Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැවසීය. අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවය. “මත්තල ගුවන්තොටුපළ රුපියල් බිලියන 36.5 ක වියදමින් ඉදිකරන ලද අතර පසුගිය වසර පහ තුළ මුළු පාඩුව රුපියල් බිලියන 38.5 ක් බවද අමාත්‍යවරයා පැවසීය. මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද අමාත්‍ය බිමල් රත්නායක එහිදී සඳහන් කළේය.
ලංගමට සහ දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පැවසීය. අද(7) පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. “හෙටට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අපේ අමාත්‍යංශයේ අමාත්‍යවරු තීරණය කරලා තියනවා ලංකා ගමනා ගමන මණ්ඩලයට ඒවගේම දුම්රිය සේවයටත් කාන්තාවන් බඳව ගන්න.. බස්රථ රියදුරුවරියන්, පයිලට්ලා, ගාඩ්ලා හැටියට කාන්තාවන් තව ටික දවසකින් බලා ගන්න පුලුවන් වේවි.. හෙටට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් මේ තීරණය ගත්තා.. ඒ වගේම සිහිනයක් තියනවා පාසල් බස් රථ කාන්තාවන්ට භාර දෙන්න….”
ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශ පවසයි. විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා මෙම පියවර ගෙන ඇතිබව සඳහන් වේ. කෙසේ වෙතත් පුද්ගලික මටටමින් වාහන ආනයනය කිරීමට අවශනම් එක් වාහනයක් පමනක් ආනයනය කල හැකි අතර ඒ සඳහා එම කොන්දේසි අදාළ නොවන බව මුදල් අමාත්‍යාංශ පවසයි. වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිලිබද කාරක සභාවේදී මෙම කරුණු අනාවරණය විය. ආනයන අපනයන පාලක ජෙනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය එහිදී මෙලෙස අදහස් පල…
නිකවැරටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයකුට රුපියල් 20,000ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමීම සහ එයට ආධාර අනුබලදීම යන අල්ලස් චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. නිකවැරටිය මූලස්ථාන පොලිස් ස්ථානයේ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරන ගව සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව අවශ්‍ය කරනු ලබන සැකකරුවන් දෙදෙනෙකු, එම අපරාධයේ සැකකරුවන් ලෙස නම් නොකර සාක්ෂිකරුවන් වශයෙන් නම් කරන ලෙසට ඉල්ලා මෙම මුදල අල්ලස් වශයෙන් ලබා දී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹදෙණිය සහ අලව්ව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව නිවේදනයක් නිකුත්කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ඔවුන් ඊයේ (6) ප.ව. 4ට පමණ නිකවැරටිය පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති වෙළෙඳසැලක් තුළදී හා පොලිස්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව කළ සම්මුඛ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. මෙරට පැවති අරගලය, ආර්ථික අර්බුදය සහ පාස්කු ප්‍රහාරය ආදී මාතෘකා කිහිපයක් ගැන මෙම සම්මුඛ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කෙරුණු අතර එහිදී නැගුණු ඇතැම් ප්‍රශ්න හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ස්වරයෙන් පිළිතුරු දෙන ආකාරයක් දැක ගතහැකි විය. මෙහිදී අල් ජසීරා මාධ්‍යවේදියා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න නගමින් පාස්කු ප්‍රහාර සම්බන්ධ පරීක්‍ෂණ වලදී ඔබ අසමත් යැයි කතෝලික පල්ලිය ප්‍රකාශ කරන බවත් ඒ ගැන කිව හැක්කේ කුමක්දැයි ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ “විකාර කියවන්න එපා, මම කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ…
වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන සහ එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති වෙනුවෙන් නිසි අයුරින් යෙදවීම පිළිබඳ සොයා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබිණි. කෘෂි දත්තවල පවතින අසම්පූර්ණ බව හේතුවෙන්, තීරණ ගැනීමේදී සිදු වන දෝෂ පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කළේය. කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ තුළ සාධාරණ…
ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය පසුගිය වසරේ (2024) දෙසැම්බර් 31 න් අවසන් වූ කාර්තුවේ සියයට 99 කින් පහළ ගොස් ඇතැයි එම මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාව සඳහන් වේ. එම මණ්ඩලයේ විකුණුම් පිරිවැය ඉහළ යෑම එහි ලාභය පහළ යෑමට ප්‍රධාන හේතුව බව එම වාර්තාවෙන් හෙළිවේ. එම මණ්ඩලය 2024 සමස්ත වසරේදී රුපියල් කෝටි 14,439 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බවත් එය 2023 වසරේ සමස්ත ශුද්ධ ලාභ වන රුපියල් කෝටි 5,763 සමඟ සැසදීමේදී සියයට 151 ක දැවැන්ත වර්ධනයකි. එම මණ්ඩලයේ පසුගිය වසරේ අවසන් කාර්තුවේ මූල්‍ය ආදායම සහ පිරිවැය ගැලපීමේදී රුපියල් කෝටි 60.30 ක ශුද්ධ ලාභයක් ද, 2023 අවසන් කාර්තුවේ රුපියල් කෝටි 7,797 ක් ශුද්ධ ලාභයක්…
ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී ඇතත් ඒ සඳහා තේවාව භාර හිමිවරුන්ගේ අවසරය මෙතෙක් ලැබී නොමැති බව වාර්තාවේ. අප්‍රේල් මස 18වැනි දිනසිට 27වැනි දින දක්වා දළදා දැක්ම පැවැත්වීමට නියමිත අතර වසර 16කට පසු උදාවන එම ස්වර්ණමය අවස්ථාවේදී පසුගිය වාර්තා ද සංසන්දනය කරමින් දළදා සමිඳුන් දැක වැඳ පුදා ගැනීම සඳහා බෞද්ධ බැතිමතුන් ලක්ෂ 22කට ආසන්න ප්‍රමාණයක් මහනුවරට එක් රොක් වනු ඇතැයි බලධාරීන් ගණන් බලා තිබේ. එහෙත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අදහස වී ඇත්තේ දළදා දැක්මකදී දිනක් තුළදී වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව හිමිවන්නේ බැතිමතුන් 60,000ක පිරිසකට ආසන්න ප්‍රමාණයකට…
විදේශීය දූම්වැටි පැකට්ටුවක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රියා ජාතික කාන්තාවක අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා එම කාන්තාවගෙන් රුපියල් 50000/= ක මුදලක් සහ එම දුම් වැටි පැකට්ටුවක් බලෙන් ලබාගත් කොල්ලුපිටිය පොලිසියේ සැරයන්වරයකු ඇතුළු පොලිසියේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සෙසු නිලධාරීන් දෙදෙනා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි. මෙම සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා ඉකුත් 4 වෙනි දින කොල්ලුපිටිය හන්දියේ මාර්ග බාධක රාජකාරියෙදීී සිටියදී ඕස්ට්‍රියා ජාතික කාන්තාව සහ ශ්‍රී ලාංකික මඟ පෙන්වන්නා ගමන් කරමින් සිටි තීරෝද රථය නවතා පරික්ෂා කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම අවස්ථාවේදී විදේශීය ජාතික කාන්තාව සතුව විදේශීය දුම් වැටි පැකට්ටුවක් තිබී ඇති අතර එම…
මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ දෙපිරිසක් ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක ඇතුළු සිව් දෙනකු මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි අවුරුදු 20-51 ත් අතර වයසේ පසුවන කාන්තාවක්, තරුණයන් දෙදෙනකු ඇතුලු සිව් දෙනෙකි. මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේම පදිංචි මෙම දෙපිරිස අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
