Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බාරදී ඇත. මේ අනුව පාර්ලිමේන්තු ප්‍රධානීහු වෙන්දේසි කළ යුතු වාහන සම්බන්ධයෙන් එම කාර්යාලයෙන් උපදෙස් බලාපොරොත්තුවෙන් සිටිති. මේ අතර සභානායක කාර්යාලයට අයත් වාහන දෙකක් පළමුවෙන්ම වෙන්දේසි කෙරෙන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. මෙසේ වෙන්දේසි කෙරෙන්නේ ටොයෝටා ලෑන්ඩ් කෲෂර් වී 8 සහ මිට්සුබිසි මොන්ටෙරෝ ජීප් රථ දෙකයි. පාර්ලිමේන්තුවේ තවත් අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු වාහන කිහිපයක් පවතින අතර ඒවාද ඉදිරි දිනවල වෙන්දේසි කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තු සතුව බස් රථ ඇතුළුව වාහන සියයකට ආසන්න සංඛ්‍යාවක් පවතී.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයෙත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.
වැලිගම , බටවල , පාතේගම නිවසකට අද (17 ) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි. අද අලුයම 2.10 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ව්‍යාපාරික කාන්තාව සහ දරුවන් පමණක් නිවසේ රැදි සිට ඇති අතර වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව පොලිසිය කියයි. වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් , නිවසේ තාප්පය අසල සිට නිවස දෙසට වෙඩි තබා ඇති බව ද වෙඩි ප්‍රහාර පහක් එල්ල කර ඇති බවද පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය, වැලිගම පොලිසිය, කොටවිල පොලිසිය, සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ පරීක්ෂණ මෙහෙයවති .
මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී සීඝ්‍රගාමී අද(17) උදැසන දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පානදුර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය. මේ හේතුවෙන් එහි ගමන් ගත් මගීන් වෙනත් දුම් රියන් වෙත මාරුවී කොළඹ බලා ගමන් ගත්බවද දුම්රිය ප්‍රකාශකයෙක් කීය. පානදුර දුම්රිය ස්ථානයේ කොළඹ දෙසට ගමන් ගන්නා දුම් රිය මාර්ගයේදී දුම්රිය කාර්මික දෝෂයට ලක්ව තිබේ.M 11 – 954 අංකය යාටතේ අද දින දුම් රිය මරදාන බලා ධාවනය වී ඇති බව සදහන් වේ.
වැලිගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකට අදාළ සැකකරුවන් වශයෙන් ධුරයේ රාජකාරී අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ තවත් සැකකරුවන් 06දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට නිකුත්කර තිබූ නියෝගයට අදාළව නීතිපතිවරයා විසින් අද (16) විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වනතෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සිය නිවේදනයෙන් දන්වා සිටියි. මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා…
බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. බටලන්ද කොමිෂන් වාර්තාව ගැන තවදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය. 1987 වසරේ දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ක්‍රියා කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී රටේ ර්මමස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරුවා. බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය,මහවැලියේ සිට කොළඹට විදුලිය ලබා දෙන මධ්‍යස්ථානය , වෙළෙඳ කලාපය ලෙස ආර්ථික වශයෙන්…
මුතූර් තාහා නගර්හිදී සිය මිත්තණිය හා මිත්තණියගේ වැඩිමහල් සහෝදරිය ඝාතනය කළ බව කියන පහළොස්හැවිරිදි දැරිය ගම්පහ රන්මුතුගල පරිවාස නිවාස භාරයට පත්කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් නස්ලීම් මොහොමඩ් පවුසාන් මහත්මිය ඊයේ (15) නියෝග කළාය. මෙලෙස ඝාතනය වුයේ මුතුර් තාහා නගර් පදිංචිකාරිනියන් වන සිරිදරන් රාජේෂ්වරි (68) හා ශක්තිවේල් රාජකුමාරි (74) යන විශ්‍රාමික ගුරුවරිය හා විශ්‍රාමික හෙද නිලධාරිණියයි. සිය මිත්තණිය තමන්ට ආදරය නැති බවත් හදාගත් වෙනත් දරුවන් දෙදෙනෙකුට ආදරය කරන බවත් , නිතරම තමන් හා තම මව සමඟ අඩ දබර කර ගන්නා බවත්, මව පියගෙන් වෙන්වීමට හේතුව මිත්තණිය බවත් කියමින් කාලයක් මිත්තණිය සමඟ වෛරයෙන් සිටි නිසා මෙම ඝාතන සිදුකළ බවත් එම ඝාතනය දුටු මිත්තනියගේ…
මුහුණු පොතෙන් එකතු වූ තරුණ තරුණියන් පිරිසක් එක්ව බියගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සංවිධානය කර තිබූ සාදයක් වටලා 29 දෙනකු අද (16) උදෑසන අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි මෙම සාදය ඊයේ (15) දින රාත්‍රී කාලයේදී ආරම්භ කර ඇත. මධ්‍යම රාත්‍රී කාලයේදිත් අධික ශබ්දයක් නගමින් ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අදාළ හෝටලය තුළ සාදයක් පැවැත්වෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් ගොස් අදාළ පරිශ්‍රයට පමණක් ඇසෙන පරිදි සාදය පවත්වන ලෙස දැනුම් දී තිබූ නමුත් ඒ පිළිබඳව නොසලකා හැර අදාළ පිරිස අලුයම වන තෙක්ම ඝෝෂාකාරී ශබ්ද නගමින් එම සාදය පවත්වා තිබූ බවද පොලිසිය පවසයි. ඒ අනුව සැකකරුවන්…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ සභාපති ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා පත් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ (පාලන) ඩබ්.යු.කේ.කෘෘස් මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරී ඕ.බී.ජේ ද සිල්වා මහතා පත් කර ඇත. 2025 මාර්තු 10 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර ඇති නිරීක්ෂණයන්ට අනුව එම රෝහලේ සැලකිය යුතු පරිපාලන ඌනතා පසුගිය වසර කිහිපයක්…
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි. ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව බඩෝවිට පොලිස් මුරපොලේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු මුරපොලේ ස්ථානාධිපතිවරයා සමග බඩෝවිට 3 වන අධියරේ ඊයේ (15) පස්වරුවේ මෙම වැටලීම් ගොස් ඇති අතර මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි වෙළේ සුදාගේ සහෝදරයාබව කියන පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහරදී ඇත. පොලිස් කොස්තාපල්වරයාගේ උදරය හා වැමිට ප්‍රදේශයට තුවාල සිදු වී ඇතැයි පොලීසිය පවසයි. සිද්ධියෙන් පසු සැකකරු පළා ගොස් ඇති අතර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
