Author: LANKA24X7

ගල්කිස්ස සෙම්බලන්කොටුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් ඥාති සහෝදරයන් දෙදෙනෙකු මියගොස් ඇති බව ගල්කිස්ස පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේ පදිංචි 39 සහ 20 හැවිදි පුද්ගලයන් දෙදෙනෙකි. යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවන් කළ වැඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් තිබූ අතර අනිත් පුද්ගලයා කළු බෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි. මියගිය පුද්ගලයන් දෙදෙනා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දකුණු සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Read More

ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දීමට ඉන්දියාව සූදානම් බව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි. ඔහු මෙම අදහස් පළකළේ අද (06) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති හමුවකදී ය. එහිදී මහකොමසාරිස්වරයා පැවසුවේ ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවය. තරුණ කටයුතු ක්ෂේත්‍රයේ දෙරට අතර සම්බන්ධතා ඉදිරියේ දී තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉන්දියානු තරුණ කටයුතු අංශයට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කර තිබේ. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ, මහාචාර්ය ජෝසප් යෝගරාජා (Stanislaus Joseph Yogarajah) යන මහත්වරු සහ ලරීනා අබ්දුල් හක් (Lareena Abdul Haq) මහත්මිය පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ලබාදුනි.

Read More

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. කෙසෙවෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරස තත්ත්වය එතරම් බරපතළ නොවනු ඇති බවය.

Read More

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ. ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව පසුගිය 29 වනදා සැකකරුව ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්ම අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය. සැකකරු ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇත. එහි සඳහන්ව තිබුණේ, අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා…

Read More

රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී මෙම හමුව පැවැත්වුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේය. විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමුව ඇත. මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

Read More

රාජාංගනය, අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ සිටි කුඩා දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (05) රාත්‍රියේ ත්‍රිරෝද රථය මෙලෙස පෙරළී ඇත්තේ මාර්ගය හරහා ගිය සුනඛයකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී බවය. ත්‍රිරෝද රථයේ රියදුරු හා පිටුපස අසුනේ ගමන් කළ දරුවා අනතුරෙන් තුවාල ලබා නොච්චියාගම රෝහල වෙත ඇතුළත් කිරීමේදී දරුවා මියගොස් ඇත. රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 12ක් වයසැති වැලිහේන, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රාජාංගනය…

Read More

2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. විමර්ශනයෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය. “කර්මාන්තවලට, කෘෂිකර්මාන්තවලට ඉඩම් නිකුත් කරනවා LRC එක හරහා. නමුත් පහුගිය කාලයේ ඉඩම් බෙදා දුන්න ඒවා සහ ඉඩම් පවරපු ඒවා සම්බන්ධයෙන් විශාල ගැටලු තොගයක් තිබුණා. පහුගිය දවසක කැබිනට් එකෙන් තීරණයක් ගත්තා 2015 ඉඳලා මේ…

Read More

පොලිසිය අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සම්පූර්ණයෙන් අවසන් නොකර උද්ධෘත හා විශේෂ වාර්තා එවා ඇති අවස්ථාවල ඒ පිළිබඳ ලිපි ගොනුවක් විවෘත නොකර සිටීමටත් එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ගොනු නොකරීමටත් නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. අපරාධ පැමිණිලි සම්බන්ධයෙන් විශේෂයෙන් සමාජය තුළ කතාබහට ලක්වෙන දැඩි අපරාධ පැමිණිලි සම්බන්ධයෙන් චෝදනා ගොනු කරනු ලබන අවස්ථා අවම බවට එල්ල වන චෝදනා මධ්‍යයේ මතුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් නීතිපති දෙපාර්තමේන්තුව මෙම තීරණයට එළැඹ තිබේ. දැඩි අපරාධ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ප්‍රමාදවීමට ප්‍රධාන හේතුව පොලිසිය විමර්ශන කටයුතු සම්පූර්ණයෙන් අවසන් නොකිරීම බව පෙන්වාදෙමින් නීතිපති දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත. නීතිපති දෙපාර්තමේන්තුවේ නව තීරණයට අනුව අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසිය…

Read More