Author: LANKA24X7

නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් රූබන් ගයුසි මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (27) හමුවිය. 2025 වසරේදී, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 25 වැනි සංවත්සරය සම්පූර්ණ වන අතර මොල්ටාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෝල්ටාව කැපවී ක්‍රියා කරන බව මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ⁣ක්ෂේත්‍රය නගාසිටුවීම පිළිබඳවත්, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රවල රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම පිලිබඳවත් අවධාරණය කළාය.…

Read More

දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියයට 40 කට වැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. පසුගිය රජය විකිරණ තාක්ෂණවේදීන් සේවයට බඳවා ගැනීම් සීමාකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවු බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ ය. මේ හේ තුවෙන් ප්‍රතිකාර කටයුතුවලට බාධා මතුව ඇත.

Read More

උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු පළාතේ ද වැසි ස්වල්පයක් ඇති වේ. බස්නාහිර,සබරගමුව,සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර,සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පවතී

Read More

තම අනියම් බිරිඳ තවකකු හා සබඳතාවයක් පවත්වා ගෙන යන බවට සැකයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව බිරිඳට සහ ඇයගේ දරු දෙදෙනාට වක්‍ පිහියකින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 13 හැවිරිදි බාල දියණිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බි’. එම්. ඔෂාදී කෞශල්‍යා දැරියයි එම සිද්ධියෙන් අනතුරුව සැකකාර පුද්ගලයා නිවසේ කාමරයක බාල්කයක එල්ලී සීය දිවි නසා ගැනීමට උත්සාහ දරා එය නිශ්ඵල වීමෙන් අනතුරුව පොලිසියට බාර වන බවට නිවසේ හිමිකරුවන්ට පවසා නිවසින් පිටවී ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත පලා ගිය සැකකරුගේ වක් පිහි ප්‍රහාරයට ලක් වූ මියගිය දැරියගේ මවගේ වම් අතේ වැලමිට අසල…

Read More

රුපියල් කෝටි 160ක මුදලක් වංචාකර රටින් පළාගොස් සිටි අඹුසැමි යුවළක් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර යුවළ අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ප්‍රිවෙල්ත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් නම් මූල්‍ය ආයතනය මගින් ව්‍යාපාරවල ලාභාංශ ලබාදෙන බව පවසා රුපියල් කෝටි 160ක පමණ මුදලක් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබුණි. ඒ අනුව විමර්ශන සිදුකළ නිලධාරීන්ට දැනගැනීමට හැකිව ඇත්තේ එහි අධ්‍යක්ෂවරයා, සිය බිරිය හා දරුවා සමග නීතිවිරෝධී අයුරින් බෝට්ටුවක් මගින් 2021 වසරේදී ඉන්දියාවට පළාගොස් ඇති බවය. අනතුරුව සැකකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කළ අතර,…

Read More

බරපතළ මූල්‍ය වංචා මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. මෙම පස් දෙනා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සහ තොරතුරු වාර්තා පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙසේ ආරම්භ කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර අල්ලස් කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කර ගැනුණු සහ අධිකරණයේදී තාක්ෂණික කරුණු හේතුවෙන් ප්‍රතික්ෂේප වුණු හිටපු අමාත්‍යවරුන් හා සම්බන්ධ නඩු කිහිපයක් යළි පැවරීම කෙරෙහිද අදාල නීති අංශ කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග පැවසීය. එම නඩු ප්‍රතික්ෂේපවීමට බලපෑ කරුණු පිළිබඳවද මේ දිනවල විශ්ලේෂණය කෙරෙන බව දැනගන්නට ඇත. මේ අතර මූල්‍ය චෝදනා…

Read More

අයහපත් කාලගුණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩරට එළවළු වගා බිම් අක්කර 750කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇති බවත්, එම හානි වූ එළවළු වගාවන් සඳහා තමන්ටත් වන්දි මුදල් ලබා දෙන ලෙස වගා හානියට පත් උඩරට එළවළු ගොවීහූ රජයෙන් ඉල්ලා සිටිති. වී, ලොකු ළුණු, අර්තාපල් ඇතුළු බෝග වර්ග හයකට රජයෙන් වන්දි මුදල් ලබා දෙන බව දැනට පවසා ඇති බවත්, එහෙත් අර්තාපල් හැර උඩරට වෙනත් එළවළු බෝග වගාවන් සඳහා වන්දි මුදලක් ලබා දීමට රජය පියවර ගෙන නොමැති බව ද උඩරට ගොවීහූ පවසති. තමන් වගා කරන ලද ලීක්ස්, කැරට්, බෝංචි, බීට්රූට්, සලාද, රාබු, නෝ කෝල්, මාළු මිරිස්, තක්කාලි, ගෝවා, අතු ගෝවා ආදී වෙනත් උඩරට…

Read More

බීමත්ව රියපැදවීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. රියදුරන් බීමත්ව රියපැදවීම බහුලව දැකිය හැකි වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දඩුවම් වැඩි කළ හොත් මෙම තත්වය පාලනය කළ හැකි යැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා කීය. පොලිසිය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන රථවාහන වැරදි කරන රියදුරන් නීතියේ රැහැනට හසුකරගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක බව කී එම නිලධාරියා ඊයේ (26) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 395 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව…

Read More

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට ඒ මහතා 92ක් වැනි වියෙහි පසු විය. 1932 වසරේ පංජාබ්හිදී උපත ලබා ඇත. ප්‍රකට ආර්ථික විශේෂඥයකු වූ මන්මෝහන් සිං මහතා ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇත. ඔහු එරට මහබැංකු අධිපති ලෙස ද කටයුතු කර ඇත. 2004 වසරේ සිට 2014 දක්වා එරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මන්මෝහන් සිං මහතා කටයුතු කළේය.

Read More

හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව මංසන්ධියේ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වාහනයක ගැටී මරුමුවට පත් වී පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. අනතුරෙන් මරුමුවට පත්ව ඇත්තේ හතරැස් කොටුව පොලිසියට අනුයුක්තව සේවක කල පොලිස් සැරයන් බණ්ඩාර මහතාය. මෙම අනතුර ඊයේ (26) රාත්‍රි 10.20 පමණ සිදු වී ඇති බව හතරැස් කොටුව පොලිසිය පවසයි. හබරන සිට ත්‍රිකුණාමලය දෙසට ගමන් ගත් කාර් රථයක් පරීක්ෂා කරමින් සිටියදී ත්‍රිකුණාමලය දෙස සිට පැමිණි ටිපර් රථයක් පොලිස් නිලධාරින් පරීක්ෂා කරමින් සිටි කාර් රථය හා ඊට පිටුපසින් තිබූ ලොරියක ගැටීම නිසා මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් කාර් රථය පරීක්ෂා කරමින් සිටි පොලිස්…

Read More