Author: LANKA24X7

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වැදුණු අපේක්ෂකයන් සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (30) දින සවස කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළොවත්ත මහතා පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් තරඟ කළ යුතු ආකාරය සහ මේ වන විට රට තුළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණු වන බවද ඒ මහතා පවසයි.

Read More

වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනෑම සම්බන්ධයෙන් විරෝධය පළ කළ පිළිගැනීමේ නිලධාරිනියක්ව පිහිනුම් තටාකයට විසිකළ පුවතක් වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වේ. හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය රාත්‍රී රාජකාරියේ යෙදී සිට ඇති අතර, ඒ මොහොතේ පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ දියනාමින් සිට ඇත. ඔවුන් මත්පැන් පානය කරමින් දියනෑම හේතුවෙන් එසේ නොකරන ලෙස පිළිගැනීමේ නිලධාරිනිය ඉල්ලීමක් කර ඇති බවද පැවසේ. එයට උරණ වූ පෝලන්ත ජාතිකයින් ඇයව ඔසවා පිහිනුම් තටාකයට විසිකර ඇති අතර, එහිදී තුවාල ලැබූ පිළිගැනීමේ නිලධාරිනිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය පැවසීය. සිද්ධියට සම්බන්ධ පෝලන්ත ජාතිකයින් පිරිස නැවත සිය මව්රටට ගොස් ඇති අතර, පොලීසියේ මැදිහත්වීමෙන්, හෝටලයේ…

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩබැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී .කේ. පෙරේරා මහතා පත් කර තිබේ. ජාතික ජනබල වේගය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංගම සභාපති ධුරයට පත් රමාල් සිරිවර්ධන මහතා පෞද්ගලික හේතුන් මත එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි.

Read More

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ගුවනේ දී මගී ප්‍රවාහන ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී අනතුරක් සිදුව තිබේ. එහිදී යානා දෙකම අසල පිහිටි පොටොමැක් ගංගාවට ඇදවැටී ඇති බව වාර්තා වේ. කැන්සාස් හි සිට පැමිණි මෙම යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ මගීන් 64 දෙනෙක් ගමන් කර ඇති බව අමෙරිකානු බලධාරීන් පවසයි. එමෙන්ම අනතුරට ලක්වූ බ්ලැක්හෝව්ක් යානය තුළ නිලධාරීන් තිදෙනෙක් සිටි බව සඳහන් වේ. විදෙස් මාධ්‍යවලට අනුව මෙලෙස අනතුරට ලක්ව තිබුණේ රේගන් ජාතික ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කරමින් පැවති අමෙරිකන් ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයකි. විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන්…

Read More

දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ මේ දිනවල පවතින අහිතකර මට්ටම අද (30) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. වායු ගුණ තත්ත්ව දර්ශකය ඊයේ සහ පෙරේදා දිනවල 100 ත් 150 ක් අතර මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසීය. දකුණු ආසියාතික රටවල සිට ඊසාන දෙසින් හමා එන සුළං ප්‍රවාහය වායු ගුණත්වයේ අහිතකර මට්ටමට බලපා ඇතැයි ද ඔහු කීවේය. මෙය සංවේදී පුද්ගලයින්ට අහිතකර මට්ටමක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත් ඔහු සඳහන් කළේය. වායු ගුණ තත්ත්ව දර්ශකය 50 ට අඩු මට්ටමක පැවතිය යුතු බවත් ප්‍රේමසිරි මහතා තවදුරටත් පැවසීය.

Read More

ඕනෑම කෙනකුට ඕනෑම වැඩි මිලකට වී මිලදී ගන්න හැකියාව තිබෙන නමුත් දැනට රජය ගැසට් කර තිබෙන සහල් පාලන මිල කිසි ලෙසකින් වත් වෙනස් නොකරන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය. තෙත වී කිලෝවක් රුපියල් 120 -130ට වුවද ගැනීමට ව්‍යාපාරිකයන්ට අයිතිය තිබෙන නමුත් රජය ගැසට් කර තිබෙන සහල් මිල සම්බන්ධ තත්ත්වය වෙනස් කරන්නේ නැතැයි අමාත්‍යවරයා කීය. වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය. දැනට පාරිභෝගික අධිකාරියේ තිබෙන යම් යම් දුර්වලතා වෙනස් කර ගනිමින් සහල් පාලන මිල පවත්වා ගැනීමට අවශ්‍ය නීති පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.…

Read More

ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී සිදු විය. දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව සතුට පළ කළ ඇමරිකා තානාපතිනිය එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් වනු ඇති අවධාරණය කළාය. COVID-19 වසංගතය සහ මෑත කාලීන ආර්ථික අභියෝග ඇතුළු තීරණාත්මක අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම මෙරට පාර්ලිමේන්තුව සඳහා ඇමරිකානු රජය විසින් ලබාදී ඇති අඛණ්ඩ සහයෝගය පිළිබඳව ප්‍රසාදය පළ කළ කථානායකවරයා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය…

Read More

අනුර-හරිනි ආණ්ඩුව රනිල්ගෙ අනුප්‍රාප්තිකයා වී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. සැප්තැම්බර් 21ට කලින් මේ ආණ්ඩුවේ උදවිය කරන්නේ නැතැයි කී සියලු දේවල් දැන් කරමින් සිටින බවද රණවක මහතා සඳහන් කළේය. ආණ්ඩුව රනිල්ගෙ අඩි පාරේ යනවා පමණක් නොව එතුමාගේ අනුප්‍රාප්තිකයා හැටියට කටයුතු කරමින් සිටින්නේ යැයිද චම්පික රණවක මහතා චෝදනා කළේය. දේශපාලන වශයෙන් අනාථ වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත කෙළින් කිරීමේ වගකීම වර්තමාන ජනාධිපතිවරයා බාරගත යුතු යැයි ද කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් චම්පික රණවක මහතා සඳහන් කළේය.

Read More

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්ෂණය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර ලබාදුන් පොරොන්දුව පරිදි රජයේ වියදම් සීමා කිරීම සඳහා දරණ උත්සාහයේදී හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සඳහා අවස්ථාවක් තිබෙනවා දැයි සොයා බැලීම සඳහා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා කමිටුවක් පත් කළේය. හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට නොහැකි බව කමිටුව සොයාගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) උප වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු…

Read More

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකර එහි පදිංචිව සිටි පුද්ගලයින් ඉවත් කරදීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 6 1/2ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය තමන්ට දුන් දඬුවම් ඉවතදමා තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කළ ඇපෑල ජුනි 05,13 සහ 16 දිනවල විභාගයට ගැනීමට පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (29) තීරණය කළේය. අභියාචනා කරන විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගේ සමන්විත පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම ඇපෑල සළකා බැලිණ.

Read More