Author: LANKA24X7

අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. මෙම සංශෝධනය යටතේ ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් මාරු කිරීමටද මහජන සුබසාධන ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීමටද නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. බංකොලොත් රට ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගීමට රජය ගෙන යන ආර්ථික සහ සමාජ සුභසාධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහයක් නොදී මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන අමාත්‍යංශ ලේකම්වරුන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි ලැබී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ජනතාවට නිසි සේවයක් නොලැබෙන බවට මහජන පැමිණිලි ලැබී ඇති අමාත්‍යංශ ලේකම්වරුන් සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනයක් කර ඇතැයිද එම ප්‍රකාශකයා…

Read More

ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ ස්ථානයට හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ආදේශ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්ෂණික කමිටුව ඊයේ 24) පස්වරුවේ අනුමැතිය දුන්නේය. යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග තරගයට සහභාගි වීමෙන් පසුව ආබාධයකට ලක්වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේය. ලෝක කුසලාන තරගාවලියකදී ක්‍රීඩකයෙක් ආබාධයට ලක් වීමෙන් පසුව වෙනත් ක්‍රීඩකයෙකු ආදේශයට කිරීමට නම් එම තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබීම අනිවාර්යය වේ.

Read More

ජල ගාස්තුව සඳහා සූත්‍රයක් හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකු (ADB) සමඟ එක්ව කරන සහයෝගී ප්‍රයත්නයක් ලෙස මෙම පිරිවැය ප්‍රතිසාධන සූත්‍රය හඳුන්වා දෙන බවද ඇමැතිවරයා කීය. ජල ගාස්තු සූත්‍රය හඳුන්වාදීමේ අරමුණ සමාජයේ අවදානමට ලක්විය හැකි සමෘද්ධි සහ අස්වසුම වැනි සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ආවරණය වන ජන කොටස් ආරක්ෂා කරන අතරම ජලය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමයැයි අමාත්‍යවරයා සඳහන් කළේය. ජල සම්පාදන මණ්ඩලය විසින් ලබා දී ඇති මිලියන 2.96 ක් පමණ වන ජල සම්බන්ධතා අතරින් වතු අංශය යටතේ ග්‍රාමීය ප්‍රජා…

Read More

ශ්‍රී දළදා වහන්සේ වඩම්මන ලද නැදුම්ගමුවේ විජය රාජා හස්තියා ගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා නිසි ස්ථානයක් තෝරා නොගැනීම මත සංරක්ෂණ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් හස්ති චර්මයේ ගුණාත්මකභාවය කෙරෙහි අවදානමක් මතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මෙම හස්තියා ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 2022 වසරේ මාර්තු 7 වැනිදාය. හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා ශ්‍රී දළදා මාළිගාව විසින් රුපියල් හාර ලක්ෂයකට ආසන්න මුදලක්ද කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් ලක්ෂ තුනකට ආසන්න මුදලක්ද වැය කරනු ලැබ තිබූ බව පවසන විගණන කාර්යාලය මෙයට අමතරව ශ්‍රී දළදා මාලිගාව දෙපාර්තමේන්තු වියදම් සඳහා රුපියල් ලක්ෂ 11 ක්ද දී තිබූ බව සඳහන් කරයි. හස්තියාගේ මෘත දේහයෙන් ඉවත් කළ චර්මය…

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත්, මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා දැනුම් දෙයි. නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාල ගෙවීම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි. ජයන්ත විජේරත්න මහතා මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය. අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය…

Read More

විදුලි බිල හරහා ජනතාවට කරන්ට් වද්දා ඇති ජනාධිපති ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව මේ මොහොතේ රඟ දක්වන්නේ ඔවුන්ගේ අවසන් ජවනිකාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කොළඹදී ඊයේ (24) පැවැසීය. ආණ්ඩුවට මෙම ජවනිකා රඟ දැක්වීමට ඇත්තේ තවත් මාස 10 කට අඩු කාළයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. අවුරුද්දකුත් මාස 2 ක් ඇතුළත රටේ විදුලි බිල සියයට 157 කින් වැඩිකර ඇති ආණ්ඩුව මේ සිදුකරන්නේ ලංවීම ප්‍රතිව්‍යුහගතකිරීමේ සුදානමට පුරං කෙටීමක් බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

Read More

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා ලබාදීමට එසේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් ඊයේ (24) සහ අද (25) ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන බව තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඊශ්‍රායල ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාල් සිස්සෝ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් තිදෙනෙක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ වීසා නොමැතිව සිටින සාත්තු සේවක සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයන් සදහා වීසා බලපත්‍ර ලබාදෙන ලෙසත් විසා අවසන් වීමෙන් පසුවත් ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා බලපත්‍ර අලුත් කරන ලෙසත් ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව තානාපති නිමල් බණ්ඩාර මහතා…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකියාව පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක වැඩසටහනකට සහභාගීවෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇති බවත් අයවැය පරාජය කිරීමටද හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය. නමුත් එවැනි දේ කිරීමට මේ අවස්ථාවේදී කටයුතු නොකරන බවද ඔහු කීවේය. ඇමතිවරුන් ඉවත් කළොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇතැයිද එස් බී දිසානායක මහතා පැවසීය.

Read More

රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අධි චෝදනා ගොනු කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2018 වසරේ සිට පසුගිය 2022 අප්‍රේල් මාසය තෙක් ය. ඉම්රාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ ඔහුට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංගයෙන් පරාජය වුණු බැවිනි. තමන් ධුරයෙන් ඉවත් කිරීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කුමන්ත්‍රණය කළේ යැයි ඉම්රාන් චෝදනා නගා තිබේ. ඒ, ඇමෙරිකා රජය සහ පාකිස්තාන රජය අතරේ හුවමාරු වුණු රහාස්‍ය රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් ද ප්‍රසිද්ධියට පත් කරමිණි. ඉම්රාන්ට අධිචෝදනා ගොනු කිරීම සිදුවී ඇත්තේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි.

Read More

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් දරුවෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. ඊයේ සවස මීගලෑව පොලිස් වසමේ වීරගොල්ල ප්‍රදේශයේදී සතුන්ට බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් වයස අවුරුදු 15ක පමණ දරුවෙක් එහිදී තුවාල ලබා තිබුණි. තුවාල ලැබූ දරුවා මීගලෑව රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට මාරුකර යවා තිබේ. වගා කටයුත්තක් සඳහා අවශ්‍ය ඉනි කැපීම සඳහා මිතුරන් දෙදෙනෙක් සමග අසල කැලෑ බද ප්‍රදේශයකට ගියවිටදී ඔහුට එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More