Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍ර ගාස්තු ආපසු ඉල්ලුම් කිරීමේදී ප්‍රවේශපත්‍රය හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කිරීම හෙට (01) සිට අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේදී මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ අංකය ඇතුළත් කිරීම දැනටමත් අනිවාර්යය කර ඇති බවත් දෙපාර්තමේන්තුව සදහන් කරයි. එසේම දුම්රිය ස්ථානයට ඇතුල් වීමේදී හා දුම්රිය තුලදී ප්‍රවේශපත්‍රයේ සදහන් ජාතික හැඳුනුම්පතේ අංකය හෝ විදේශ ගමන් බලපත්‍රයේ අංකය තහවුරු කර ගැනීමට කටයුතු කරන බවද දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වේ.
77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය වන්දන අබයරත්න මහතා පැවසීය. මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය ජනතාවට නැරඹීම සඳහා අවස්ථාව දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය වන්දන අබයරත්න මහතා කියා සිටියේය. නිදහස් උත්සවය සඳහා 1600 ක් පමණ ආරාධිතයින් සහභාගී වීමට නියමිත අතර රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි උත්කර්ෂවත්ව සහ වියදම් අඩු කරගනිමින් නිදහස් උළෙල පැවැත්වීමට රජය තීරණය කර ඇත. ස්වදේශ කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද පැවති 77 වන ජාතික නිදහස් දින සැමරුමේ ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
නව අවුරුදු උදාව වෙනුවෙන් අද (31) දින සවස 4.00 සිට ගාලුමුව දොරට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි රථ නැවතුම් පොළවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන අතර සියලුම රථවාහන පිටකොටුව බැස්ටියන් මාවත පරණ මැනිං වෙළෙපොළ, කොටුව විමලධර්මසූරිය ඔර්ලෝසු කණුව අසල චාමන්ස් රථගාල, රාෆික් ෆරීඩ් මාවත හේමාස් රථගාල, ඩී.ආර්. විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල, කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය ඇක්සස් ටවර් රථගාල සහ මරදාන ගාමිණී වටරවුම ශාන්ත ක්ලෙමන්ට් රථගාල යන නැවතුම්පොළවල වාහන නැවැත්වීමට හැකියාව ඇත. එමෙන්ම මුදල් ගෙවීමකින් තොරව කොටුව, බාලදක්ෂ…
බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (30) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මාර්ගගත ක්‍රමය අනුගමනය කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නේය. මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු සිදු කිරීමේ දී මතු වන දුෂ්කරතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය. බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා සඳහා නිලධාරීන්ගේද සම්බන්ධයක් ඇති බවට මතු වන චෝදනා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර…
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මිලටම අලෙවි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට ටින් මාළු අලෙවි කරන වෙළෙදුම් පිළිබද මෙහෙයුම් අඛණ්ඩ ක්‍රියාත්මක කරන බව ද එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරයි.
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජනවාරි 01 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ තවත් ප්‍රධානීන් තිදෙනෙකුගේ ඉදිරි දිනවල ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය. පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේ සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ප්‍රධානීන් තිදෙනෙකුගෙන් මෙසේ ප්‍රශ්න කෙරෙනු ඇත. මේ අතර එම වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු කරන සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න කුමාරසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය දෙකකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය. සභානායක කාර්යාලයෙන් ඒවා තිබූ ලිපියක අමාත්‍ය හර්ෂණ…
උතුරු ,උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්වය ඉදිරි දින කීපයේදීත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
අද (30) පෙරවරු 6න් අවසන් වු පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේ දී බීමත් රියදුරන් 413 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ. තවද අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාළව රියදුරන් 49 දෙනෙකු ද, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 110 දෙනෙකුද, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1,086කුටද නීතිය ක්‍රියාත්මක කර තිබේ. ඒමෙන්ම බලපත්‍ර වැරදි සම්බන්ධව රියදුරන් 694ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5,324කටද නීතිය ක්‍රියාත්මක කර ඇත. සමස්ත රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති රියදුරන් සංඛ්‍යාව 7,676කි.
නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම කැබ් රථය ඊයේ (29) ශ්‍රී පාද වන්දනාවේ පැමිණ අද (30) ආපසු ගොඩකවෙල දක්වා ජිප් රථය ධාවනය කරන අවස්තාවේ මෙම අනතුර සිදුව තිබුණි. මෙම කැබ් රථයේ එකම පවුලේ ඥාතින් පිරිසක් ගමන්කර ඇති අතර අනතුරට පත්වන අවස්තාවේ කැබ් රථය තුළ හත්දෙනෙකු ගමන් කර ඇත. ඉන් පස්දෙනෙකු තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ විම හේතුවෙන් තුවාලකරුවන් දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. කැබ් රථයේ ගමන්කළ කුඩා ළමයෙකු…
