Author: LANKA24X7

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය සකස් කිරීමට ගැසූ මොන්ටිසෝරි ගැටයක් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. මෙවැනි අවස්ථාවලදී “පිටුව පෙරළුවට සීතා.. පොත දන්නවා රාමා” . යන ගීතය මතකයට එන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය විජේසිරි ගහපු ගැටය ගැන කාටත් වඩා හොඳින් ජනතාව දන්නා බවද ප්‍රකාශ කළාය. ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ (11)පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. රට ආර්ථික අර්බුදයෙන් මුදාගත් රනිල් වික්‍රමසිංහ මහතා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිය යුතු බව තමාගේ අදහස යයිද ඇය කීවාය.

Read More

නායයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් ඇල්ල කිනලන් වත්තේ වතු නිවාස පේළියක පදිංචිව සිටි පවුල් දහයක පුද්ගලයින් විසි අට දෙනකු ආරක්ෂිත පියවරක් වශයෙන් පදිංචි ස්ථානවලින් වාහම ඉවත් කළ බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පැවසීය. මෙම නිවාස පේළිය අසලින් නාය යාමේ මූලික ලක්ෂණ පහළ වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් මහතා පැවසීය. ඉවත් කළ පවුල්වල සාමාජිකයින් ඇල්ල කිනලන් වත්තේ දෙමළ විදුහලේ තාවකාලිකව කඳවුරක රඳවා ඇති බවද ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවද ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එන දුරකථන ඇමතුම් ලැයිස්තුව ගෙන බැලුවහොත් වැඩිම ඇමතුම් ලැබෙන්නේ සජබෙන් බව පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේදී බනින අය ඔහුට දුරකථන ඇමතුම් දී හුරතල් වන බවද අලුත්ගමගේ මහතා කීය. “ජනාධිපති ලේකම් කාර්යාලයට යන විට ඇත්තටම අපට ඉඩ නෑ. සජබෙ අයගෙන් ජනාධිපති තුමාගේ කාර්යාලය පිරිලා.හෙට අනිද්දා වන විට සජබෙ කී දෙනෙක් ජනාධිපතිතුමා සමග හිටගනීවිදැයි විපක්ෂ නායකතුමාට බලාගන්න පුළුවන් යනුවෙන් ද අලුත්ගමගේ මහතා කීය.

Read More

වැට් වැඩි කළාට විරුද්ධව ලබන 30 වැනිදා ජනතාව පාරට බස්සන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. එදා පළමුවෙන්ම ජනාධිපති කාර්යාලය අසලට ගොස් සටන පටන් ගත්තේ ද සමගි ජන බලවේගය බව කී මරික්කාර් මහතා ලබන 30 වැනිදාටත් අළු මතින් නැගිට ජනතාව සමග වැඩේ පටන් ගන්නා බව මරික්කාර් මහතා සඳහන් කළේය. අමතක වූ ඉතිහාසය නැවත ආණ්ඩුවට මතක් කර දෙන බව කී මන්ත්‍රීවරයා පස්ස බලන්නේ ආණ්ඩුව එළවා දමා බව කීය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට එරෙහිව නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජූලි මස 11 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (11) ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍ර‍මුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසියටත් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුකරයට අදාළ සංශෝධිත පෙත්සම තමන් වෙත ලැබී නොමැති බවය. ඒ අනුව අදාළ සංශෝධිත පෙත්සමේ පිටපතක්…

Read More

සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අඬපණ වී තිබේ. මේ හේතුවෙන් බදුල්ල මහ රෝහලේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා යුද හමුදාව කැඳවා ඇති බවය. වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ සේවය හා ඖෂධ නිකුත් කිරීම යනාදිය සාමාන්‍ය පරිදි සිදුකෙරුණු බව ද වාර්තා වේ. අප කළ විමසීමක දී රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා සිටියේ, රෝහලේ කණිෂ්ඨ සේවක මණ්ඩලය රාත්‍රී සේවා මුරය අවසන් කර පිටව ගොස් ඇති බවත් සෙසු පිරිස රාජකාරියට වාර්තා කර නොමැති බවත්ය. එසේ වුවත් හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව සිදුවන බව ද පැවසු වෛද්‍යවරයා, වෛද්‍යවරු සියලුදෙනා පැය 24 සේවය…

Read More

අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ විශ්‍රාම වැටුප් දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (10) දිනයේ අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ. 2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කළ යුතු ආකාරය එම චක්‍රලේඛයේ සඳහන්ය. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් දැනට මසකට රාජ්‍ය සේවකයෙකු සදහා ගෙවනු ලබන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 12,800ක්…

Read More

වයස අවුරුදු දෙකක දැරියක සහ පාසල් සිසුවියක ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු පෙරේදා (08) සහ ඊයේ (09) දින දෙකේදී අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙසේ අතුරුදන්ව ඇති අවුරුදු දෙකක් වයසැති දැරිය වැලිපැන්න පත්තිනියාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. අදාළ දැරිය සහ තිස් හැවිරිදි කාන්තාවක වන ඇයගේ මවද ඉකුත් 09 වැනිදා සිට ආගිය අතක් නොමැති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. එම කාන්තාව යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය තැනැත්තියක බවද සඳහන්ය. කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 14 වියැති පාසල් සිසුවියක්ද පෙරේදා සිට ආගිය අතක් නැතැයි එම නිවැසියන් කෝපායි පොලිසියට පැමිණිලිකොට තිබේ. වරකාපොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු මොරටුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක්, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 67…

Read More

අම්පාර, සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ අම්පාර, ගල්මඩුව ප්‍රදේශයෙන් ගමනාගමනය සීමා කර ඇති බව වාර්තා වේ. මේ අතර, අම්පාර ඉගිනියාගල ප්‍රධාන මාර්ගය සුදුවැල්ල ප්‍රදේශයෙන් වසා දමා ඇති බව ද සඳහන්ය.

Read More

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 23,000 ඉක්මවා ගොස් තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනි දින සිට මේ දක්වා කාලය තුළ සිදු කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 23,357 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. එමෙන්ම ප්‍රහාරවලින් පුද්ගලයන් 59,410 දෙනෙකු තුවාල ලබා ඇත. මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 147 දෙනෙකු මිය ගොස් තවත් 243 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

Read More