Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති බැවින් විදේශ ගමන් බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත් ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක් එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පෙනී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම්පත් රාශියක් ඉදිරි සති කීපයේදී ගලා ඒමට නියමිත බවත් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීම සඳහා විදේශ ගමන් බලපත්‍ර අංකය සැපයීම අනිවාර්ය කරුණක් බවත් තොරතුරු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. රට…
ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන්ගේ ආශීර්වාද ලබා ගත්තේය දළදා මාළිගාවට පැමිණි නව හමුදාපතිවරයා දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුදාපති වරයා පිළිගනු ලැබීය. දළදා මාළිගාවට පැමිණ සිටි විදෙස් සංචාරක තරුණියක් නව යුධ හමුදාපති වරයාට ආචාර කර ගෞරව දැක්වූ අවස්ථාව.
ආණඩුව ක්‍රියාත්මක කර තිබෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථ අපහසුතාවට පත්කරන්නේ යැයි චෝදනා කරමින් බස් රථ හිමියන් වර්ජනයකට සූදානම් වන බව පෞද්ගලික බස් රථ සමිති ඊයේ (5) පස්වරුවේ පවසති. වර්ජනයකින් තොරව මෙම අසීරුතාව මඟහරවා ගැනීමට පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා තිබුණ ද මේ දක්වා සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් නොලැබුණු බවත් මෙම සතියේ ඉදිරි දින කීපයේදී එම අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන වන බවත් පෞද්ගලික බස් රථ සමිති නායකයෙක් මාධ්‍යට පවසා ඇත. බස් රථවල අමතර උපාංග සම්බන්ධයෙන් සහ වෙනත් කරුණු රැසක් සම්බන්ධයෙන් පොලිසිය පසුගිය දිනවල කටයුතු කළ ආකාරය පිළිබඳව බස් රියදුරයන් සහ සහයකයන්ගෛන් දැඩි විරෝධයක් ඇති බවත් එම විරෝධය බස්…
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් මහතා සිය පවුල සමග සිදුකළ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පසුගියදා සටහනක් තැබීමට අමතක නොකළේය. යමෙකු රටක සංචාරය කරන විට දේශීය ජනතාවට හැකිතාක් සමීපව සිය සංචාරය සිදුකළ යුතු බවත් එලෙස සංචාරය කිරීමෙන් දේශීය ප්‍රජාවට සහ පරිසරයට ප්‍රයෝජනයක් සිදුවන බවත් ජොන්ටි රෝඩ්ස් මහතා පැවැසුවේය. ශ්‍රී ලාංකික ජනතාවට සමීපව සංචාරය කිරීමේ අරමුණින් ත්‍රී රෝද රථ තුනක් මෙරට ත්‍රී රථ කුලියට ලබාදෙන සමාගමක් වෙන ටුක්ටුක් රෙන්ටල්ස් වෙතින් කුලියට ගත්බව රෝඩ්ස් මහතා ප්‍රකාශ කළේය. ටුක්ටුක් රෙන්ටල්ස් සමාගම ශ්‍රී ලාංකිකයන් සතු ත්‍රී රෝද කුලියට ලබාදෙන බැවින් ඔවුන්ටද ඉන් වාසියක් අත්වන බව රෝඩ්ස් මහතා කීය. ටික කලක සිට රෝඩ්ස්…
පොල්තෙල් ආනයනකරුවන් පිරිසක් රජයට රුපියල් කෝටි 5000ක වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය. පොල්තෙල් අානයකරුවන් ගිය වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝ කෝටි 3900 ක් ආනයනය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. බුද්ධික ද සිල්වා මහතා මෙසේ පැවසුවේ දෙහිවලදී පෙරේදා(4) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මෙරට තිදෙනෙකුට අයිති ආයතන හයකින් මෙම බදු වංචාව කර ඇති බව පවසන ප්‍රධාන කැඳවුම්කරු මේ අය අතර මත්ද්‍රව්‍ය අානයනය කිරීමේ චෝදනාවට ලක් වූ අයද සිටින බව ප්‍රකාශ කළේය. දේශීය කර්මාන්තකරුවන්ට පනවා ඇති වැට් බද්ද හා සමාන වැට් බද්දක් පොල්තෙල්…
ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 05කින් තරුණයෙක් සහ කාන්තාවක් ඇතුළු පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (04) එම අනතුරු සිදුව තිබුණේ ඇඹිලිපිටිය, ආනමඩුව, පොතුහැර, කටුවන සහ නිට්ටඹුව යන පොලිස්වසම්වලය. රත්නපුරය – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගල්වංගුව ප්‍රදේශයේදී උඩවලව දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ බස් රථයක් බස් නැවතුමේ නවතා මගීන් රැගෙන එම නැවතුමෙන් යළි ධාවනය කිරීමේදී එහි සිටි මගී කාන්තාවක් බස් රථයේ පිටුපස රෝදයට හසු වීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ මගී කාන්තාව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වෙයි. එමෙන්ම ආනමඩුව, ආඩිගම – කිරියන්කල්ලිය මාර්ගයේ කට්ටුව ප්‍රදේශයේදී ආඩිගම දෙස සිට…
මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8 පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ලද තොරතුරක් මත අදාළ සැකකරුවන අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී මිලිමීටර් 9 ගිනි අවි සඳහා භාවිත කරනු ලබන උණ්ඩ 50කට අධික ප්‍රමාණයක්, අත්බෝම්බ 02ක් සහ ටී – 56 ගිනි අවිය සඳහා භාවිත කරනු ලබන පතොරම් 80කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් මෙහිදී සොයාගෙන තිබේ. මේ අතර මෙවැනි නීනිවිරෝධී ගිනිඅවි සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි හා ආවේක්ෂණ ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය විසින් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව…
Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කිරීම (ඉෂ්ඨරූප) සමගින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය. දෙවන මෙහෙයුම මගින් උපායදූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණය කර ගැනීමෙන් පසු එම වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක…
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනාගත පරපුරේ උන්නතියට දායක වෙමින් ගුවන් හමුදා රත්මලාන කඳවුරේ නවීන පහසුකම් සහිතව ඉදිකරන ලද පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා ද සහභාගි විය. නවීන පහසුකම් සහිත මෙම පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය විදුහල්පති කාර්යාලයක්, ගුරු විවේකාගාරයක්, ළමුන් 100 දෙනෙකුට පමණ අධ්‍යාපනය ලබාගත හැකි ඉඩකඩ සහිත පන්ති කාමර හතරක් සහ පුද්ගලයන් 200 දෙනෙකුට පමණ අසුන් ගත හැකි ශ්‍රවණාගාරයක් යන ආකාරයේ පහසුකම් ඇතුළත් වේ. එමෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුලින් එකවර දරුවන් 20 දෙනෙකුට ආරක්ෂිත…
පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. නිදහස් දින උළෙල සම්බන්ධ සංවිධාන කටයුතු, ආරක්ෂක වැඩපිළිවෙළ සහ ඉදිරිපත් කරන සංස්කෘතික අංග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. නිදහස් දින උත්සවය පෙබරවාරි මස 4 වැනි දින කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට අමාත්‍යවරු වන ආචාර්ය ඒ.එච්.එම්.එච් අභයරත්න, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු , කුමාර ජයකොඩි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ලේකම්වරු වන ආලෝක බණ්ඩාර, නාලක කලුවැව සහ එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොත්තා යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී…
