Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර,නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදි මීදුම් සහිත තත්වයක් පවතී.
දොඩන්දුව මොරකොල විහාරස්ථානයේ අද සවස පැවති සංඝමිත්තා පෙරහරේ ගමන්කල අලියා කුලප්පුවි ඇත්ගොව්වා පිම දබා පාගා ඇති බවත් බර පතල තුවාල ලැබු ඇත් ගොව්වා කරාපිටිය රෝහලට ඇතුලත් කල බවත් හික්කඩුව පොලිසිය පවසයි. පෙරහර ගමන් කරමින් සිටියදි දොඩන්දුව පාලම අසලදි කුලප්පු වු ඇති ඇතා ඇත් ගොව්වා බිම දමා පැගිමත් සමග පෙරහර නැරඹිමට පැමිණ සිටි පිරිස හිස්ලුලු අත දිව යන්නට විය. බිම දමාඅලියා විසින් පාගා සිටි ඇත් ගොව්වා පසුව කරාපිටිය රොහ්ලට ඇතුලත් කරණ ලද අතර කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඇත් ගොව්වා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවි.
ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම උපරිම සිල්ලර මිල ගණන් අද (28) සිට බලපැවැත්වෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි. ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380 ක් ලෙසද, ජැක් මැකරල් ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560 ක් ලෙස එම ගැසට් නිවේදනයේ සදහන් වේ. මැකරල් ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 420 ක් වන අතර මැකරල් ග්‍රෑම් 155 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 180 ක් ලෙස ගැසට් නිවේදනයේ දැක්වෙන බවත් අධිකාරිය පවසයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර ඇත. එමෙන්ම එම පක්‍ෂයේ වැඩබලන නායකයා ලෙස සී. වී. කේ. ශිවඥානම් පත් කර තිබේ. වව්නියාවේදී අද (28) පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණවලට එළැඹුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීනේසන් පවසා සිටියේය. අදාළ පත්වීම් මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන තෙක් පමණක් වලංගු බවද හෙතෙම පැවසීය.
ඊශ්‍රායලය සහ දකුණු කොරියාව මුල්කර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය සහ නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය අයත් ගොඩනැගිල්ලත් කාර්යාංශයේ ගාල්ල පිහිටි දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේ බිම් මහලත් යොදා ගනිමින් සිදුකර ලබා ඇති බව කියන මිනිස් ජාවාරමක් පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව වාර්තා වේ. ඊශ්‍රායල් රැකියා සහ දකුණු කොරියානු රැකියා ලබාදෙන බව කියමින් අයථා ලෙස මුදල් ඉපයූ බව කියන හිටපු අමාත්‍යවරයාගේ සමබන්ධීකරන ලේකම්වරයෙකුව සිටි භාග්‍ය කාරියවසම් නැමති පුද්ගලයා යි මෙලෙස අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව පැවසේ. ඇතැම් වාර්තා සඳහන් කරන අන්දමට එම පුද්ගලයාත් එම ජාවාරමට සම්බන්ධ තවත්…
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ නිරත පාර්ලිමේන්තු නිලධාරියකුගෙන් සහ නිලධාරිනියකගෙන් ඊයේ (27) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. එම දෙපාර්තමේන්තුවෙන් කෙරුණු දැනුම්දීමක් අනුව දෙදෙනා ඊයේ පෙරවරුවේ එහි පෙනී සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසිය. පාර්ලිමේන්තු නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෑත බාගයේදී කැඳවුණු පළමු අවස්ථාව මෙයයි. මේ අතර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කරමින් සභානායක කාර්යාලයෙන් සභා ලේඛන කාර්යාලයට බාරදී…
කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට රැගෙන එන ඉන්ධන පිරවු බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්‍ෂම අයුරින් ඉන්ධන සොරා ගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැක කරන ඉන්ධන බවුසර් රථ දෙකක රියදුරන් දෙදෙනෙකු , සාහයකයන් දෙදෙනෙකු ඇතුළු ඉන්ධන මිලදී ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. පෙට්‍රල් ඉන්ධන ලීටර් 70 ක් සහ ඩීසල් ලීටර් ඉන්ධන 80ක් සහිත ප්ලාස්ටික් බුලි 7 ක් සමග සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල මෛත්‍රී මාවතේදී බව පොලිසිය සඳහන් කරයි. බණ්ඩාරගම පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එස් ශාන්ත මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයේ වටලන අවස්ථාවේදී ඉන්ධන…
අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක් හෙවත් රුපියල් කෝටි 2200 ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර ඉදිකිරීම් මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) ආරම්භ කළේය. චීන මුල්‍යාධාර යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට යෝජිත අතර මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ ඉදිවන ව්‍යාපෘතිය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 575ක් සහ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය මගින් නිවාස 108ක් ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් ද ඉදිකිරීමට නියමිතය. කිසිදු භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම දීම රජයේ අරමුණ බව එම උත්සවයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. චීන රජයට මෙම නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලබා…
මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. විද්‍යාත්මකව ඒ සදහා අවශ්‍යකරන නව නීති ගෙනඒම, නීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීමට විධිමත් සැළැස්මක් සකස් කරන බව ද අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ “ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය පිළිබඳව දැනුවත් වීමේ සතිය” (Wold Antimicrobial Resistance Awareness Week)” වෙනුවෙන් පැවැති ජනතාව දැනුම්වත් කිරීමේ පාගමනට එක්වෙමිනි. “අපි සැවොම එක්වෙමු – ප්‍රතිජීවක ඖෂධ රැකගනිමු” යන්න තේමා කර ගනිමින් ඊයේ (27) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා මෙම…
ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතා මුදල් රැස්කර රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කර ඉන්දියාවට පලා ගොස් සිටියදී යළි මෙරටට පිටුවහල් කළ මරදානේ අඹු සැමි යුවල ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (27) නියෝග කළේය. කොළඹ කොටුව, ත්‍රිකුණාමලය හා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් විවෘත වරෙන්තු අටක් හා රතු වරෙන්තු ලබා ඉන්දියාවේ වෙරළ ආරක්ෂක පොලිසියේ අත්අඩංගුවට පත්ව මෙරට පිටුවහල් කර ඇති අහමඩ් ශරීප් මොහොමඩ් ශිහාබ් හා ඔහුගේ බිරිඳ වන ප්‍රාතිමා පර්ෂානා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයද සහිතව…
