Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මීට සුලු මොහොතකට පෙර නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයට ළඟ වෙමින් තිබියදී නානුඔය දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි සංඥා කනුව අසල දී එන්ජිම පිලීපැනීමට ලක්ව ඇති බවත් දුම්රිය පාලන මැදිරිය සදහන් කලේය . මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇති හෙයින් එම දුම්රියන් අද (15) දින ප්‍රමාද වන බවත් , පිලීපැනීමට ලක්ව ඇති දුම්රිය පිලීගත කිරිමේ කටයුතු…
ශ්‍රී ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ෆියුරොසිමයිඩ් එන්නත් මිලි ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 2 කුප්පි 50,000ක් තිළිණ කළ බව මෙරට ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය. එම එන්නත් කුප්පි 50,000 ක ප්‍රමාණය මෙරට රෝහල්වල මතුව ඇති ෆියුරොසිමයිඩ් හිඟය අවම කර ගැනීමට උපාකාරී වනු ඇතැයි ඉන්දියානු මහා කොමාසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති උත්සවයකදී එම එන්නත් කුප්පි තොගය ඉන්දියානු මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාර දෙනු ලැබුවේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය දේදුනු ඩයස් ඇතුළු…
වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කර, පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂවරයා එම තනතුරේ, ආවරණ රාජකාරී සඳහා පත්කර තිබේ. මෙම පත්කිරීම සිදුකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසිනි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු වෛද්‍ය දුලාන් සමරවීර මහතාගෙන් අප කළ විමසීමකදී, ඒ මහතා සඳහන් කළේ මේ පිළිබඳව කිසිවක් තමන් නොදන්නා බවයි.
අනුරාධපුර, ගල්පොත්තේගම යෝජිත රක්ෂිතයේ අක්කර 3කට ආසන්න ප්‍රමාණයක, මහා වන විනාශයක් සිදු කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක් හා එය ප්‍රවාහනය කළ තට්ටු ලොරියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර අඩවි වන කාර්යාලය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, සහ ගල්පොත්වය ගම් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 27, 37 සහ 42 වියේ පසුවූ පුද්ගලයෝ තිදෙනෙකි. රාත්‍රී කාලයේ මෙම වැටලීම සිදු කිරීමට කටයුතු කළ ද මධ්‍යම රාත්‍රියේදී සැකකරුවන් එය අතර මග නතර කර දමා යාම හේතුවෙන්, රක්ෂිතය තුළ සැඟව සිට සැකකරුවන් යළි වන විනාශය කිරීමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි. උතුරු මැද සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය වන…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. උතුරු – මැද,ඌව සහ නැගෙනහිර පළත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩ තරමක තද වැසි ඇති වේ.
පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 1500 අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව පොලිසියේ කොස්තාපල් වරයෙකි. විදේශගත වීමට සූදානමින් සිටින පුද්ගලයකු විසින් පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා රුපියල් දෙදහසක මුදලක් ඉල්ලා අනතුරුව එය 1500ක් දක්වා අඩුකර එම ප්‍රදේශයේ දේවස්ථානයක් තුළදී මුදල ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාශය විසින් අක්මීමන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනිඅවි කිහිපයක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා වයස අවුරුදු 72ක අයෙකු බව පොලීසිය පවසයි. ඔහු සතුව තිබී පිස්තෝලයක්, රිවෝල්වරයක්, රිපීටර් ෂොට්ගන් එකක්, වායු රයිෆලයක් සහ ෂොට්ගන් පතොරම් 49ක් සොයාගෙන ඇත.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වී මාස කිහිපයක් තුළ තමන්ගේ සිහිනය සැබෑ කර දුන්නා. වත්මන් ජනාධිපති කෙලින් වැඩ කරන අයකු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා අද තංගල්ලේ දී පැවසීය. ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා විසින් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය විහාරාධිපති වීරකැටියේ නාලක හිමියන්ට ප්‍රදානය කිරීමේ සඳහා පැවැති උත්සවයේදී මන්ත්‍රීවරයා එසේ පැවසුවේය. බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ…
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කට්ටිගල සහ පඳලංගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිපල ඉදිරිපිට (14) දින විරෝධය දක්වනු ලැබුහ. එම සත්ව ගොවිපලට පැමිණි ලොරි රථ දෙකක එවැනි සතුන් ගව බගවන්තලාව නගරයේ ගව ඝාතකාගාරය වෙත රැගෙන ගිය බවත්, ඉන් එක ලොරි රථයක් තමන් අල්ලාගත් බව ඔවුහු කියා සිටියහ. ගවයන් ප්‍රවාහනය කිරිමට 12 වන දින ලබාගත් බලපත්‍රයක දිනය සත්ව ගොවිපලේ පාලන අධිකාරිය විසින් වෙනස් කරමින් ලෙඩ වී මිය යාමට ආසන්න බව පැවසෙන ගවයන් සහ එළදෙනුන් ප්‍රවාහනය කිරිමට කටයුතු කර ඇති බව විරෝධතාකරුවෝ කීහ.
