Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය එම විභාගය ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් දෙමාපිය පිරිසක් මූලික අයිතිවාසිකම් කඩවිමසම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබූ අතර එම අධිකරණය දුන් තීන්දුවට අනුව ගත් පියවරක් මත මෙම අගැයීම සිදුකෙරේ.
බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගනු ලැබිය. බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසළ වෙළදසැලක් අසළදි ලොරිය නවතා සහල් මිටි බෑමට සුදානම් වෙද්දි ලොරිය තුළ සහල් මිටි අතර සුනඛයින් දෙදෙනකු සිටින ආකාරය නගරයේ සිටි අයකු දැක ජංගම දුරකථනයෙන් විඩියෝ කර මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන්ට යොමු කර තිඹුණි . ඒ අනුව එම නිලධාරීන් විසින් ලොරිය අත් අත්ඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සිදු කර තිබේ රුපියල් ලක්ෂ විසි එක ඉක්මවු මුදලකට අලෙවි කරන කැකුළු සහල් තොගයක් මෙම ලොරියේ තිබු බවත්…
කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය වෙන් කෙරෙන වසර 100 ක් පමණ පැරණි මොරටුව දිගරොල්ල පාලම අවදිමත් ලෙස බැහැර කර දැඩි පාරිසරික හානියක් කර තිබූ කැලිකසල ඉවත් කිරීම කිරීම පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා සමගාමීව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියමෙන් මහජන සහභාගිත්වයෙන් පරිසරය පිරිසිදුව තබා ගැනීම අරමුණු කරගෙන සුද්ද පවිත්‍ර කිරීම සිදුකෙරිණි පුරා පැය තුනහ මාරකට අධික කාලයක් පානදුර උතුර පොලිසියේ පරිසර අංශයේ නිලධාරීන් , පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, හා හොරේතුඩුව සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් එක්ව දිගරොල්ල පාලම මත දමා තිබූ විවිධ කැලි කසල වෙන්කර ඒවා ට්‍රැක්ටර් තුනක…
දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව ජාතික විගණන කාර්යාලය දකුණු පළාත් සභාව සම්බන්දයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර තිබු වාහන සහ යතුරුපැදි 178ක්, ආයතන විසින් ඉදිරිපත්කොට තිබු වාහන ලැයිස්තුවල සදහන් වාහන 07ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. එමෙන්ම මුල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගතකර තිබු වාහන සහ යතුරුපැදි 04ක භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකිවි ඇත.
සබරගමුව,දකුණ සහ ඌව පළාත්වලත් කළුතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කලගුණ තත්වයක් පවතී. බස්නාහිර,සබරගමුව,මධ්‍යම,දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකිය.
මත්ද්‍රව්‍ය තොගයක් මේ රටට රැගෙන ආ ධීවරයාත්‍රාවක් සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී හික්කඩු ප්‍රදේශයේ නිවසක රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සඟවා තිබූ පිස්තෝලයක්, මැගසීනයක් සහ උණ්ඩ හතරක් සමග සැකකරුවෝ දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ(4) අත්අඩංගුවට ගනු ලැබූහ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව සහ ගිංතොට ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 ත් 33 ත් අතර වයස් වල පසු වන දෙනෙකි. චානු පුතා නැමැති බහු දින යාත්‍රාව මගින් ඉකුත් ඔක්තෝබර් මාසයේ දිනක මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට භාර දීී තිබුණි.
මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ පාදයේ වැදීමෙන් තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව මහවෙල පොලිසිය පවසයි. වෙඩි වැදීම සම්බන්ධයෙන් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙසේ තුවාල ලබා ඇත්තේ මහවෙල පොලිසියට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ පරිගණක ක්‍රියා කරවමින් සිටි පොලිස් කොස්තාපල්වරියකි මහවෙල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් 119 රාජකාරී සඳහා පිටව ගොස් අවශ්‍යතාවයක් සඳහා නැවත මහවෙල පොලිස් ස්ථානයට පැමිණ ඇත. එම අවස්ථාවේදී කොස්තාපල්වරයකු සතුව තිබූ රිවෝල්වරය ක්‍රියාත්මක වී උණ්ඩයක් එම පොලිස් කොස්තාපල්වරියගේ පාදයේ සුලඟිල්ලේ වැදී තුවාල වී ඇති බව පොලිසිය පවසයි. මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ක්ලීන් ශ්‍රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි’ ලෙස ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව අසත්‍ය වීඩියෝවක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනතාව තම නිවස ඉදිරිපිට පිරිසිදුව තබා ගන්නා ආකාරය ඇතුළු තවත් කරුණු රැසක් මෙම වීඩියෝවෙන් ප්‍රචාරය කරන බවත් එසේ ක්‍රියා නොකරන පුද්ගලයන්ට එරෙහිව මේ මස 15 වැනිදායින් පසුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම වීඩියෝවේ සඳහන්ව ඇති බවත් පොලිස් පහත කොට්ඨාසය පවසයි. ශ්‍රී ලංකා පොලිසිය එවැනි හඬ පටයක් නිකුත් කර නොමැති බව කියන පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම හඩ පටයක් නිකුත් කර පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක…
කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ මුහුදේදී රුපියල් කෝටි 28කට වැඩි රත්තරන් කිලෝ 11 ක් සහ ග්‍රෑම් 300ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ත් 45 ත් වියේ පසු වන තිදෙනෙකි. සැකකරුවන් යාත්‍රා කළ ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇත. සැකකරුවන් මෙම රත්තරන් තොගය ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කර ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරති. අත්අඩංගුවට ගත් රත්තරන් තොගය සහ සැකකරුවන් රේගුවට බාර දීමට නියමිතව ඇත.
දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් ඊයේ (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි. මේ සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී වී තිබුණි. මෙම සාකච්ඡාවේදී ප්‍රවේශ පත්‍ර කවුළුවල දිගු පෝලිම්, ප්‍රථමාධාර ස්ථාන නොමැතිකම, ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති වීම සහ බඹර ප්‍රහාරයක දී ආරක්ෂාවීම ආදී කරුණු 15ක් සාකච්ඡා වී තිබේ. මෙහිදී අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා පැවසුවේ දෙසැම්බර් මස අන්තිම සතිය වන විට දිනකට 11,000කට අධික සංචාරකයින් ප්‍රමාණයක් දිවයිනට…
