Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා (1) දා සිට විශ්‍රාම යාමට නිමිතව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 2022 වසරේ ජූනි 1 වැනිදා සිට ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 8 වැනි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූ අතර 41 වසරක යුද හමුදාවට නොමැකෙන සේවයක් ඉටු කරනු ලැබීය. ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා ඉතිහාසයේ 23 වැනි හමුදාපතිවරයා ලෙස ද කටයුතු අතර ජනරාල් නිලයෙන් යුද හමුදාපතිවරයා ලෙසත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙසත් කටයුතු කළ එකම නිලධාරියා ද විය. දෙවන ලුතිතන්වරයකු ලෙස යුද හමුදා සේවයට එක්වන ශවේන්ද්‍ර සිල්වා මහතා මාණ්ඩලික, උපදේශන, අණදෙන සහ රාජ්‍ය තාන්ත්‍රික යන අංශවල කැපී පෙනෙන පත්වීම් ආවරණය කරමහින් ක්‍රමයෙන් උසස්වීම්වලට හිමිකම්…
ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය රුපියල් බිලියන 2.4 ක් හෙවත් රුපියල් කෝටි 240 ක් ප්‍රදානය කිරීමට කැමැත්ත පල කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධික්ෂණය මත ,මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම, සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශපත්‍ර කවුළුව ආදිය සංවර්ධනය කිරීම ඇතුළු කාර්යයන් රැසක් ඇතුළත් වෙයි. මේ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය…
දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වී එහි ගමන්ගත් පිරිසෙන් 122 දෙනෙකු මියගොස් තිබේ. යානයේ ගමන්ගත් ඉතිරි පිරිස සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක නමුත්, දකුණු කොරියානු බලධාරීන් දැනටමත් පවසා ඇත්තේ, ඔවුන්ගේ ජීවිත සම්බන්ධව වැඩි අපේක්ෂා තබාගත නොහැකි බවය. ජේජු ගුවන් සේවාවට අයත් බෝයිං 737 – 800 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන්යානය, තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් ආරම්භ කර තිබුණේ අද අලුයම් කාලයේදීය. යානයේ සිටි පුද්ගලයින් 181 දෙනාගෙන් 175 දෙනෙක් මගීන් වූ අතර, ඉතිරි 6 දෙනා කාර්ය මණ්ඩල සාමාජිකයින්ය. යානය මුආන් ගුවන්තොටුපොළට ගොඩබස්වමින් සිටියදී එහි වේගය පාලනය…
නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ තරුණයින් පිරිසකට යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමි ව තිබේ. ඒ අනුව ඔවුන්ට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යටාංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි. තරුණයින් 79 දෙනෙකු වෙත මෙම රැකියා අවස්ථා හිමිව තිබූ අතර ඔවුන්ට ඊශ්‍රායලයේ වසර 5කුත් මාස 3ක සේවා කාලයක් හිමිවනු ඇත. මෙම අවස්ථාවට එක්වූ විදේශ සේවා කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ වන විට මතභේදයට තුඩු දී ඇති ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ආශ්‍රිත රැකිසා සඳහා විදෙස් ගතවීමට අපේක්ෂාවෙන් පසුවන රැකියාලාභීන් සඳහා නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට මෙම ශ්‍රමිකයින්ට සන්නාම තානාපතිවරු වශයෙන් කටයුතු කළ හැකි බවය. අදාළ…
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (29) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 75000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (29) පැවසීය. එම ආනයනික සහල් මෙට්‍රික්ටොන් 75,000 ට කැකුළු සහල් මෙට්‍රික්ටොන් 32000 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 43000ක් ඇතුළත් වූ බවත් තවදුරටත් රේගුව වෙත යොමු කරන ආනයනික සහල් හැකි ඉක්මනින් නිදහස් කරන බවත් අරුක්ගොඩ මහතා සඳහන් කළේය. මෙරට මුහුණ දී සිටින සහල් අර්බුදයට පිළියමක් ලෙස වර්තමාන ආණ්ඩුව මේ මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයට විවෘත කළේය.
ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද( 29 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගෙ වල තොග මිල පහත ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් නියෝජිතයෝ පවසති. ඒ අනුව අද( 29 ) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ කියති. බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය පහළ වැටීම එළවළු තොග ලැබීම අඩු වී ඇති බව ඔවුහු අවධාරණය කරති. අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 800 ක් 900 ත් අතර පැවතිනි . රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝ එක මෙදින අලෙවි…
බීමත්ව අශෝභන ලෙස හම්බන්තොට නගරයේ හැසුරුණු පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට ගිය හම්බන්තොට පොලිසියේ නිළධාරීන්ට අඩන්තේට්ටම් කළ පුද්ගලයින් නව දෙනෙකු අත් අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි. ඊයේ (28) දින හම්බන්තොට සති පොල පැවැති අවස්ථාවේ දි බස් නැවතුම්පල ඉදිරිපිට පුද්ගලයෙක් බිමත් කමින් නගරයේ අශෝභන ලෙස හැසිරෙන බවට 119 දුරකතන ඇමැතුමක් ලැබි ඇති හෙයින් අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට හම්බන්තොට මූලස්ථාන පොලීසියේ නිළධාරීන් එම ස්ථානයට ගොස් ඇත. බීමත්කමින් සිටි පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට කටයුතු කිරීමේ දි අවට සිටි පුද්ගලයින් පිරිසක් පොලිස් නිළධාරින්ගෙ රාජකාරියට බාධාවන සේ අත් අඩංගුවට ගත් පුද්ගලයා පොලිසියෙන් මුදවා ගැනීමට කළහකාරි ලෙස හැසිරී ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලිසියේ වැඩබලන…
තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට ආ දකුණු කොරියානු මගී ගුවන් යානයක් මීට ස්වල්ප වේලාවකට කලින් අනතුරට පත් විය. යානය අනතුරට පත් වූයේ එය දකුණු කොරියාවේ, මුවාන් ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ ගනිද්දීය. ගුවන් ධාවන පථයට ගොඩබාද්දී යානයේ රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවින්, එය ගුවන් පථයේ ලිස්සා ගොස් හැපී අනතුරට පත් විය. ඉන්පසු යානය පිපිරී ගිනි ගත්තේය. යානය අනතුරට පත්වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ගුවන්තොටුපොළ බලධාරීන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. යානයේ 181 දෙනක් වූහ. එම 181 දෙනාගෙන් 175 දෙනකු මගීන් වන අතර, නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන හයකි. යානයේ සිටි 23 දෙනකුගේ සිරුරු හමුවී ඇති බවත්, බරපතල තුවාල…
මාතලේ කිවුල ජල පොම්පාගාරය අසළ පිරිසිදු කරමින් සිටි අයකු සුදු ගඟේ ජල පහරට හසු විමෙන් ජලමේ ගසාගෙන ගොස් ඇති අතර ඔහු බේරා ගැනිමට ගිය පුද්ගලයාද ජල පහරට හසුවි ඇති අතර එක් අයකු අතුරුදහන් වි තවත් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙසේ දිය පහරට හසුව ඇත්තේ මාතලේ සුදුගගවත්ත පදිංචි 24 හැවිරිදි චානක මදුශංක සහ මාතලේ කිවුල පළමු පටුමගේ පදිංචි ඒ.එම් මධුශඞක අබේසිංහ යන 24 හැවිරිදි අය බවද පොලිසිය කියයි. එක් අයෙකුගේ මළ සිරුර හමුවි ඇති බවත් අනෙක් අයගේ සිරුර සෙව්මි කටයුතු මේ වන විට සිදු වන බවද පොලිසිය කියයි.
කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි තීරෝද රථ සොරාගත් පුද්ගලයකු හා එම සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් සිව් දෙනකු රුපියල් කෝටියකට ආසන්න වටිනා තීරෝද රථ නවයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. ගෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේට් පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ය අංශයේ නිලධාරින් විසින් ලද තොරතුරු මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්නකිරීමේදී මෙම සොරකම් වල තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
