Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මෙන්ම රට පුරා නීතිවිරෝධී බෙහෙත් අළෙවි කරන බවත් එම බෙහෙත් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති ඒවා බවත් එම අධිකාරියට පැමිණිළි කළ බව ‘මගෙන් රටට සංවිධානයේ’ සභාපති සංජය මහවත්ත මහතා ඊයේ (8) පැවසීය. ලියාපදිංචි නොකළ බෙහෙත් ජනතාව අතරට පත්වීම ඉතාමත් භායානක තත්වයක් බවත් එය වැලැක්වීමට ඖෂධ නියාමන ආධිකාරිය වාහාම කටයුතු කළයුතු බවත් ඒ මහතා සඳහන් කළේය. ඩබ්ලිව්.ඕ.ආර්. බලපත්‍ර ප්‍රතික්ෂේප කළ සමාගම්වලින් ලබාගත් බෙහෙත් වර්ග 50 ක් පමණ රටපුරා ඇති බවත් ඖෂධ සපයන ආයතන සහ ඖෂධ පිළිබඳව තොරතුරු, තොරතුරු පනත යටතේ ඉල්ලීම් කළ ද ඒවා නොලැබෙන බවත් මහවත්ත මහතා කීය. ඖෂධ නියාමන අධිකාරියෙන් එවැනි තොරතුරු ඉල්ලා මාසයකට…
2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් මේ වනවිට නිදහස් කර අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා පෙන්වා දෙන්නේ ඒ අනුව නිර්දේශිත වූ ගොවීන්ට හිමි වන්දි මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ යටතේ මේ වනවිට ගොවීන් 6,459 දෙනෙකු සඳහා අක්කර 5,246ක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් නිදහස් කර ඇති අතර වගා හානි නිර්දේශිත වීමෙන් පසු වන්දි මුදල් ගිණුම් ගත නොවූ ගොවීන් වේ නම් ඒ පිළිබඳව අභියාචනා කිරීමට ඔවුන්ට අවකාශ පවතී. ගෙවා අවසන් නොකළ දිස්ත්‍රික්වල වන්දි මුදල කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කෙරෙමින් ඇති බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති…
මහ මැතිවරණයට අදාළව අදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂයින් සම්බන්ධයෙන් වන ලිපි ගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දැනුම් දී තිබේ. අදායම් වියදම් වාර්තා භාර දීම සඳහා සහන කාලයක් ලබා දී තිබූ අතර එම කාලය අවසන් ව ඇතත් අපේක්ෂකයින් පිරිසක් ආදායම් වාර්තා ලබා දී නොමැති බවත් වාර්තා වේ. ඒ අනුව ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව මැතිවරණ කොමිසම පැවසීය. මේ අතර ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් ජනාධිපතිවරණ අපේකෂයින් 5 දෙනෙකුට එරෙහිව එලැඹෙන සතියේදී නඩු පැවරීමට පියවර…
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදී ය. මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ආගමික කටයතු දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් එහි කපු මහතුන් දේවාලය වසා දැමීමට මින් පෙර තීරණය කළේය. මේ හේතුවෙන් බැතිමතුන්ට මෙන්ම සමන් දේවාලය ආශ්‍රිතව රැකියාවේ යෙදෙන පවුල් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් කපු මහත්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි. එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව දේවාලය පූජා වට්ටි බාර ගැනීම ඇතුළු තේවාවන් මෙන්ම සියලුම රාජකාරි කටයුතු සඳහා අද දිනයේ විවෘත කර ඇති බව සඳහන්.
මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කිරීමට පියවර ගෙන තිබේ. අද (07) ආරම්භ වුණු නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ආරම්භ වුණු අතර එහිදි කථානායකවරයා විසින් මෙම පත් කිරීම් පිළිබඳ නිවේදනය සිදුකරනු ලැබීය. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මින් පෙර පත් කෙරිණි.
“ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය” යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමිනි. “අපි ඇත්ත වශයෙන්ම මේ මොහොත් ඒ ව්‍යාපෘතිය යටතේ ඒ තොරාාගත් පාසල් පිළිබඳව සමාලෝචනයක් කරනවා. ව්‍යාපෘතියට තෝරාගත් බොහෝ පාසල් අඩක් නිමකරලා අතරමග නැවතිලා තියෙනවා. ඒ නිසා ඒ සියලු පාසල් සමාලෝචනය කරමින් අපේ සැලැස්ම අනුව සියලුම දරුවන්ට කිලෝමීටර් 3ක සීමාව ඇතුළත යන්න පුළුවන් ප්‍රාථමික පාසලක්, එහෙම පාසල් ගණනාවක් එකතු කරමින් යන්න පුළුවන් අංගසම්පූර්ණ ද්වීතික පාසලක් වෙනුවෙන් වර්ධනය කර ගැනීම සඳහා සැලසුම් කරගෙන යනවා. ඒ වගේම 80%- 90%ක් වැඩ ඉවර කරලා තියෙන…
ආණ්ඩුව රට ‘ක්ලීන්’ කරනවා නම් පළමුවෙන්ම ප්‍රධාන පොරොන්දුවක් වූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ ගැටලුව ‘ක්ලීන්’ කළ යුතු බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වැඩියෙන් ගෙවීමට සිදුව ඇති රුපියල් කෝටි 300 ක් වැඩිපුර ගෙවීම පිළිබඳ ප්‍රශ්නය ‘ක්ලීන්’ කළ යුතු බවත් හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (6) පැවසීය. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ පිහිටි නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ කීය. විවිධ දේවල් මඩේ ඔබමින් සංදර්ශන පවත්වනවා වෙනුවට එක් එක් කරුණු නිෂ්චිත වශයෙන් රටට ඉදිරිපත් කර නිමකළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ බලය ජනතාව ආණ්ඩුවට දී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. ජනතාව වර්තමාන ආණ්ඩුවට තුණෙන් දෙකක බගයක්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාවිතා නොකෙරුණු ගුවන් යානා තුනක් වෙනුවෙන් බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අවශ්‍යතා තක්සේරුවට අනුව ගුවන් යානා විසි හතක් අවශ්‍ය බහු පැවසේ පැවසේ. පසුගිය වසරේ අගෝස්තු දොළහ දිනට සමාගම යටතේ භෞතික හා මෙහෙයුම් ගුවන් යානා ඇණි පිළිවෙලින් 22ක් සහ 18 ක් විය. ඉන් ගුවන් යානා තුනක් 2013 වර්ෂයේ ඔක්තෝබර් 29 දින සිට පසුගිය වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලයේදී භාවිතයෙන් බැහැරව ඇත. එම කාලය තුළ බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. මේ අතර ශ්‍රී ලංකන්…
කනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේය. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව කැනඩා මාධ්‍ය වාර්තා කිරීමත් සමග අගමැති ටෘෘඩෝ ඊයේ එරට වේලාවෙන් පෙරවරු 10.45 ට මාධ්‍ය හමුවක් කැඳවූ අතර එහිදී තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වීමට බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය. නව නායකයකු තෝරා ගන්නා තෙක් පාර්ලිමේන්තු කටයුතු එළැඹෙන මාර්තු 24 වැනිදා තෙක් අත්හිටුවන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය. තමන් කැනඩාව පිළිබඳව සැමවිටම සිතන බවත් මේ අවස්ථාවේ සිය රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ගත…
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වී 8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම් විස්තර වාර්තා ලබන මාර්තු මස 1 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත. රේගු ආඥා පනතේ (අ) උපලේඛනය මගින් ප්‍රකාශිත සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ ( HS)87.03 යටතේ වර්ගීකරණය කර ඇති එන්ජින් ධාරිතාවය 1800CC ට වැඩි පැට්‍රල් වාහන සහ එන්ජින් ධාරිතාවය 2300CC ට වැඩි ඩීසල් වාහන ( ඩබල් කැබ්, සින්ගල් කැබ්, වෑන් බස් ලොරි ට්‍රක් යනාදිය ඇතුළත් නොවේ) මෙසේ වෙන්දේසි…
