Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර මහතා ඊයේ (9) යුද හමුදා මූලස්ථානයේදී වැඩ බාරගත්තේය. තෙල්දෙණිය ප්‍රදේශයේ උපත ලද රසික කුමාර මහතා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව වැල්ලවත්ත ෆෙඩ්රිකා පාරේ නිවෙස සිදුකළ මෙහෙයුමකදී කෝටි හතරකට වැඩි කොකෝන් සමග ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ අතර එහිදී කොකේන් ග්‍රෑම් 960 ක් සොයාගත් බවත් පොලිසිය පවසයි.
රට බංකොලොත්වී ඇති අවස්ථාවක හූති සටන්කාමීන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊ (9) ප්‍රශ්න කළේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසිය කුමක්දැයි ප්‍රශ්න කළ විපක්‍ෂනායකවරයා මේ කටයුත්ත වෙනුවෙන් ණය දෙන රටවල් බිලියන 25ක් හෝ කපා දැමීමට එකඟවී ඇත්නම් මෙවැනි දේවල් කළාට කමක් නැතැයිද ප්‍රකාශ කළේය. ආර්ථික අර්බුදය හමුවේ ජනතාව විශාල කැපවීමක් කරන මොහොතක නැවක් යැවීමට මෙපමණ මුදලක් යැවීම අපරාධයක් බවත් මේ රටේ පරිගණක නැති පාසල් දරුවන් විශාල පිරිසක් සිටින බවත් ඔහු කීවේය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා…
නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව උතුරු, නැගෙනහිර, වයඹ සහ දකුණු පළාත් තුළ නව ආයෝජන කලාප ස්ථාපිත කිරීම එහි එක් යෝජනාවකි. එසේම මාන්කුලම්, පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රය සහ කන්කසන්තුරේ සිමේන්තු සංස්ථා පරිශ්‍රය පිහිටි ප්‍රදේශවල නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමද එහි තවත් යෝජනාවකි. මේ අතර ඉරණවිල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල නව ආයෝජන කලාප ඉදිරිකිරීමට ද ජනාධිපතිවරයා විසින් මෙමගින් යෝජනා කර තිබේ. මේ අතර බිංගිරිය හා හම්බන්තොට ආයෝජන කලාප තවදුරටත් පුළුල් කිරීම ද මේ හරහා සිදුකිරීමට නියමිතය. ඒ අනුව අදාළ කැබිනට් යෝජනාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ යෝජිත ආර්ථික කලාප ඇති කිරීම සඳහා…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවය.
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරුවේ ආරම්භ විය. එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේය. රජය විසින් සියයට 18කින් වැට් බදු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා මෙලෙස සජබ මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත.
යුක්තිය මෙහෙයුමට සමගාමිව හැටන් පොලිස් කොට්ඨාසයේ ප්‍රධාන නගරවල පිහිටි ඔසුසැල්වල ආරක්ෂාව තර කිරීමට වැඩපිළිවෙලක් දියත් කර ඇති බව හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පවසයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පිරිස් ඇතැම් ඔසුසැල්වලින් විවිධ රෝග සඳහා නිකුත් කරන මත්වන පෙති වර්ග භාවිතයට හුරු වී ඇති බැවින් ඔවුන් වෛද්‍ය නිර්දේශ නොමැතිව ඔසුසැල්වලින් මත්පෙති මිල දී ගැනීමට උත්සාහ ගන්නා බවද පොලීසිය සඳහන් කරයි. ඒ හේතුවෙන් සෑම ඔසුසැලකම ආරක්ෂිත කැමරා පද්ධතියක් පවත්වාගෙන යාමටත්, සෑම ඔසුසැලක්ම රාත්‍රී කාලයේ වසා තැබෙන බැවින් රාත්‍රි මුර සංචාරයේ නිරත වන පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් අධිකාරීවරයා පැවසීය. එමෙන්ම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මත්වෙන ඖෂධ…
රාජ්‍ය සේවකයන් සඳහා අයවැයෙන් ලබාදීමට පොරොන්දු වූ දීමනාවෙන් අඩක් හෙවත් රුපියල් 5000ක් මේ මාසයේ සිටම ලබාදීමට කැබිනට් මණ්ඩලය ඊයේ (8)තීරණය කළේය. රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් දස දහසක පඩි වැඩිවීමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් යෝජනා කළ අතර එම පඩි වැඩිවීමෙන් රුපියල් 5000 ක් ලබන අප්‍රේල් මාසයේ සිටද ඉතිරි රුපියල් 5000ක මුදල ඔක්තෝබර් මාසයේ සිටද ලබාදෙන බව අයවැයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. අයවැයෙන් වැඩි කෙරුණු මුදලින් රුපියල් පන්දහසක් වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමේ අරමුණින් ජනවාරියේ සිටම ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව රාජ්‍ය සේවකයන් සඳහා වැඩි කළ වැටුප් වැඩිවීමෙන්…
වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරිණි. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවටද කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
නිදහස ජනතා සභාව පසුගිය මාස අටක කාලය පුරාවට සියලු විපක්‍ෂ බලවේග සමඟ සාකච්ඡා කරමින් විපක්‍ෂයේ පාලමක් හදන්න උත්සා කළ ද එය අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (8) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. එම උත්සහය බලාපොරොත්තුවලට සාපේක්‍ෂව ආසාර්ථක වූවද එම උත්සහය අත්හැර නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව ද අලහප්පෙරුම මහතා කීය. මැතිවරණයක් ළං වන විට හයිජම්ප්වලට, ලෝන්ජම්ප් එකට පුහුණු වී ජයග්‍රහකයා වෙන්න ගොඩක් උත්සහ ඇති බව කී ඒ මහතා නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්‍ෂකයා ද සජිත් ප්‍රේමදාස මහතා…