තිබේ. එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම ලබන 16 වනදා කැඳවීමට නියමිතය.

Read More