Author: LANKA24X7

වැලිපැන්න ,ගල්මත්ත වලගෙදර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිකිරිපිට කුඩා පෙට්ටි කඩයක තිබු මත් ගුලි පැකට් 126 ක් අද (20 ) දහවල් අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි . මෙම මත්ගුලි පාසල ඉදිරිපිට බුලත්විට,ටොෆි ,චොකලට් අ⁣ළෙවිහලක තබා දරුවන්ට අළෙවි කරන බවට වැලිපැන්න පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී එම මත් ගුලි සමග වෙළඳසලේ හිමිකරු වලගෙදර ප්‍රදේශයේ පදිංචි (49) හැවිරිදි පුද්ගලයකු අඩංගුවට ගෙන ඇත. වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක උපාලි රංජිත් මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.

Read More

කර්මාන්තකරුවන් ඇතුලු ජනතාවට මහා ව්‍යසනයක් වී ඇති පරාටේ නීතිය වහා නතර කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ව්‍යසන 03කට මුහුණ දුන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපල, ව්‍යාපාර සහ සම්පත් අධිකරණයේ මැදිහත් වීමකින් තොරව පරාටේ නීතිය හරහා ක්ෂණික වෙන්දේසියකට ලක්ව ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය. පරාටේ නීතියෙන් අගතියට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කොළඹදී ඊයේ (20) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින ඔහු මේ බව කීවේය.

Read More

මෙම දෙසැම්බරයේදී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 787 ක් ලැබුණ බව ජනාධිපති කාර්යාලය පවසයි. 2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ් වෙතින් ඇමරිකා ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකයක ද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 200 ක් ද, ලෝක බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 250 ක් ද හිමි විය. මෙම මුදල් ප්‍රමාණය මගින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීමට රජය අරමුණු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය එම සිවු දෙනා අතර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද සිටින බව සාගර කාරියවසම් මහතා පැවසීය. කාරියවසම් මහතා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාල පක්‍ෂයක නායකයෙක් බවත් සෑම ඡන්දදායකයෙක්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන විට ඡන්දය දෙන පක්‍ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉහළ බදු හේතුවෙන් රටේ උගත් වෘත්තිකයන් සහ පුහුණුවලත් වෙනත් ශ්‍රේණිවල වෘත්තිකයන් රට හැර යෑම ගැටලුවක් බවට පත්ව ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Read More

ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා රජයෙන් ඉල්ලීමක් කිරීමට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආබාධිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර ඇත. යෝජිත මෙම නව පනත් කෙටුම්පත පිළිබඳව ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වැදගත් බව ආබාධිත සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් පැමිණි පිරිස එම සංසදයට පෙන්වා දුන්හ. මේ අතර ආබාධිත තැනැත්තන් වෙනුවෙන් සාමාන්‍ය රියදුරු බලපත්‍රය ලබාදීමට මේ මාසයේ සිට අවසර ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා…

Read More

දැනට බන්ධනාගාර ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අසංක ප්‍රියදර්ශන නොහොත් කුඩු අසංක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන අධි සුඛෝපභෝගී දෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල් හා දේපළ සමග ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි. ඒ අතර රුපියල් කෝටි තුනකට ආසන්න පර්චස් දහයක භූමියක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලකට මුද්‍රා තැබූ බවද පොලිසිය කියයි. මෙම වැටලීමේදී පර්චස් විස්සක ඉදිකර තිබූ අධි සුඛෝපභෝගී දෙමහල් නිවසක්, පර්චස් දහයක ඉඩමක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලක්,මෝටර් රථයක් , යතුරුපැදි දෙකක් , කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, පවුම් පනහක් වටිනා රන් භාණ්ඩ තොගයක්, මුදලින් 1,23,000, පර්චස් දහයක ඉඩම්…

Read More

බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහැනක් යොදා වන අලියෙකු ඝාතනය කිරිමේ චෝදනාවක් මත 54 හැවිරිදි ගොවියෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවිවන කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කදුරැගස්කඩ,රත්මල්ගහවැව පදිංචි 54 හැවිරිදි ගොවියෙකි. මෙම පුද්ගලයා විසින් කහටගස්දිගිලිය,නෙලුගොල්ලාකඩ,කුරැක්කුරාගම ප්‍රදේශයේ පිහිටි බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහනක් යෙදිම නිසා එම විදුලි රැහැනේ පැටලිමෙන් අවුරැදු 35 ක් පමණ වයසැති අඩි 08 ක් පමණ උසින් යුක්ත වන අලියෙකු මිට දින කිහිපයකට පෙර මියගොස් සිටි බව කහටගස්දිගිලිය අඩවි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

මල්වානේ යබරලුව පුදේශයේ තිබෙන කඩවර දේවාලයකට ශාන්තිකර්මයක් සිදු කර ගැනීම සදහා ගිය ස්නායු ආබාධයකින් පෙළෙන හතලිස් හය හැවිරිදි විදුලි කාරිමික දෙදරු පියෙකුගේ දකුණු යටි පතුල දරුණු අන්දමින් පිළිස්සු බව කියන එම දේවාලයේ කපුවා හා ඔහුගේ පුතා අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි. මෙහිදී මැටි පහනකට කපුරු දමා දල්වා යටි පතුලට ඇල්ලීමෙන් දරුණු ලෙස පිළිස්සුණු තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට මේ වනවිට නේවාසිකව පුතිකාර ලබන අතර ඔහුට කතා කිරීමට පවා නොහැකි තත්ත්වයක පසුවන බවද පොලිසිය සදහන් කරයි. මෙම තුවාලකරුගේ බිරිඳගේ හා ඔහුගේ සොහොයුරියගේ ප්‍රකාශ මත එම දේවාලයේ කපුවා හා පුතා මෙසේ අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි. ඉකුත් 18…

Read More

හැටන් ජුම්මා පල්ලියේ මුරකරු ඝාතනය කර පිංකැටය කඩා මුදල් රැගෙන ගිය සැකකරු සමන්තුරේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එම පුද්ගලයා සමන්තුරේ නගරයේ සැකකටයුතු ලෙස සැරිසරමින් සිටියදි සැකපිට ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව හැටන් පොලීසියට දැනුම් දුන් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය. සැකකරු හැටන් ප්‍රදේශයේ දින ගණනාවක් රැඳී සිටිමින් ඉකුත් (09) දින අලුයම හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරුව ඝාතනය කර පිංකැටය තුළ තිබූ මුදල් රැගෙන ගොස් තිබුණි. එම සැකකරුගේ ඡායාරුප මාධ්‍ය මගින් ප්‍රචාරය කළ අතර හැටන් පොලීසිය ඔහු සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි අනෙක් පොලිස් ස්ථානද දැනුවත් කළේය. සැකකරු මනුෂ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් සයින්දමරුදු…

Read More