Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා රජය හෙට (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. අදියර 2ක් යටතේ එලෙස ලුණු ආනයනය කිරීමට පියවර ගන්නා අතර පළමු අදියර යටතේ මෙට්‍රික්ටොන් 20,000ක් සහ දෙවන අදියර යටතේ මෙට්‍රික්ටොන් 10,000ක් ආනයනය කෙරෙනු ඇත. ඒ අනුව පළමු අදියට යටතේ ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා හෙට දිනයේ මෙලෙස ටෙන්ඩර් විවාත කිරීමට නියමිතය. මෙලෙස ආනයනය කෙරෙන ලුණු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ බෙදාහැරීමට කටයුතු යොදා තිබේ. වැඩිදුරටත් වාර්තා වෙන්නේ මෙලෙස ආනයනය කෙරෙන ලුණු කර්මාන්තවල අවශ්‍යතාවය සඳහා පමණක් භාවිත කරන බවත් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනය සඳහා ලබානොදෙන බවත්ය.
සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කරන බව සෞඛය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මෙරට රජයේ රෝහලක් තුළ ඉදි කරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය අද (02) මහරගම අපේක්ෂා රෝහලේදි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රජයක් ඉල්ලුවොත් මුදල් දෙන තැනක්. කතරගම දෙයියෝ නෙමෙයි තිස්තුන් කෝටියක් දෙවිවරු දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් හැම වසරකම වෙන් කරනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශීය…
ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ද කිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණි. පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය ද මෙය වේ. සෞඛ්‍ය හා ජනමාධ්‍යය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන් මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්ව තිබුණි. මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුළ නේවාසිකව…
වකුගඩු රෝගී දීමනාව රුපියල් 7500 සිට රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ පැවසීය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් තෝරාගත් වකුගඩු රෝගීන් 47,244 ක් මේ වන විටත් එම දීමනාවක් ලබා සිටින බවද එම අමාත්‍යංශය පැවසීය. වකුගඩු රෝගී දීමනාව අතිහිටුවා ඇතැයි කෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය ඒවා බවත් වකුගඩු දීමනාව, ‘අස්වැසුම’, පොහොර සහනාධාරය සහ ධීවර සහනාධාරය සියල්ලම සියලුම දීමනාවල ගෙවීම් මුදල ඉහළ දමා ඇති බවත් එම අමාත්‍යංශයේ සඳහන් කරයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත අතර අද (02) පැවති තෙවන 20යි 20 තරගයේ දී කුසල් ජනිත් පෙරේරා සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ශතකයක් රැස්කළ තුන්වන පිතිකරුවා ලෙස ඔහු වාර්තා අතරට එක්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට විස්සයි විස්ස ශතකයක් රැස්කර තිබුණේ 2011 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් විසිනි. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් අද (02) ශතකයක් රැස්කළේ වසර 14කට පසුවය. එහිදි පරිණත ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 44කදී සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම විස්සයි විස්ස ශතකය ලෙස ද…
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමෙන් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගැසට් නිවේදනයක් පෙරේදා (31) නිකුත් කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමත්‍යංශය පැවසීය. පරිප්පු, සුදු සීනි, අර්තාපල්, ලොකු ලූණු, රතු ළුෑණු, පොල්තෙල්, එළවළු තෙල්, ටින් මාළු සහවියළි මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ඇතු`ළු භාණ්ඩ 63 ක් බදු අනුප්‍රමාණයන් සංශෝධනයකින් තොරව පවත්වමින් භාණ්ඩ මිල ඉහළ යෑම වැලැක්වීම බලාපොරොත්තු වන බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය. දේශීය කෘෂි සහ ධීවර කර්මාන්තය ආරක්‍ෂා කිරීමේ අරමුණින් සහල්, උඳු, මුංඇට, බඩ ඉරිඟු, කුරක්කන්, කහ, පළතුරු වර්ග, මාළු සහ කරවල යන ආහාර වර්ගවල බදු අනුප්‍රමාණයන්…
බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත . පානදුර පින්වත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය වරයාට අයත් බව කියන නිවසේ තිබී ව්දෙස් රටක සන්නද්ධ හමුදාවක භාවිතා කර ඇති බවට සැකකරන හමුදා ජීප් රථයකට සමාන ජිප් රථයක් පළමුව පොලිස් භාරයට ගෙන තිබේ. එහිදී අණාවරණය වූ තොරතුරු මත තවත් සුඛෝපභෝගි ජීප් රථ දෙකක් රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී භාරයට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. අත්අඩංගුවට ගෙන ඇති ජීප් රථ නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කර රාජ්‍ය ආයතන වලින් ගර්භිත…
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ඉන්දියානු සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමකර යළි දිවයිනට පැමිණි පසු මෙම සිද්ධියට අදාළව එම මහත්වරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයිද වාර්තාවේ. සංචාරය නිමකර යළි දිවයිනට පැමිණි පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…
මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් රැඳවියෙක් මරණයට පත්ව තවත් රැඳවියන් නවයක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මාතර මහ රෝහලේ ප්‍රකාශයෙක් පැ වසීය. අදාල රැඳවියා රෝහල්ගත කරන විටත් මරණයට පත්ව සිටි බව කී රෝහල් ප්‍රකාශකයා නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන් අතරින් කීපදෙනකුගේ තත්වය බරපතල බව ද සඳහන් කළේය. පිරිමි රැඳවියෙක් මරණයට පත්ව ඇති බව කී රෝහල් ප්‍රකාශකයා රෝහලේ ප්‍රතිකාර ලබන සියලු දෙනා ද පිරිමි රැඳවියන් බව ද සඳහන් කළේය. මාතර බන්ධනාගාරයේ වාට්වුවක් පිහිටි ගොඩනැගිල්ලකට ඊයේ (01) රාත්‍රී 10.00 ට පමණ විශාල ගසක් කඩාවැටී ඇති බවත් එහිදී තුවාල ලැබූ පුද්ගලයන් දහයකට ආසන්න පිරිසක් රෝහල්ගත කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර…
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත තව දෙසතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම පනත් කෙටුම්පත ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පසුගිය 2023 වසරේ කැඳවුණු නාම යෝජනාවලංගුකර නැවත කැඳවීම සඳහා මෙම සංශෝධන මගින් ප්‍රතිපාදන සැලසේ. නවක ඡන්දදායකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමේ ප්‍රධාන අරමුණ ඇතිව මෙම සංශෝධන කර ඇත. පක්ෂ නායකයන්ගේ එකඟතාව මත මෙම සංශෝධන ගැනීමට කැබිනට් මණ්ඩලයේ පසුගියදා තීරණය කළේය.
