Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවන් අද (27) උදෑසන වන විට ඉහළ ජල මට්ටම් වාර්තා කර තිබේ. මෙම ගංගා සියල්ල අවධානයෙන් සිටිය යුතු මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි. ඒ් හේතුවෙන් ඉහත කී ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් දැනුම්දෙයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ අද උදෑසන වාන් දොරටු 4ක් විවෘත කර තිබේ. ඉන් තත්පරයට ඝන අඩි 7000ක පමණ ධාරිතාවයකින් ජලය මුදා හැරේ. කුකුලේ ගඟ විදුලි බලාගාර ජලාශයේ වාන් දොරටු ද විවෘත කර තිබෙන අතර ඉන් තත්පරයට ඝන අඩි 80ක…
පවතින දේශපාලන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු වෙනත් ස්ථානයක සිට සිදුකරගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය නොව කොළඹ පිහිටි වෙනත් ස්ථානයක් යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටන බව ද සඳහන් ය. පවතින දේශපාලන අර්බුදය හා අධිකරණ තීන්දු හේතුවෙන් ස්ථිර ස්ථානයක සිය දේශපාලන කටයුතු හා ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් කැඳවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව සඳහන් ය. මෙම තත්ත්වය හමුවේ වෙනත් ස්ථානයක සිට පක්ෂයේ දේශපාලන කටයුතු…
මාතර වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසලදී අද (27) උදෑසන සිදුකළ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළිවී තිබේ. මිදිගම පොලිස් වසමේ පදිංචි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වැඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි. මිදිගම පිටිදූව පාරේ පදිංචි සුදේෂ් මධුසංක නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු අද උදැසන සිය දරුවන් දෙදෙනා බටවල පාතේගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය වෙත රැගෙන ආ අවස්ථාවේදී එම පුද්ගලයා ඉලක්ක කොට මෙම වෙඩිතැබීම සිදුකර ඇත. කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති. වෙඩිතැබීමට ඉලක්කය වූ පුද්ගලයා නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන අයගේ පාර්ශ්වයේ පුද්ගලයකු වන අතර ඔහුට විරුද්ධව 2022.01.20 වන දින මිදිගම තුර්කි ගම්මානයේදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී මේ…
ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම අද (27) දිනයේ සිට ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව ජුනි මස 14වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ජුනි මස 14 වන දින මධ්‍යම රාත්‍රී 12න් පසුව මාර්ගගත ප්‍රවේශය අවසන් කෙරෙන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවද ඔහු කියා සිටියේය. රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරන ලද පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැකි අතර අඩු ආදායම් සහිත 2025 වසරේ ජනවාරි මස 31 වන දිනට…
පොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ.ඕඩේ ඇල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක, මීට දින කිහිපයකට ඉහත දී මිය ගිය වන අලින්ගේ සිරුරු හතක් ඊයේ( 26 ) සොයාගත් බව වනජීවි නිලධාරින් සහ පරිසරවේදීහු සඳහන් කරති. මියගිය මෙම වන අලින්ගෙන් අවුරුදු 8, 9,10 යන වයසේ අලි පැටවුන් පස් දෙනෙකු සහ අවුරුදු 30,35 පමණ වයසේ පසුවන වන දෙදෙනකුගේ සිරුරු ඒ අතර වන බව පරීක්ෂණ සිදු කරන වනජීවී නිලධාරීන් සඳහන් කරයි. හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇල ප්‍රදේශයේ කිලෝ මීටර් ගණනාවක් දිගට ජපන් ජබර ඇතුළු විවිධ ශාක පැළෑටි පිරී පවතින බවත්, එම ඕඩේ ඇලෙ ස්ථාන කිහිපයකින්, එම අලින්ගේ සිරුරු හමු වි තිබෙන බවත්, අලි හත් දෙනාගේ සිරුරු නරක්…
දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට කාන්තාවකගෙන් රුපියල් 4,,500/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බව කියන උඩතලවින්න කාති උසාවියේ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කාති උසාවිය තුළදීම අත්අඩංගුවට ගනු ලැබීය. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී මෙම කාති විනිසුරුවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ නිලධාරියෙක් පැවැසීය. රජඇල්ල කුඹුක්කදුර ප්‍රදේශයේ පදිංචිකාරියක ඇගේ සැමියාගෙන් දික්කසාදවීම සඳහා උඩතලවින්න කාති උසාවියේ නඩුවක් පවරා ඇති අතර ඇයට අදාළ දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට සැකකාර කාති විනිසුරුවරයා කාන්තාවගෙන් රුපියල් 4,,500/-ක අල්ලසක් ඉල්ලා ඇති බවත් එම ප්‍රකාශකයා පැවැසීය.
දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ආබ්‍රෙව් හෙවත් බබා ගේ පියා වන 54 හැවිරිදි කලුහත් කීර්තිසේන ආබ්‍රෙව් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන හිටපු යුධ හමුදා සෙබළකු ඊයේ ( 26 )සවස හෙරොයින් මිලිග්‍රෑම් 3410 ක්ද සමගින් බෙන්තොටදී සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය පවසයි. මෙසේ අත් අඩංගුවට ගනුලැබ ඇත්තේ ඉඳුරුව බන්ඩාරිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 36 හැවිරිදි අයකු බව පොලීසිය පැවසීය . ඔහු කලක් යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සෙබලෙකු ලෙස සේවය කර 2017 වසරේ නීත්‍යනුකූල නොවන ලෙස එයින් පැනගිය අයෙක් බවද හෙලිවී තිබේ. සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධව දැනට ඩුබායිහි රැඳී සිටින දෙදෙනෙකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව…
මෑත කාලයේදී මිලදී ගැනුණු ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන් ද තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මෙයට අමතරව දෘශ්‍ය අංශු පැවැතීම, පෙති කැඩී යාම, වර්ණය වෙනස්වීම, නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවීම, අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් මරණ සිදුවීම, ක්ෂුද්‍ර ජීවී ආසාදන වැනි ලක්ෂණ සහ විවිධ ප්‍රතිපල රැසක් ද එම ඖෂධවලට අදාළව හඳුනාගෙන තිබූ බව වාර්තාවේ දැක්වේ. මේ හේතුවෙන් ඖෂධ රැසක් භාවිතයෙන් ඉවත් කර තිබූ බව ද ජාතික විගණන කාර්යාලය පවසයි. මෙසේ කැරපොත්තන් සහ වීදුරු කැබලි හමුවී ඇත්තේ ප්‍රතිජීවක ඖෂධ, ආසාත්මිකතා, ඇඳුම, පිළිකා, හෘද රෝග, අක්ෂි ආසාදන හා වකුගඩු රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ගවලය. රජයේ රෝහල්…
පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. නායයෑම සිදුවූයේ පසුගිය සිකුරාදා දිනයේය. නිවාස රැසක් පස් තට්ටුවලට යටවී ගියේ,ඒවා තුළ සිටි පිරිස් පණ පිටින් වළ දමමිනි. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් නොකඩාවි සිදුවන නමුත් ඇද හැලෙන මහ වැසි ඊට බාධාවක් වී ඇත. නායයෑමට හසුවුණු නිවාස ගණන 150 කට වැඩිය.
“සටන අරඹමු රජරටින්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයේ ඊයේ (26) පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් දිස්ත්‍රික්කයේ කලා වැව ආසනයේ ජනතාව දොළොස් දහසක් පමණ සිටියහ. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී. වීරසිංහ, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි, ජෝන්ස්ටන් ප්‍රනාන්දු,එස් එම් චන්ද්‍රසේන, එස් සී මුතුකුමාරණ, ගමගේ වීරසේන, කලාව ආසන සංවිධායක හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් ,හිටපු පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල යන මහජන නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම අනෙකුත් පාර්ලිමේන්තු මැති…