Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරනු ලබන ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක්, උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි මෙම ඉන්දීය ධීවර යාත්‍රා දෙක මෙලෙස අත්අඩංගුවට ගැණින. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනා තලෛමන්නාරම ජැටිය…
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. සියලු අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත ඊයේ (24) දිනයේ දී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. එම චක්‍රලේඛය මගින් මෙම වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම සිදුකළ යුතු ආකාරය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කර තිබේ. 2023 වර්ෂය තුළ ලාභ උපයා බදු පසු ලාභයෙන් අවම වශයෙන් සියයට 30ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ලෙස ගෙවා ඇති ආයතනවල සේවකයින් සඳහා රුපියල් 25,000ක හෝ…
නීතිවිරෝධි ලෙස මෙරටට කුෂ් නැමැති මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (23) දහවල් කාලයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදි මොහු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 34ක් වූ රුසියානු ජාතිකයෙකි. සැකකරු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලො 1යි ග්‍රෑම් 50ක් ද කාර්යංශ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.
මීගොඩ ප්‍රදේශයේදී පසුගිය 14 වැනි දා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 19 වැනි දින මෙම අපරාධයට සම්බන්ධ වෙඩික්කරු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතරම පසුගිය 22 වැනි දින තවත් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි. එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව ඊයේ (23) සවස් කාලයේදී මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මීගොඩ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් වසය අවුරුදු…
සොර සතුරන්ගේ ග්‍රහණයට නතුවී ඇතැයි කියන මාලඹේ සිට අඹතලේ දක්වා වන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ප්‍රදේශයේ පොලිසිය ඇතුළු අදාළ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය. සොරුන් මේ මාර්ගයේ ගමන් ගන්නා රට වාහන පවා කොල්ලකන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව ආණ්ඩුකාරවරයා මෙම පියවර ගෙන තිබේ. චන්ද්‍රිකා කුමාරතුංග මාවත ආශ්‍රිත ප්‍රදේශයේ පොලිස් මුර සංචාර වැඩි කිරීමටත්, මාර්ගයේ පිවිසුම් දෙපස ආරක්ෂාව වැඩි කිරීමටත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රදේශයේ පොලිස් නිලධාරින් අතර පැවැති සාකච්ඡාවේ දී එකඟ වූ අතර CCTV කැමරා පද්ධතියක් සවි කිරීම, විදුලි පහන් කණු සවි කිරීම, අදාළ ස්ථානයන්හි පොලිස් මුරකුටි ස්ථානගත කිරීමටද තීරණය වී තිබේ. නාගරික…
පරිපාලන ග්‍රාම නිලධාරිවරයෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවක් නැවත විභාග කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා දීම පිණිස පැමිණිලිකරුගෙන් අල්ලස් මුදලක් ඉල්ලා සිටීම සම්බන්ධව අල්ලස් කොමිසම විසින් අදාළ ග්‍රාම නිලධාරීවරයාට එරෙහිව පසුගිය 2022 වසරේ මාර්තු 25 දින කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරණු ලැබීය. එහිදී නඩුකරයේ විත්ති පාර්ශ්වය විසින් ගෙන එන ලද මූලික විරෝධතාවයක් පිළිගනිමින් චූදිතයාව නිදහස් කිරීමට පසුගිය වසරේ ජූලි මාසයේ දී මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණි. එහිදී නියෝගයට එරෙහිව එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
මෙම වසරේ මේ දක්වා කාලයේ විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනකු පමණ මරණයට පත්ව ඇති බවත් එම අවස්ථාවලදී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම අනවසරයෙන් ගෙන තිබූ බවත් එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විදුලි සැපයුම අනවසරයෙන් ගැනීම වැළැක්වීම සඳහා සුදුසු විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සඳහා ජනතා සහය තව දුරටත් බලාපොරොත්තු වන බවත් එම මණ්ඩලය කියයි. අනවසරයෙන් විදුලිය ගැනීම් පිළිබඳව තොරතුරු තිබේ නම් ක්‍ෂණික දුරකථන අංක වන 1987 හෝ 0112118767 දුකරථනයට තොරතුරු දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සමෘද්ධි සහායකවරයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර පෙදරේරුවකු හා මාළු ව්‍යාපාරිකයකු ද වන බවත් මොවුන් පාදුක්ක සහ මීගොඩ පදිංචි වයස අවුරුදු 22 – 38 අතර පසුවන අය බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවකු වෙඩික්කරු සමඟ පැමිණි පුද්ගලයකු බවත් අනෙක් පුද්ගලයන් දෙදෙනා ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් අය බව පොලිසිය කියයි. එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර මීගොඩ පුවක් වත්ත ප්‍රදේශයේදී වෙඩික්කරු අත්අඩංගුවට ගත් අතර යුද හමුදාව සේවයෙන් පලා…
උත්සව සමය අවසන් වන තුරු අද (23) සිට පැය 24 ම ආවරණය වන පරිදි දිවයින පුරාම රථවාහන පොලිස් නිලධාරීන් යොදවා මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළුව සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් උත්සව සමයේ අනතුරු අවම කර ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. මෙහිදී ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කර මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර හා මාර්ග නීති උල්ලංඝනය කරමින් අන්තරායදායක ලෙස රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය…
මෙරට තරුණයින් සමඟ එක්ව නව මාධ්‍යකරණයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය. මාධ්‍ය කලාව රටේ සංවර්ධනයට දායක කරගැනීම වෙනුවෙන් අප සියලුම දෙනාට වගකීමක් ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. ලෝකයේ සාම්ප්‍රදායික මාධ්‍යකලාව වෙනස් වී ඇති බවත්, සාම්ප්‍රදායික දේශපාලනයට කුළුගෙඩි පහර එල්ල කළ තරුණ පරම්පරාවකට මෙරට සාම්ප්‍රදායික මාධ්‍ය කලාව වෙනස් කිරීම අපහසු නොවන බවත්, ඔහු ප්‍රකාශ කළේය. ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජනතාවාදී මාධ්‍යකරණයක් වෙනුවෙන් ද මැදිහත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ඊයේ (22) පැවති චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ පනස්වෙනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ සමරු කාසි ග්‍රැෆික් නිර්මාණ…
