Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබාදී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා දැනුම් දුන්නේය. ඒ යටතේ යෝෂිත රාජපක්ෂ සතුව තිබූ පිස්තෝල ගිනිඅවි 7න් 5ක් මුල් අවස්ථාවේදීම භාරදී තිබුණි. මේ වනවිට තොරතුරු වාර්තාවෙන පරිදි ඔහු සතුව තිබූ ඉතිරි ගිනිඅවි 2ත් භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.
කුරුඳු වත්ත ධර්මපාල මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ක් සහ ග්‍රෑම් 190 ක්සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (31) අත්අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කුරැදු වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බැංකු කැඩු අය, ඕස්ට්‍රේලියාවේ සුද්දන් රවටා වංචා කළ අය, ඉන්ධන වලින් වංචා කළ අය ඔක්කොම දැන් එකතු වී තිබෙන්නේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්‍ෂණ සහ දඬුවම් නතර කර ගැනීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය වැල්වැටිතුරේදී අද (31)පැවසීය. කවුරු එකතු වුනත් දූෂිතයන්ට දඬුවම් දීම නතර කරන්නේ නැතැයි කී ජනාධිපතිවරයා උඩ සිටින අය එකතු වුනාට යට ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බව පැවසීය. ජනතාව ආණ්ඩුව සමග සිටින තුරු එම එකතුවීම් සාර්ථක වන්නේ නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය. යාපනයේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සියලු ජාති ආගම් සංස්කෘතීන් එකතු කරගෙන සමරන ජාතියේ මහා මංගල්‍යයක් ඔක්තෝම්බර් මාසයේදී සංවිධාන කර තිබෙන බවයි. එම…
නිදහස් උත්සවයට පෙර නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශ පරික්ෂාවකදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. නිදහස් උත්සවයට ජනාධිපතිවරයා ද සහභාගි වීමට නියමිත බැවින් ලැබෙන සෑම තොරතුරක් සම්බන්ධයෙන්ම විශේෂ අවධානයක් යොමු කරමින් සිටියදී ධර්මපාල මාවතේ නගර සභාව ආසන්නයේ බස් නැවතුමක සැකකටයුතු පුද්ගලයකු සිටින බවට කුරුඳුවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවිර මහතාට ලද තොරතුරකට අනුව සැකකරු පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ ” රක්ත මාවත ” (Red Channel) ඔස්සේ පැමිණි , ව්‍යාපාරික ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ඊයේ (31) දින පස්වරුවේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් , කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ විදේශීය නිෂ්පාදිත භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි . ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-…
ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුමට ඉක්මණින් එළැඹීමට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළේය. දැනට ප්‍රමාද වී ඇති එම ගිවිසුම ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සළකා බලමින් සිටින බවත් එය නුදුරේදීම අවසන් කිරීමට හැකි සෑම සහායක්ම ලබා දෙන බවත් තානාපතිවරයා එහිදී පවසා ඇත. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඉතාලි තානාපතිවරයා මෙම අදහස් පළකර තිබිණි. ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබා දීම නැවත…
පොලිසියට තොරතුරු ලබාදෙන්නන්ගේ අනන්‍යතාවය හෙළි නොකර තොරතුරු ලබාදීමට හැකි ‘1997‘ කෙටි දුරකතන අංකයක් පොලිස් මූලස්ථානය හදුන්වාදී ඇත. අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමෙන් පසු එම තොරතුරු ලබාදුන් පුද්ගලයන්ගේ අනන්‍යතාව නැවත අපරාධකරුවන් අතට පත්වන බවට මහජනතාව තුළ පවතින සැකය දුරු කර විශ්වාසය ඇති කිරිම සදහා මෙම දුරකතන අංකය හදුන්වා දී ඇත.
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය. මෙම ක්‍රියාවලියෙන් රටට විශාල හානියක් වු බවත් බදු ආදායම අහිමි වීම මෙන්ම කිසිදු පරික්ෂාවට ලක් නොවු අවදානම් සහිත භාණ්ඩ පාරිභෝගිකයට නිදහස් වී ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය. ආයුධ, රත්‍රං, මත්ද්‍රව්‍ය හා බාල බෙහෙත් බහලුම්වල නොමැති බවට රජය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක කාර්යාලයේදී වරායේ සමගි වෘත්තීය සමිති සාමාජිකයන් සමග පැවැති හමුවකදී ඔහු මේ බව කීවේය. මෙම බහලුම්වල වගකීම ගෙන නිදහස් කළ බව රජය පැවසුවත් ඒවායේ නීත්‍යානුකුල දේවල් නොමැති යැයි පැවසිමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දිවයිනේ දැනට පවතින වැසි තත්වය අඩුවීමක් හෙට දිනයේ සිට බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් මඩකළපුව, අම්පාර, මාතලේ,නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා අද(01) සිට බලපැවැත්වෙන පරිදි අදියර 3 යටතේ කොන්දේසි සහිතව ඉවත් කරනු ලැබූ අතර වාහන ආනයනය කිරීමේදී ඊට අදාළව කොන්දේසි 9 ක් රජය විසින් පනවනු ලැබ ඇත. තෙවන අදියර යටතේ මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුම් මෝටර් රථ සඳහා වන ආනයන සීමා කොන්දේසි සහිතව අද(01) සිට ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(31) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර ඉන් පසුව වාහන ආනයනය කිරීමේදී පනවා ඇති කොන්දේසි 9 සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. 1.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් මින් පනවනු…
