Author: LANKA24X7

ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2023 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් තෝරා ගෙන ඇති අතර එහි පළමු කණ්ඩායම 2023 වසරේ දෙසැම්බර් මාසයේ ඊශ්‍රායලය වෙත පිටත්කර යවා තිබේ. එමෙන්ම දෙවන පිරිස 2024 වසරේ ජනවාරි මාසයේ පිටත්කර යවා ඇත. මේ ආකාරයෙන් තෝරාගත් තවත් 2,400ක පමණ වූ පිරිසක් සඳහා කාර්යාංශය විසින් උමන්දාව ඇතුළු ස්ථාන කිහිපයකදී ක්ෂේත්‍ර පුහුණුවක් ද ලබා දී ඇති අතර ඒ අතරින් 118 දෙනෙකු මේ වනවිටත් කාර්යාංශයට මුදල් ගෙවා ඊශ්‍රායල් රාජ්‍ය සමග ගිවිසුම්ද අත්සන් කර අවසන් බව සඳහන් වේ. එම පිරිසට මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබී ඇත්තේ…

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කළ මගී ප්‍රවාහන දුම්රියේ ගමන් කළ ඉන්දියානු ජාතිකයෙකුගේ අස්ථානගත වු ගමන් බෑගය පැය කිහිපයක් තුළ සොයා ගැනීමට හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා සහ වටවල පොලීසියේ නිලධාරීන් සමත් වී තිබේ. ඇල්ල දක්වා ගමන්ගත් 39 හැවිරදි සංචාරකයා වටවල සහ හැටන් දුම්රිය ස්ථාන අතරදී සිය බෑගය අස්ථානගත වී ඇති බව දැනගෙන වහාම හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇත. ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර, අස්ථානගතවූ ගමන් බෑගයට සමාන බෑගයක් අරගෙන දුම්රියට පැමිණි පුද්ගලයෙකු ගැන වටවල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගමන් කළ බවට තහවුරු වී තිබුණි. පසුව ඒ සම්බන්ධයෙන් අදාළ ත්‍රිරෝද රථ රියදුරු සොයාගෙන…

Read More

සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ අවසරය හෙටින් (10) අවසන්වීමට නියමිතය. පවතින සහල් හිඟය මැඩපැවැත්වීම සඳහා සහල් ආනයන කිරීමට රජය විසින් 2025 ජනවාරි මස 10වනදා දක්වා අවසර ලබා දී තිබුණි. ඒ අනුව ඊයේ (08) දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ථ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 115,000 ඉක්මවා ඇති බව වාර්තා විය. මේ තොගය අතර කැකුලු සහල් ටොන් 45,000 ක් සහ තැම්බූ සහල් ටොන් 70,000 ක් ඇති බව සඳහන් වේ. කෙසේවෙතත් සහල් ආනයනය කිරීමට ලබා දී තිබෙන අවසරය නැවතත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

Read More

ගුරු – විදුහල්පතිවරුන්ගේ උසස්වීම් ලබාදීම සඳහා අදාළ චක්‍රලේඛය දින තුනක් ඇතුළත නිකුත් නොකළොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ ඊයේ (08දා) පැවසූහ. ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට පිළියම් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු – විදුහල්පති ඒකාබද්ධ සන්ධානය නියෝජනය කරන වෘත්තීය සමිති 16ක නියෝජිතයන් ඊයේ පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් හමුවී සාකච්ඡා කළ බව උන්වහන්සේ කීහ. එහිදී ගුරු – විදුහල්පති උසස්වීම් ලබාදීම සඳහා කඩඉම් ලකුණු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීම නිසා වසර ගණනාවකින් (20ක් 25ක්) ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට උසස්වීම් ලැබී නොමැති බවත් එය පසුව නිවැරදි කරගන්නාතෙක් ඔවුන්ට උසස්වීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එකඟවූ බවත් උන්වහන්සේ…

Read More

සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි. සහල් හිඟයට විසදුමක් වශයෙන් රජය පසුගිය 4 දා සිට පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන් අතර ඒ අනුව ආනයනකරුවන් ඊයේ (8) වනවිට සහල් මෙට්‍රික් ටොන් 115000 ක් පමණ සහල් ආනයනය කර තිබූ බව රේගුව පවසයි. සහල් ආනයනය කිරීමට ලබා දී තිබෙන කාලය හෙටින් අවසන් වීමට සතියකට පමණ පෙර සිටම සහල් ආනයනය කිරීම නතර කළ බව ආනයනකරුවෝ පැවසූහ. මේ අතර රජය වෙනුවෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ද සහල් මෙට්‍රික් ටොන් 980 ක් ආනයනය කර තිබූ අතර තවත් මෙට්‍රික් ටොන් 5200…

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යටිතල පහසුකම් අංශයෙන් ඇති හවුල්කාරිත්වය තවත් දැඩි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී මහව – අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියක් ඉදිකිරිම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 14.9 ප්‍රදානයක් ඉන්දීය රජය ලබාදුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය (07) ප්‍රකාශ කළේය. මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක් අතරතුර ඔහු මෙම අදහස් පළ කළේය. පවතින ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී සිසුන් 200 කට (එක් විශ්ව විද්‍යාලයකට සිසුන් 100 බැගින්) පූර්ණ ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක්ද ජනාධිපතිවරයාගේ තෙදින නිල සංචාරයේදී ප්‍රකාශයට…

Read More

උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව,මධ්‍යම,දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදි මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකිය.

Read More

සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. අධිකාල හානිවාඩු දින වැටුප් වෙනුවෙන් වැය කර තිබුණු මුළු මුදල වැටුපිරිවැයෙන් සියයට 72 ක් බවද එම වාර්තාවේ දැක්වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැය කර ස්ථාපනය කර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් නිෂ්ක්‍රීයව පැවැති බව ජාතික විගණන කාර්යාලය පවසයි. එම යන්ත්‍ර ක්‍රියාත්මක නොවන්නේ නම් වර්තමාන වැටුපට අනුව අධිකාල දීමනා නොගැවීමට භාණ්ඩාගාර ලේකම්වරයා 201 2017 ජුලි මස පළවෙනිදා සිට අතිකාල දීමනා නොගෙවන ලෙස උපදෙස් දී තිබියදී ඊට…

Read More

ජංගම දුරකතන, දුරකතන චාජර්, දුම්කොල සහ ලයිටර් අඩංගු පාර්සලයක් කිසියම් පුද්ගලයකු ගාල්ල බන්ධනාගාරය තුළට දමා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. පිටුපස තාප්පයට ඉහලින් පාර්සලයක් බන්ධනාගාරය තුළට වැටෙන අයුරු රාජකාරියෙහි යෙදි සිටි බන්ධනාගාර නිලධාරියෙක් එය අහුලා පරික්ෂා කර ඇත. එහිදි එම පාර්සලයේ තිබි ජංගම දුර කතන පහක්,එම දුරකතන චාජර් තුනක්,ලයිටර් හතරක් සහ දුම්කොල තිහක් සොයා ගෙන ඇත. මෙම පාර්සල බන්ධනාගාරය තුළට දැමු පුද්ගලයා සොයා ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read More

අහුන්ගල්ල නගරයේ දි අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. මෙසේ වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ අහුන්ගලේම පදිංචි තීරෝද රථ රියදුරකු බවද පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි. අහුන්ගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More