Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මීගමුව කදාන ප්‍රදේශයේ දුම්වැටි අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 233ක (233203117.03) වැට් බදු මුදලක් නොගෙවා පැහැර හැරියේ යැයි කියන පුද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංඟසිංහ මහතා (17) නියම කළේය. කඳානේ සමරනායක නැමැති සමාගමේ අධ්‍යක්ෂකවරුන් හතර දෙනෙකුට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි. 2016,2017 හා 2019 වසර සඳහා නොගෙවා පැහැර හැරී බදු මුදල් ගෙවන ලෙසට පහුගිය මැයි මස 6 වෙනි දින මහේස්ත්‍රාත් අධිකරණය අධ්‍යක්ෂකවරුන්ට නියෝග කර තිබූ අතර එම නියෝගය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රිසාඩ් අමීන්…
ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වන පංචායුදයෙන් තරඟ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. ඒ අනුව පළාත් පාලන ආයතන බහුතරයකට ජාතික නිදහස් පෙරමුණ නාම යෝජනා බාර දෙන බවද විමල් වීරවංශ මහතා කීය. තවත් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට අදහස් කර තිබෙන බව කී විමල් වීරවංශ මහතා තම පක්‍ෂයේ සහ පක්ෂයේ නොවන පුද්ගලයන්ගෙන් සමන්විතව එම ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් වන බව පැවසීය. ජාතික නිදහස් පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණයේදී වෙනම මුද්‍රාවක් තබන බවද වීරවංශ මහතා කීය.
චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව කොතරම් විවේචන තිබුණත් එම සැසිවාර චීනයට පමණක් නොව සමස්ත ලෝකටම වැඳගත් බවත් රටක දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දිගු කාලීන සැළසුම් වඩාත් වැඳගත් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය. චීන ආණ්ඩුව පසුගියදා පැවැත්වූ ජාතික සැසිවාර දෙක පිළිබඳව දැනුවත්කිරීම සඳහා ‘චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය’ කොළඹදී පැවැත්වූ විද්වත් සාකච්ඡාවේදී වෛද්‍ය ජී. වීරසිංහ මහතා එසේ පවසීය. සැළසුම් කිරීම කාලීන අවශ්‍යතා සඳහා වැඩාත් වැඳගත් වන බව කී වීරසිංහ මහතා චීනය නොමැතිව ලෝකය ගැන කථා කළ නොහැකි තත්වයක් චීනය නිර්මාණය කරගෙන ඇති බව ද සඳහන් කළේය. වරින් වර වෙනස් වන ප්‍රතිපත්ති තුළින් බැහැරව, ජාතික…
කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලීසිය පැවසීය. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කීය. ලොරි රථයකින් පැමිණි වෙඩික්කරුවන් වෙඩි තැබීම කර පලාගොස් ඇති අතර වෙඩික්කරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
අධිකරණය නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කිරීමෙන් පලක් නොමැති බව පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර් එස්. එස්. සපුවිද මහතා සාක්ෂිකාර පොලිස් නිලධාරියකුට වරෙන්තු කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම ඊයේ (17) ප්‍රතික්ෂේප කළේය. සාක්ෂිකරු අධිකරණයට රැගෙන ඒම පැමිණිල්ලේ වගකීම බව අවධාරණය කර සිටි මහාධිකරණ විනිසුරුවරයා අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන මේ රට යන්නේ කොහෙටදැයි ප්‍රශ්න කළේය. හිටපු පොලිස්පති දේශබන්දු සමග මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා ඇති උප පොලිස් පරීක්ෂක මධුරංග නමැති සාක්ෂිකරුට මෙසේ වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. නැගෙනහිර පළාතෙත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
නීති විරෝධීව මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් විදේශ සිගරැට් බන්ඩල 713,000 ක තොගයක් කොළඹ වරායේ ගබඩාවක තිබී සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකායේ නිලධාරීන් කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක කළ පරීක්ෂාවකදී මෙම සිගරට් තොගය අත්අඩංගුවට ගෙන තිබේ. එහි ලෝකයේ නම් දැරූ සන්නාමයක සිගරට් බන්ඩල 713,000 ක සිගරැට් කෝටි 3565 ක් තිබූ බවත් ඒ මහතා කීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය කළ මිලිමීටර 5 ක කුහර සහ රැලි සහිත තහඩු පැලට් 5 ක් තුළ සඟවා තිබියදී මෙම සිගරැට්…
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙල්ලාලි පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව රාජකාරි කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබලෙකු සහ කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිදිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් ජීප් රථයේ තිබී වෝටර් ජෙල්කූරක්, ඇමෝනියා කිලෝවක්, සේවා නූලක්, ප්ලේන්ට් රිමුව බෝතල් තුනක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යෑම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 4034 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වැවිලි කර්මාන්ත සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. ඒ අයට නව නිවාස සාදා දීමට රජය තීරණය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මීරියබැද්ද මෙන් පොළොවේ වැළලීමට ඉඩ නොතබන බවද ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පරිසර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය. සමන්ත විද්‍යාරත්න මහතා මෙසේද පැවසීය. මධ්‍යම කඳුකරය මහලු කඳුකරයක් බවට පත්වෙමින් තිබෙනවා. රන් රන්දෙණිගල ජලාශය මඩවලින් පිරිලා. රන්ටැඹේ ජලාශයේ සියයට 65ක් රොන් මඩ වලින් පිරිලා. පුහුල්පොළ ජලාශය මඩවලින් පිරිලා. මධ්‍යමක් කඳුකරය නාය යෑම්වලට…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු කළ සැකකරු විසින් කොල්ලකන ලද ‘අයි ෆෝන්’ වර්ගයේ ජංගම දුරකථනය සැකකරු සැඟව සිටි කැලෑවේ සඟවා තිබියදී සොයා ගත් බව ගල්නෑව පොලිසිය පවසයි. පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ගල්නෑව පොලිස් වසමේ නිදිකුම්භායාය සහ මහමෙව්නා අසපුව අතර කැලෑ කොටසේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජංගම දුරකථනය හමුවූ බව පොලිසිය සඳහන් කළේය.
