Author: LANKA24X7

හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. 2014 වසරේ අග භාගයේදී බිංගීරිය සහ නාරම්මල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීම මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීති ගත අවස්ථාවෙන් රුපියල් 61, 46110 ක මුදලක් ලබාගෙන එම කටයුතු සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගවට ගත් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කිය. එම මුදල් සාවද්‍ය පරිහරණය මෙන්ම පොදු දේපළ යටතේ සිදුකළ වැරදි බවට කරුණු අනාවරණය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. ඒ අනුව නීතිපතිතුමාගේ උපදෙස්…

Read More

එල් ටි ටි ඊ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් ගිණි අවි ජාවාරම් කරන ලදැයි කියන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සිවිල් ආරක්ෂක නියාමකවරයාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව තවත් ගිනි අවියක් හා ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ටි 56 ජීව උණ්ඩ 220 ක් ජි පි එම්ජි වර්ගේ ගිණි අවි සඳහා යොදන ජීව උණ්ඩ 01ක්, ගුවන් යානා නාශක අධි සඳහා යොදන ජීව උණ්ඩ 01 ක් හා මෙරට නිෂ්පාදිතබෝර 12 වර්ගයේ ගිනි අවියක්ද සොයාගෙන ඇත. පොළොන්නරුව කඳවුරට අනුයුක්ත වැලිකන්ද පොලිස් ස්ථානයේ සේවය කළ සැකකරු පදිංචි වැලිකන්ද , රුහුණු කෙත නිවස ආසන්නයේ සුභ සාධක සමිතියට අයත් දිරාපත් වී ඇති…

Read More

හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද සඳහා ප්‍රතිපාදන සැලසෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරුන් එන්නේ ස්වේච්ඡාවෙන් වැඩ කර ගෙදර යෑමට බවද ඔහු සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසු ආණ්ඩුවේ ගෙදරක් නොගත් බවත් ඒ ගැන තමා ඔහුට ස්තූතිවන්ත වන බවත් ජනාධිපතිවරයා කීවේය. ඔහු ඔහුගේ නිවසට ගිය බවද දිසානායක මහතා පැවසීය. හේමා ප්‍රේමදාස මහත්මිය ආණ්ඩුවේ ගෙදරක සැලකිය යුතු කාලයක් සිටි බව පැවසූ ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය සමාජගත වීමෙන් පසු ඇය නිවස බාර දුන් බවද සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් චිත්‍ර සිරි කමිටුව පත්කළ පසුව හිටපු ජනාධිපති ගෝඨාභය…

Read More

ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් රුපියල් 250,000 ක අල්ලස් මුදලක් ලබාගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ, බටහිර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියෙකි. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ සේවකයින්ට මාසිකව ගෙවනු ලබන මූලික වැටුප රුපියල් 5000 කින් වැඩි කළ යුතු බවත්, වැඩි කළ මුදලට අදාළව රජයට ගෙවිය යුතු සේවකඅර්ථසාධකය මුදල් ගෙවිය යුතු බවත් බවත්, මෙම ආයතනය සම්බන්ධයෙන් පෙර වැරදි ඇති බවත් දන්වා ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුවත් කර නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා සහ විමර්ශන කටයුතු සඳහා භාරයට ගත් ලේඛන…

Read More

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කර තිබෙන ඉල්ලීම ලබන 27 වන දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම නඩුකරය අද (22) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ම මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇත. ඒ අනුව අදාළ ඇප ඉල්ලීම ලබන විසිහත් වන දවස සලකා බලලා බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය. ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රමය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට…

Read More

නව තාක්ෂණය උපයෝගි කරගනිමින් කොළඹ නගරයේ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් හඳුනා ගැනීම සඳහා නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලීසිය මගින් හඳුන්වා දී තිබේ. මාර්ග අනතුරු අවම කරගැනීම සහ රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම නව ව්‍යාපෘතිය මගින් සිදුකිරීමට අපේක්ෂා කරයි. රියදුරන්ගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් පසුගිය කාල සීමාව තුළ කොළඹ නගරයේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුණි. මෙම මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා නව තාක්ෂණය උපයෝගි කරගත් මෘදුකාංගයක් හඳුන්වා දීම වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණි. මෙම නව මෘදුකාංගය මගින් කොළඹ නගරය තුළ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් කොළඹ ප්‍රධාන CCTV මෙහෙයුම් මැදිරියේ CCTV…

Read More

දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තවත් දෙදෙනෙකු ස්ථානමාරු කර තිබේ. ඒ අනුව, පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත. එමෙන්ම කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂකවරියක සහ උප පොලිස් පරික්ෂකවරයෙකු ස්ථාන මාරුකිරීමට පියවර ගෙන තිබේ. ප්‍රධාන පොලිස් පරික්ෂකවරිය කඩුගන්නාව පොලීසියටත් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස්පරීක්ෂකවරයා වෙලම්බොඩට පොලීසියටද ස්ථාන මාරු ලබා දී තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ…

Read More

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා UNESCO THE ආයතනය සමඟ 2022 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. එකී අවබෝධතා ගිවිසුමේ විධිවිධාන වලට අනුකූලව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ” පාර්ශ්වකරුවන් ජල සේවා කොටස් හිමියන් බවට පරිවර්තනය කිරීම පිණිස ප්‍රජා වගකීම් කළමනාකරණය ” යන තේමාව යටතේ ජලය සහ සෞඛ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විස්තීරණ ව්‍යාපෘති යෝජනාවක් IHE-Delft Institute for Water Education ආයතනය වෙත ඉදිරිපත්…

Read More

පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ බව කියන හිටපු හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල බද්දේගම සහ මහනුවර ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 39 සහ 25 වියැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය. කතිකාචාර්යවරයකු විසින් ඉංගිරිය ප්‍රදේශයේ දේවාලයක් ඉදිකර පවත්වාගෙන ගොස් ඇති අතර , එම දේවාලයට රටේ ප්‍රභූ දේශපාලකයන්ද පැමිණ ඇති බව පොලිසිය කීය. එම දේවාලයකින් දේව ප්‍රතිමා හතරක් සොරකම් කර ඇති බවට කතිකාචාර්ය වරයා පසුගිය අගෝස්තු 29 දා ඉංගිරිය පොලිසියට පැමිණිලි කර ඇති බවද පොලිසිය සදහන් කරයි.

Read More