Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිගින් දිගටම පවතින අධික වර්ෂාවත් සමග දඹුළු ඔය හරහා මඩාටුගම කිරළව ප්‍රෙද්ශයේ ඉදිකර ඇති කිරළව පාලම මේ වනවිට ගිලා බැසීමේ දැඩි අවධානමකට ලක්ව තිබේ. දඹුළු ඔය ජලාශයේ සිට කලාවැව වෙත ජලය ගෙන එනු ලබන දඹුලු ඔය හරහා ඉදිකර ඇති එම පාලම අසළින් දඹුලු ඔයේ ඉවුරු දැඩි ලෙස ඛාදනයට ලක්වීමෙන් පාලම මෙලෙස ගිලා බැසීමේ අවධානමට ලක්ව තිබේ. පාලමට අසළ තිබූ කුඹුක් ගසක් ද මේ වනවිට ඉවුරුත් සමග දඹුලු ඔය මතට කඩා වැටී තිබේ. අද දිනය වනවිට අවධානමට ලක්ව ඇති මෙම පාලම මතින් ගමන් කරන රියදුරන්ට අවවාදාත්මක පුවරුද මේ වනවිට ප්‍රදර්ශණය කිරීමට ගල්කිරියාගම හා මඩාටුගම පොලිස් ස්ථාන මගින් කටයුතු කර තිබේ. කෙසේ…
බොරුව ජනගත කරන්න උත්සහ කරන කණ්ඩායම හමුවේ තව දුරටත් ඇස් කන් පියාගෙන සිටිය යුතු නැති බවත් සමහරු බලය ගැනීමට කලින්ම සූට් මහගෙන සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (15) පැවසීය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීී ඊයේ (15) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අමතමින් මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය. සූට් මහගෙන ඉන්න කවුරුත් රට අමාරුවේ වැටුණු අවස්ථවේදී සූට් ඇදීමට ඉදිරිපත් නොවූ බවත් ණය ගෙවීමට ඉතිරිව තිබීම නිසා දැම්ම ගත්තම තනතුරේ ගොඩක් කල්ඉන්න බැරිවේ යැයි සමහරු වගකීම භාර නොගත් බවත් ඒ මහතා කීය. එවැනි නායකයන්ට බලය දීමට ජනතාව සූදානම් නොමැති බව කී…
ජීවිත අඳුරට පත් කරමින් රට බංකොලොත් කළ පොදුජන පෙරමුණේ වගකිවයුතු කණ්ඩායම් සමග හෝ ඔවුන්ගේ ආශිර්වාදයෙන් බලය රැක ගන්නා කිසිදු දේශපාලනඥයෙක් සමග සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එකතුව දේශපාලනයේ නිරත නොවන බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. නිවේදනයක් නිකුත් කරමින් මහලේකම්වරයා තවදුරටත් මෙසේද සඳහන් කරයි.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව කීවෙි හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඊයේ (15) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවී දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශ ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළ අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ එහි පේරක කලාපයට…
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට එරෙහිව දිවුලපතාන ගම්වාසීන්ගෙන් විරෝධයක් – බිත්තර ගහලා හූ කියලා පන්නයි
දෙමළ ජාතික පෙරමුණේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දිඹුලාගල දිවුලපතාන ගම්මානයට ඇතුළත් වීමට යෑමේ දී මාර්ගය අවහිර කළ ගම්මු හූ කියා මන්ත්‍රීවරයා පළවා හැරියේය. මන්ත්‍රිවරයා එන බවට සැලවූ වහාම දිවුලපොතාන ගම්මු ඊට විරෝධය පල කරමින් වලමණ්ඩිය පාලම අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කර තිබුණහ. මෙම විරෝධයට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සහ පොල්ගහ ආරාවේ ඥානන්ද නාහිමියන් ඇතුළු ගම්මුන් විශාල පිරිසක් එක්ව සිටියහ. එම ස්ථානයට කරදිය නාරු පොලිසිය මගින් ආරක්ෂාවද ලබා දී තිබිණි. ජාතිවාදය ඇවිස්සීමට සහ තමන් වගා කරන බිම් තහනම් කිරීමට මෙම දේශපාලඥයා පැමිණි ඇති බවට ගම්වාසීන් චෝදනා කළහ. වසර ගණනාවක සිට හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය තමන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කළේය. කෙසේ වෙතත් ඉදිරියේ දී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබාදෙමින් පෙත්සම් විභාගය අවසන් කරන බව විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා වූ මාර්ගය අද (15) සිට තාවකාලිකව වසාදැමීමට නියමිතව තිබේ. ඒ අනුව ජනවාරි 15 වනදා දක්වා අදියර කිහිපයක් යටතේ එම මාර්ගය වසා දැමෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි. මාර්ගය දෙසැම්බර් 22 වනදා දක්වා සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, දෙසැම්බර් 23 දින සිට ජනවාරි 06 දක්වා එහි එක් මංතීරුවක් වසා දැමීමට නියමිතය. කෙසේවෙතත් ජනවාරි 07 වනදා සිට ජනවාරි 14 දින දක්වා මාර්ගය යළි සම්පූර්ණයෙන් වසා දමන බව මහවැලි අධිකාරිය පැවසීය. ඉන් අනතුරු ජනවාරි 15 වනදා උඩවලව වේල්ල හරහා මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතව ඇත. මාර්ගය වසා දැමෙන කාලසීමාව තුළ විකල්ප මාර්ග ලෙස…
රාත්‍රී යතුරු පැදි සංචාරයේ යෙදුණු බොරැල්ල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුට උල් ආයුධයකින් ඇන පලායාමට පත්කළ පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. වෙඩි වැදුණු එම පුද්ගලයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත. එම පුද්ගලයා සන්තකයේ තිබී උල් ආයුධයක් සහ ඒ ආසන්නයේ වැටී තිබූ ආරක්ෂක හිස්වැස්මක් පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරු අනුරාධපුර විජයපුර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම දශකය අවසන් වන විට ලොව පුරා සිටින සන්නද්ධ හමුදාවන්ට මුහුණ දීමට සිදුවන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි නෙලුම් පොකුණ රඟහලේදී ඊයේ (14) පස්වරුවේ පැවති ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 17 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි පාඨමාලා 17ක් සඳහා දේශීය මෙන්ම විදේශිය හමුදා නිලධාරීහ් 148 දෙනෙක් මෙහිදී උපාධි ලබාගත්හ.
රටේ අපරාධ පැත්ත නැති කරන්න තමාට ඉලක්කයක් ඇතැයි ද එම ඉලක්කයට යෑමට බාධා කරන ඕනම කෙනකුට ගහගෙන යන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. මොන තරම් “පවර්ෆුල්”පුද්ගලයන් උනත් තමා කටයුතු කරන්නේ එහෙම යැයිද අමාත්‍යවරයා කීය. ලබන ජුනි 30 වැනිදාට පෙර තමාට හැම පලාතේම අපරාධ මර්දනය සම්බන්ධයෙන් ලොකු වෙනසක් දැකිය යුතු බවද ටිරාන් අලස් මහතා කීය. කොළඹ පැවති පොලිස් වැඩමුළුවකට සහභාගී වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. සමාජ මාධ්‍යයේ සිටින ඇතැම් පිරිසක් දැන් කුලප්පු වී තමාටත් පොලිස්පතිතුමාටත් ගහන බව කී අමාත්‍යවරයා…